“පණ්ඩුකාභය ආසියාට එරෙහි වූ පයිතගරස්” (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුලින්ම අඩයාලමේ හැමෝටම සුභ නව වසරක් පතන්න කැමතියි.
මේ ඉස්කෝලෙ 8 වසරෙ දි උන කතාවක්. අලුත් ඉස්කෝලෙ ගතකරපු පලවෙනි අවුරුද්ද හරියට වෙන ග්රහ ලෝකෙකට ගෙනත් දාපු ගානට ගෙවිල ගියත් දෙවනි අවුරුද්ද ඒ කියන්නෙ 7 වසර සෑහෙන සාර්ථකව ගත කරල දැං 8 වසරෙ අපි.
7 වසරෙ පන්තිය එහෙමම 8 ට ගියා. පන්ති කැඩුනෙ නෑ. පන්තියේ සෙට් එකත් බොහොම ෆිට්. ඉතිං මොකක් හරි ෆ්රී පීරියඩ් එකක් අහු උනොත් ග්රවුන්ඩ් එකට ගිහිං ක්රිකට් මැච් එකක් ගහන එක අපේ පුරුද්දක් වෙලා තිබුණෙ.
පන්තියෙන් මේ වැඩේට පෙරමුණ ගන්නෙ පන්තියෙ හිටපු පොඩිම එකා. “කොස් ඇට” දෙකක් වත් උස නැති උනාට පුදුම කට සැරක් තිබ්බෙ. වලි දාගන්න යන්නෙ මෑන් ගෙ සයිස් එකේ උන් එක්ක නෙමයි. අතිං පයින් බැරි උනාට කටිං ගහල දිනීමේ හැකියාව උපරිමයි. ක්රිකට් ගැහුවොත් හැමදාම ඕපන් බැට් කරන්නෙ , ඕපන් බෝල් කරන්නෙ මෑන්.
ක්රිකට් නැත්නම් කොරිඩෝ එකේ “වන් බම්ප්”. “වන් බම්ප්” කියන්නෙ ඒ කාලෙ අපේ ජාතික ක්රීඩාව ගානට ලේ වල තිබ්බෙ ගේම් එකක්. නැත්නම් “ෆ්රෙන්ච් ක්රිකට්”.
තව පන්තියට කාඩ් පැක් එකක්, දෙකක් ගෙනාපු උනුත් හිටියා. අර කලිං කියපු “කොස් ඇට” සයිස් ඩෑල් එකත් එහෙම එකෙක්. ඉතිං හතරක් සෙට් වෙලා “ඕමි” ගහනවා. ටීචර් කෙනෙක් නැති ෆ්රී පීරියඩ් එකක් ලැබුණ කියන්නෙ ඉතිං විනෝද සාගරයක්.
හැබැයි අපේ මේ විනෝද සමයට උදැල්ල දාපු භයානක ග්රහයෙකුත් හිටියා. ඔව්, ඒ වෙන කවුරුත් නෙමෙයි. ජ්යේශ්ඨ ශිෂ්ය නායකයෙක්. අඩි 6ක් විතර උස, තරමක් පැහැපත්, කොණ්ඩය පැත්තට බෙදල හිටපු කෙනෙක්. මූණ නං තාමත් මතකයි, හැබැයි නම නං මතක නෑ.
8 වසරෙ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේ ශිෂ්ය නායක තුමා “කාඩ් පැක් අත් අඩංගුවට” ගැනීමේ සිට “ඩිටේශන්” දැමීම ( පාසල් කාලයෙන් පසු රඳවා තබා ගැනීම් ) දක්වා වූ විවිධ ක්රම භාවිතා කලා. “ලුමිනස් ෂූස් හෝ ඇන්කල් ෂූස්” එහෙම දාගෙන ඉඳල අහු උනොත් විනාසයි. ගලව ගෙන යනවා. ඊට පස්සෙ දාගෙන ආපු උන් ඉස්කෝලෙ ඇරෙනතුරු සපත්තු නැතිව ඉන්නෙ. ඉස්කෝලෙ ඇරුනට පස්සෙ තමයි ආපහු ගන්න පුලුවන්.
