මේ සිද්ධිය උනේ මම A/L කරපු කාලෙ. පොඩි හේතු කීපයක් නිසා මම දැන් තනිකරම බෝපැලයක් වගේ හිටියට ඉස්කෝලෙ කාලෙ මාර ම ෆන් එකෙන් හිටපු කෙනෙක්. යාලුවො එක්ක පිස්සු නට නට හිටියා මිසක් කොල්ලෙක් එක්ක යාලුවෙන්නවත් මගේ උනන්දුවක් තිබ්බෙ නෑ.
ඔහොම ඉන්න අතරෙදි තමයි මට එක කොල්ලෙක්ට හිත ගියෙ. එයාව දැක්ක වෙලාවෙ ඔලුවට නිකන් අකුණක් ගැහුවා වගේ ෆීලිං එකක් දැනුන නිසා “මූව මම කොහොමහරි යාලු කරගන්නවා” කියන තැනට ආවා. කොහොමහරි A/L වලට නුගේගොඩ පන්ති යද්දි තමයි ඒ ලමයව මම දැක්කෙ. ටිකක් ආඩම්බර පාටයි. හිනාවෙන්නෙම නෑ, ලොකු සීන්. තනියම ඉන්නෙ. මාර ම නීට්. හොයලා බලද්දි සෙන්ට් පීටර්ස් එකේ කොල්ලෙක්.
කොහොමින් කොහොමහරි මම මුගේ ඉස්සරිහන් යනවා, හින්ට් දෙනවා, ඇඟේ හැප්පිලා “සොරි” කියනවා, මෑන් කෙයා කරන්නෙම නෑ. අඩුගානෙ හිනාවෙන්නෙත් නෑ. මාත් එක්කම ක්ලාස් ගියේ ඒකාලෙ මගේ ක්ලාස් බඩී වෙච්ච නස්රියා කියලා මුස්ලිම් යාලුවෙක්. ඒකිත් පට්ටම ෆන්.
දවසක් මායි නස්රියා යි නුගේගොඩ ස්ටේෂන් එක ලඟ ඉද්දි මෑන් ඉන්නවා බස් හෝල්ට් එකේ. මම නස්රියා ට මෑන් ව පෙන්නුවා.
“ගෝ ගෝ මෙන්, ගෝ ඇන්ඩ් ජ්ස්ට් සේ ‘හායි’.
ඒ නස්රියා. (ලොකුකමකට නෙවෙයි, අපි සිංහලෙන් කතා කරත් එයා ඉංග්රීසියෙන් තමයි ගොඩක් කතා කරන්නෙ)
“මට මොකක්ද වගේ බන්. ඌ ලොකූ සීන් දුන්නොත්. නෝන්ඩියනෙ.”
“ඔහොම බෑ මෝඩි. ඉෆ් යූ නීඩ් හිම්, ගෝ ඇන්ඩ් සේ හායි. ගෝ ගෝ.” කියලා නස්රියා මාව තල්ලු කරා ඉස්සරහට.
ඉස්කෝලෙ යාලුවෝ එක්ක කොච්චර පිස්සු නැටුවත් මේ වගේ සිටුවේෂන් එකකදි හැසිරෙන්න තරම් මට මොරාල් එකක් තිබ්බෙම නෑ. කොහොමහරි නස්රියාගෙ අප් කිරිල්ල නිසාම මම ඇඟට ගැම්ම අරන් ඒ කොල්ලා ලඟට ගියා. දැන් මාව ඩිගි ඩිගි ගාලා ගැහෙනවා. ඌ උගේ පාඩුවේ ඉන්නවා. මම මෑන් ට පේන්න කිට්ටුවටම ගියා. එයා මගේ දිහා බලපු ගමන් මම හොඳට හිනා උනා. විලිලැජ්ජාවෙ බෑ මිනිහා මාව ගණන් ගත්තෙවත් නෑ.
හැරිලා ආයිත් යන්නත් හදලා නස්රියා “හායි” කියන්න කියලා කිව්වා නේද කියලා මතක් උන නිසා, ඕන දෙයක් වෙච්චාවෙ කියලා මම “හායි” කිව්වා. මම හායි කිව්වා විතරයි මෙන්න ඌත් කට පුරවලා හිනාවෙලා “හායි” කිව්වෙ නැතෑ….
ඒ හිනාව දැක්කා විතරයි මාව කලන්තෙ දාලා වැටුනෙ නැති එක විතරයි. කකුල් පණ නැති උනා. දාඩිය දැම්මා, වෙව්ලන්න ගත්තා. මම දිව්වා නස්රියා ගාවට. “යමු යමු….”
නස්රියා- “මොකද? වට් හැපන්ඩ්?”
මම -“යමන්කො. මම කියන්නම්.”
දෙන්නම දුවගෙන ගිහින් බස් එකක එල්ලුනා. බස් එකේ වාඩිවෙලා හති අරින ගමන් තමයි මම නස්රියා ට කතාව කිව්වෙ.
ඇත්තටම සිද්ධ උනේ මේකයි. මට පොඩිකාලෙ ඉඳන් නලදත් තියෙන අයව දැක්කම බයවෙන ෆෝබියා එකක් තිබ්බා. ඒනිසා නලදත් තියෙන යාලුවෙක්වත් ආශ්රය කරේ නෑ. වැඩේ කියන්නෙ අර කොල්ලා ට කට දෙපැත්තෙම නලදත් දෙකක් තිබ්බා. මම ඒක දැක්කෙ ඌට හායි කිව්වට පස්සෙ ඌ හිනා උනාම. මම පිස්සුවෙන් වගේ දුවද්දි ඌ බයවෙලා වගේ මගේ දිහා බලන් හිටියා කියලා මට නස්රියා බස් එකේදි කිව්වා.
ඔන්න ඔහොමයි මගේ පරම පිවිතුරු පලවෙනිම ක්රෂ් එකට ආදරේ ප්රකාශ කරන්න ගිහින් මම වැඩේ අනාගත්තෙ. එදායින් පස්සෙ A/L ඉවර වෙනකන්ම ඌ ඉන්න අහලකින් වත් මම ගිය් නෑ.
උපුටා ගැනීම: Keshika Niwarthanie