අයෝමි මීට මාස 4 කට පෙර පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකාරිනියක් විදියට සේවයට බැදුනි. මීට පෙර රැකියාවක් නොකෙරූ අයෝමි රැකියාව ස්තිර කර ගැනීම පිලිබඳ දැඩිලෙස බලාපොරොත්තු ඇතිව වැඩකටයුතු කලාය. ඇයට බොහෝ වැඩ පැවරී තිබුනි . එනිසාම ඇය සිටියේ අධික වැඩ කටයුතු නිසාත්, කිසියම් වැඩකටයුත්තක් මගහැරුනොත් ඇයට සේවය ස්තිර නොවේ යැයි ඉතාමත් බියෙනි. එනිසාම ඇය අධික ලෙස මානසික පීඩනයට ලක්ව සිටියාය.
හදිසියේම ක්ලාන්ත ගතියෙන් ඇය කාර්යාලයේ දී බිම ඇදවැටුනි. ඇයට හුස්ම ගැනිමට අපහසු වී වේගයෙන් කෙටි හුස්ම ගන්නට විය . අධික ලෙස දහඩිය දැමීය . ඇය මරණ බියෙන් කෑගැසුවාය. පපුවට අත තබාගෙන ඈ අමාරුවෙන් කෑගැසීය. කාර්යාලයේ සියලුම දෙනා සිතුවේ ඇයට දරුනු හෘදයාබාධයක් සෑදී ඇති බවයි . ඇය ඉක්මනින් ලගම ඇති රෝහලට ඇතුලත් කෙරිණි .
වෛද්‍ය පරීක්ෂණ වලට අනුව ඇය ට කිසිම රෝගයක් නොතිබිණි . එහෙත් ඇය නිතරම මෙම තත්ත්වය නිසා පීඩා වින්දාය. ඇගේ මිතුරියක් විසින් මීට වසරකට පෙර මනෝ ප්‍රතිකාර සදහා මාහමුවට කැදවා ගෙන ආවාය. ඇය සමග සාකච්ඡා කිරීමේදී ඇගේ මේ තත්ත්වයට හේතු වූයේ අධික බලාපොරොත්තුව නිසා ඇතිවූ මානසික තත්ත්වය නිසා ඇති වූ බවයි .එහෙත් ඇය සිතන්නේ ඇයට හෘදයාබාධයක් ඇතිබවයි එනිසාම රාත්‍රි කාලයේදී හුස්ම හිරවී මිය යාදෝයි ඇය බයෙන් සිටින්නීය . මේ තත්ත්වය නිසාම ඇය විදුලි සෝපානයේ ගමන් කරන්නේ නැත ඇයට හුස්ම හිරවී මිය යාවිද බයක් දැනෙන්නේ ය.එසේම කාර්යාලයේ ජනේල වසා ඒ.සී . ක්‍රියා කරනවාට ඇය අකමැති ය . එසේ කිරීම නිසා හුස්ම හිරවී මිය යාවිදෝයි බියටපත් වන්නී ය.
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබේ . කිසිම හේතුවක් නොමැතිව හදිසියේම ඇතිවන තමා මිය යාමට ආසන්න යැයි සිතීම . එසේම බරපතල ව්‍යවසනයක් ඉතා ආසන්න යැයි දැනීම ද එයට බෙහෙවින් බය වී කලබලයට පත් වීමද හේතුව කි .මෙම රෝගයේ ප්‍රධානම ලක්ෂණ මේවාය.
මෙම තත්ත්වය ඇති බොහෝ දෙනෙක් මෙය පිටතට පෙන්වන්නේ නැත . එහෙත් සමහර අවස්ථාවකදී රෝග ලක්ෂණ ඉස්මතුව පෙනෙයි.
* හදිසියේම හුස්ම ගැනීමට නොහැකි බව පවසයි
* හෘද ස්පන්දනය වැඩිවීමත් ,
* අත පය පනනැතිවී යයි.
* දිවකට වේලීයාම
* ඇග හිරිවැටීම,
* දහඩිය දැමීම
* බඩ පෙරලීම
ආදී ලක්ෂණ පහලවන්නේ ය.
මෙම රෝගයෙන් පෙලෙන ඇතැම් රෝගීන්
# නෑමේදී මුහුණ මතින් වතුර වැටෙද්දී හුස්ම හිරවී මිය යාවිද සිතෙන්නේ ය .
# කවුලු වසා ඇති කාමර හා වාහනවලට ඇතුලුවීම හුස්ම හිරවී මිය යාවිද බියටපත් වෙයි පත් වේ.
පැනික් රෝගයට ජානමය බලපෑමක් ඇතැයිද ඇතැම් පරීක්ෂණ වලින් හෙලිදරව් වේ. වේගයෙන් හුස්ම ගැනීමේදී කාබන්ඩයොක්සයිඩ් මොළය තුළ ට වීමද මෙම රෝගයට හේතුවක් ලෙස තහවුරු වී ඇත .
මෙම පැනික් තත්ත්වය මනෝ විද්‍යාවේදී වර්ග කරන්නේ උග්‍ර නොවන අසනීප තත්ත්වයක් ලෙසයි . එහෙත් මෙම රෝගයෙන් පෙලෙන රෝගියා ඉන් දැඩි අපහසුතාවයට පත් වේ.
පැනික් තත්ත්වයට ප්‍රතිකාර තිබේ . ඒ සදහා නිසි මනෝ ප්‍රතිකාර ලබා දිය යුතුය . ඒ අතර තුර ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම තුලින් කෙටි කලකින් මෙම තත්ත්වය සුවපත් කරගත හැකිය .
උපුටා ගැනීම: ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල – මීගමුව
0774071401 / 0714827988