( හොඳ වෙලාවට ඒ කාලෙ මට ලුමිනස් , ඇන්කල් ෂූස් නොතිබ්බෙ )
එයාගෙ තව තිබ්බ ලොකුම විනෝදාංශය උනේ මගෝඩි වැඩක් කරල අහු උන වැරදකරුවන් ලවා කලු ලෑල්ලෙ ගණන් සෑදවීම. 8 වසරෙ උන්ට ඇඬෙන සමීකරණ විසඳන්න දුන්නෙ.
මේ සමීකරණ හේතුව නිසා එතුමට පොදුවේ කාඩ් එකක් රෙජිස්ටර් උනා 8 වසරෙන්.
“පයිතගරස්” නැත්නම් ශෝට් ෆෝම් ” පයිතා ” .
“පයිතගරස්” 8 බිල්ඩින් එකට ඇතුල් වෙනකොටම මුලු බිල්ඩින් එකටම නිවුස් එක යනවා ” ඔන්න පයිත එනෝ ” කියලා. ෆ්රී පීරියඩ් වල කාඩ් ගහපු උන් කාඩ් පැක් හංගල බොහොම නිශ්ශබ්දව, ශාන්ත දාන්තව පාඩම් වැඩක් කරන්න ගන්නව. කවුරුවත් මීක් නෑ.
සමහර උන් ආතල් ගන්නත් එක පාරට ” පයිත එනෝ” ගාල ඇවිත් පන්තියෙන් වාඩි වෙනව. පන්තියම මීයට පිම්බ සේ නිහඬ වෙන්නෙ ක්ෂණිකව.
8 සෙක්ශන් එකේ උන් මොන මගෝඩි වැඩේ කලත් “පයිතගරස්” ගැන අවධානය අඩු කලේ නෑ. ඒ තරම් බැඳීමක් අපි අතරෙ තිබ්බ ඒ කාලෙ තිබ්බෙ.
කොච්චර අවධානයෙන් හිටියත් දවසක් ෆ්රී පීරියඩ් එකක ක්රිකට් ගහන්න ගිහිං අපේ මුලු පන්තියටම “ඩිටේශන්” සෙට් උනා “පයිතගරස්” ගෙන්. පන්තියෙම ශිෂ්ය වාර්තා පොත් ටික ලොක් කරල තිබ්බ පන්ති කබඩ් එකේ දොර ඈත් කරල ඇතුලට දාල තමයි එදා “ඩිටේශන්” එක රෙකෝඩ් බුක් එකේ නොලියවා බේර ගන්න පුලුවන් උනේ. ( යතුර ක්ලාස් ටීචර් ගාව ) ඒ දීප්තිමත් අදහස නං ඉතිං මේ මම තුමා ගෙ තමා.
ඊට පස්සෙ තවත් දවසක් ෆ්රී පීරියඩ් එකක කාඩ් ගහල අපේ පන්තියෙ උන් ” පයිතගරස්ට” මාට්ටු. කාඩ් පැක් කිහිපයක් “පයිතගරස්” ගේ අත් අඩංගුවට පත් උනා. කාඩ් ගහපු උන්ට සුපුරුදු පරිදි බ්ලැක් බෝඩ් එකට ඇවිත් සමීකරණ විසඳීමේ භාග්යයත් ලැබුණා.
කාඩ් ගහන්නත් ඕනෙ. “පයිතගරස්” ගෙන් බේරෙන්නත් ඕනෙ. 8 වසරෙ පන්තියක ඉන්න උන් මෙහෙම දවස ගානෙ කාඩ් පැක් කොහෙන් හොයන්නද?
ඒ සතියෙ ඉතුරු දවස් කිහිපය කාඩ් පැක් නොතිබූ දවස් විදිහට ගත වෙලා ගියා. ෆ්රී පීරියඩ් වල තිබුණෙ සුපුරුදු පරිදි “පයිතගරස්” ගේ දැඩි පාලනය.
ඊ ලඟ සතියෙ සඳුදා උදා උනා. අපේ කාඩ් ක්රීඩකයෙක් අලුත් පැක් එකක් අරං ආවා. අපි 4 දෙනක් ෆ්රී පීරියඩ් එකක කාඩ් ගහන්න සෙට් උනා.
