අඩයාලමේ කතා කියවන එක පුරුද්දට ගිහින් ඒ කියවද්දි මතක් උනු පොඩි සිද්ධියක් තමයි මේක,හිනා යයිද දන්නෙ නෑ එත් කතාව කියන්නම්
මේ සිද්ධියත් උනේ මම O/L පංති යන කාලේ ඉංග්රීසි පංතියේදි.අපේ අම්මා මාව ඉංග්රීසි පංතියට භාරදුන්නෙ “සර් මුව මකවලා හරි කමක් නෑ මුගේ ඉංග්රීසි ටික හදලා දෙන්න” කියන ඉල්ලිමත් එක්කමයි. මේ පංතියට දවස් දෙක තුනක් යද්දි ජාඩියට මුඩිය වගේ ඉදපු මගේ හොදම යාළුවත් සෙට් කරගන්න මට පුළුවන් උනා..ඌත් ආවා කියන්නෙ ඉතින් ෆුල් ආතල්..මගේ ඕනි ගොන් වැඩකට ඌ ගුටි කන්න හරි කියලා සපෝට් එක දෙනවා. පංතියේ පිටිපස්සේ පෝලිමේ ඉන්න කවදාවත් මට,යාළුවටයි චාන්ස් එකක් හම්බවෙන්නෙම නෑ.මොකද අම්මා සර්ට කියපු කතාව නිසාද මන්දා මාව දැකපු ගමන් සර් මාව කතා කරලා ඉස්සරහම පෝලිමට ගන්නවා.ඉතින් පිටි පස්ස පෝලිම් වල මට ඉන්න හම්බවෙන්නෙම නෑ.පංතියේ තව කොල්ලො සෙට් එකක් ඉදියා උන් වෙන ඉස්කොලේක.අපිත් එක්ක වැඩිය ෆිට් එකක් තිබුනෙත් නෑ.උන් පංතිය ඉස්සරහට ගන්නවා කියන්නෙ කරන්න බැරි වැඩක්..උන් ඒ තරමට නසරානි විදියට පංතියේ ඉදියේ..
මේ සිද්ධිය වෙච්ච දවසෙත් පිටිපස්සේ පෝලිමක වාඩිවෙන්න ගිය මටයි,යාළුවටයි වෙනදා වගේ ඉස්සරහා පෝලිමකට යන්න උනේ සර් එන්න කියලා කියපු නිසා..දැන් මටත් කෙන්ති,ඇයි යකෝ? හැමදාම පංතියේ ඉස්සරහා පෝලිමට වෙලා ඉන්න පුළුවන්යැ..අරුන් සෙට් එක හැමදාම පංතියේ පිටිපස්ස පෝලිමට වෙලා කෙල්ලන්ට ටෝක් කර කර ආතල් එකේ ඉන්නවා..මේකට විසදුමක් හොයා හොයා ඉද්දි මට කල්පනා උනේ අරුන්ගෙත් ආතල් එක කුඩුකරලා උන්වත් පංතියේ ඉස්සරහා පෝලිමකට ගන්න ඕනි කියන අදහස ඒක කල්පනා කර කර ඉද්දි හොද අදහසක් ආවා මම ඒක මගේ අතිජාත මිත්රයට කිව්වම ඌත් ඔලුව වනලා ඒකට එකග උනේ
” අවුලක් නෑ කරපන් හැබැයි අහුවුනොත් අරුන්ගෙන් ගුටි කන්න වෙයිද දන්නෙ නෑ” කියලා
ඕනි මගුලක් වෙච්චාවේ කියලා හිතලා පොතෙන් කොළයක් කඩලා සර්ට චිට් එකක් ලිව්වා..
“සර් අරූන් දෙන්නව විතරක් හැමදාම පංතියේ ඉස්සරහට ගන්නවා අපිටත් ඉගෙන ගන්න ආසයි එත් ඉස්සරහට එන්න ලැජ්ජයි කෙල්ලෝ හිනාවෙන නිසා,අනේ සර් අපිවත් ඉස්සරහට ගන්න”කියලා උන් ලියපු විදියට චිට් එකක් ලියලා සර්ට නොපෙනෙන්න අපිට ඉස්සරහින් තිබුන මේසේ උඩින් තිබ්බා..ටික වේලාවකින් චිට් එක දැකපු සර්ගෙත් ඇස් උඩ ගියේ චිට් එකේ තියෙන දේවල් හිතාගන්න බැරුව..
“කසුන්(අැත්ත නම නෙමෙයි),චිට් ලිය ලිය ඉන්න ඕනි නෑ,අදින් පස්සෙ හැමදාම පංතියේ ඉස්සරහා පෝලිමේ ඇවිත් වාඩි වෙන්න,දැන් ඉතින් පොත් ටිකත් අරන් කට්ටියම ඉස්සරහට එන්න”
අරුන්ගේ කටවල් ඇරිලා ඇස් දොට්ට පනින සයිස් එකට ඇවිත් එක එකාගේ මුණවල් දිහා මාරුවෙන් මාරුවට බල බලා ඉදලා කරන්න දෙයක් නැතිම තැන අපිට ඉස්සරහා පෝලිමේන් ඇවිත් වාඩිවෙලා තෘෂ්ණිම්භුත වෙලා බලන් ඉන්නවා උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව, බැරිම තැන මළපැනපු උන්ගේ එකෙක් උන්ගේ සෙට් එකට බනින ගත්තා..
“පිස්සුද හු#$% උඹලට මොන ප$යද චිට් ලිව්වේ පංතියේ ඉස්සරහට ගනින් කියලා”
” අපිට පිස්සු කියලා හිතුවද හු@$$ චිට් ලියලා ඉස්සරහට එන්න”
“මොන හු@#$ ඒ උනේ”
දැන් මෙන්න මේ විදියට ඉංග්රීසි පංතියේ උන් සුද්ද සිංහලේ බැන බැන රණ්ඩු වෙනවා..මටයි,මගේ යාළුවටයි හිනාව පාලනය කරගන්න බැරුව අතින් කට වහගෙන හිනා වෙනවා..ඒ මදිවට උන්ට කෙල්ලොත් හිනා වෙනවා..උන්ට තවත් කෙන්ති ඉතින්.
කොහොමින් කොහොමහරි මට ඕනි දේ උනා..එදා ඉදන් උන් අපිට ඉස්සරහා පෝලිමේ අපි දෙන්නා උන්ට පිටිපස්සේ..පස්සේ කාලයක් යද්දි අපි උන් එක්ක ෆිට් උනත් තාමත් උන්ට අභිරහසක් එහෙම චිට් එකක් ගියේ කොහොමද කියන එක..
උපුටා ගැනීම: Umantha Tharuka UT