එක දවසක් තාත්තට අසනීප වෙලා පෞද්ගලික රෝහලක නවත්තලා තිබ්බා මට එයා ළග ඉන්න කියලා කිව්වා
පන්තියක් ඉවර කරලා ඇවිල්ලා අනිත් අතට රෝහලට ගියපු මට ලොකු තිබහක් ආවා
තාත්තාගෙ කෝප්පෙ තිබුනු තේ එහෙක ඉතුරු ටික මම දැක්කෙ ඒ වෙලාවෙ
මම පැනපු ගමන් ඒක බොන්න ගියේ …ඒත් තාත්තා මගෙ අතින් අල්ලලා මට කිව්වා
“ලොක්කි මට ටීබී වගේද කියලා බලන්න ටෙස්ට් එකක් කළා…ඕකෙන් බොන්න එපා පුතේ ..ආයෙ මට ටීබී නම් ඔයාටත් හැදෙයි”
ඒක කාටත් මගේ ජීවිතේ නොවටින කාලයක්
ඒ වෙලාවෙ මට ඇඩුනා…කාටත් නොවටින මගේ ජීවිතේ , ඒ ජීවිතේ මට දීපු මනුස්සයට වටිනවා නේද කියලා..
තාත්තා ගිය අවුරුද්දේ අප්රේල් තුන්වෙනිදා ගියා..යන්ඩම එපැයි නැත්තං කොහොමද ආයෙ මට තාත්තා වෙන්නෙ?
නැත්තං කොහොමද මං ආයෙ එයාගෙම දුව වෙන්නෙ
ඒකයි තාත්තා ගියේ
____________________________________________
දවසක් තාත්තට තනියට
මාව ඉස්පිරිතාලෙ යැව්වා
මම දැක්කා තිබහෙ ඉද්දි එතන කෝප්පෙක තේ එකක් තිව්වා
බොන්න යද්දි එපා ලොක්කි මට ක්ශය රෝගෙ වගේ තාත්තා කිව්වා
මගෙ “පණ” වටින ඒ ඇස් දෙක දිහාම බලාගෙන තාත්තෙක්ගෙ ආදරේ බිව්වා
කාලෙ හරි නිසා දෙයියො මගෙ රැකවරනෙ ඉස්සරහට එව්වා
ආයෙ මගෙ තාත්තා වෙන්නයි ඒ කවුරුත් නොදනී ඔව්වා
දුවෙකුගෙ ‘පණ’ වටින තාත්තෙක් මැව්වා
මතක් වෙන ගානේම මම කදුලු දෙව්වා
දවසක් අපිව හොය හොය කෝච්චියක් පස්සෙත් තාත්තා දිව්වා
ගිය බව මතක නැතුවත් මහගේ පුරාම ඔබව හෙව්වා
කවුරුවත් දන්නෙ නැහැ අඩන හිනාවල් එව්වා
අන්තිමට හිත හදන් “පණක්” බඳු තාත්තෙක්ව මම කවියක ලිව්වා
ඉශූ
උපුටා ගැනීම: Ishu S Weerawarna