හැබැයි ඒකෙ “ඉස්කෝප්ප, හාරත, රුවිත්, කලාබර” කියන අපිට සුපුරුදු වංශ හතර නං තිබ්බෙ නෑ පිං වතුනි.
ඒ වෙනුවට ඒකෙ තිබ්බ “පණ්ඩුකාභය, දුටු ගැමුණු, පරාක්රමබාහු, විජයබාහු” කියල අලුත් වංශ හතරක්.
ඔව්, අපේ මිත්රය ගතකරපු සති අන්තයේ දි කාඩ් පැක් සයිස් එකට කාඩ් බෝඩ් වලින් කාඩ් පැක් එකක් නිර්මාණය කරල. ඇඳපු රූප ලස්සන නැති උනත් අපේ වැඩේට ඉස්තරම්.
” තුරුම්පු – දුටු ගැමුණු”
“විජයබාහු බාල්දුයි”
” පරාක්රමබාහු ආසියව දුටු ගැමුණු හතෙන් කැපුව”
වගේ දෙබස් ටිකක් තමා ඇහුනෙ.
“ඉස්කෝප්ප, රුවිත” එහෙම නැති නිසා අපිට “පයිතගරස්” ගෙන් බේරෙන්නත් පුලුවන්.
ඉතිං එදා කොච්චර ගැම්මං හිටියද කියනව නම් ” පයිතගරස්” පන්තියට එනකම් දන්නෙ නෑ මිත්ර වරුනි.
සාම්ප්රදායික කාඩ් පැක් එකක් අත්ඩංගුවට ගන්න ආපු “පයිතගරස්” අපේ මිත්රයගෙ අලුත් නිර්මාණය දැකල හොල්මං උනා.
“රුවිත, හාරත” නැති නිසා අපි ගැම්මෙං හිටියට “පණ්ඩුකාභය, විජයබහු” ගෙන් උනත් ඉස්කෝලෙ කාඩ් ගැසීම වැරද්දක් නිසා යලිත් කලු ලෑල්ලේ සමීකරණ විසඳීමේ මහඟු අවස්තාව අපිට හිමිවුනා.
ඒත් ” පයිතගරස්” අපේ මිත්රයගෙ නිර්මාණශීලීත්වයට ප්රසංශා කරල ආපහු කාඩ් පැක් එක එයාටම දීල ගියා.
පසු සටහන
“පයිතගරස්” තමං ගෙ රාජකාරිය අකුරටම කලා ඒ අවුරුද්දෙ. මුලු 8 වසර සෙක්ශන් එකම ටීචර්ස්ලට වඩා “පයිතගරස්” ට සීරුවෙන් හිටියා. බ්ලැක් බෝඩ් එකට ඇවිත් සමීකරණ හදාගන්න බැරුව අසරණ වෙන වෙලාවට “පයිතගරස්” පන්තියට ම ඒ පාඩම කියල දුන්න. අපි දැනගත්ත විදිහට ඒ වෙද්දි එයා මොරටුවෙ ඉංජිනියරිං ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා හිටියෙ.
අපේ “කාඩ් පැක් නිර්මාණ ශිල්පියා” උසස් පෙළ කාලෙ පොතක් ලියන්න උත්සාහ කලා. ඒ අපි හැමෝම “සුළඟවගේ ඇවිදින්” කියවල ” වරුණි අක්ක” ගැන පිස්සු වැටිල හිටපු කාලෙ. ඒක සම්පූර්ණ කලාද යන්න ස්ථීර නොවුනත් මීට අවුරුදු දෙකකට විතර කලිං අග්රගන්ය “විද්යා ප්රභන්ධයක්” මුද්රණ ද්වාරයෙන් එළි දක්වන්න ඔහුට හැකි උනා.
ඔව් , ඒක ඉතාම නිර්මාණශීලී අති විශිෂ්ඨ සංකල්පයක්. විද්යා ප්රභන්ධ කියවන්න කැමති අය සිටී නම් මෙන්න ඔබට පොතේ නම – ” මැවුම් කරුගේ නිර්වාණය”.
උපුටා ගැනීම: Harshan Indika Sirimanna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!