කොහොමද ඉතින් ඔයාලට ?? ඒලවෙල් ගැන හිත හිත සෑහෙන්න ආතතියෙන්ද ඉන්නෙ ? එහෙනම් මේ ලිපිය ඔයාටමයි. මම අද කියලා දෙන්න යන්නෙ හරිම ස්මාර්ට් විදියට පේපර්ස් වලින් ලකුණු මවන විදිය ගැන කියලා දෙන්නයි. ඔයා ඉස්කෝලෙන්, ක්ලාස් වලින් ඉගෙනගෙන තියනවා.ඇතිවෙන්න නෝට්ස් ලියලා,කියවලා තියනවා. ඔයා කියයි මට දැන් ඒවා මතක නැහැ කියලා.ඒත් ඒ දේවල් ඔයාගෙ ඔලුවෙ තියනවා.ඒ දැනුම මද වශයෙන් හරි තියනවා.
ගේම් එක දිනන්න නම් හරියට ප්ලේ කරන්න නම්, ගේම් එක ගැන හරියට දැනගෙන ඉන්න ඕන, හොද පුහුණුවක් තියෙන්න ඕන.සමහර ලමයි ඉන්නවා ගොඩාක් මහන්සි වෙන්නෙ නැතිව හොද රිසල්ට්ස් ගන්න.මේ ලිපියෙන් මම කියලා දෙන්නෙ පේපර්ස් වලින් ලකුණු මවන ට්‍රික්ස් ගැනයි.
උපරිම ලකුණු ගන්නවා කියලා හිතන්න.

අංක එක තමයි ඔයා මොනදේටත් කලින් ඔයාගෙ මනසෙ හොද දේවල් තැන්පත් කරගන්න ඕන. මට බෑ, මම දන්නෑ,මම වැඩ කලෙ නෑ කියලා හිතුවොත් බෑම තමයි. ඔයා ඉස්කෝල් ගියා, ක්ලාස් ගියා ඒ කියලා දීපු දේවල් අහගෙන හිටියා.ඉතින් කොහොමද කියන්නෙ ඔයා වැඩ කලේ නෑ කියලා ? ඉස්සෙල්ලම හිතන්න මට හොද දැනුමක් තියනවා කියලා. පේපර් එකක් ලියන්න ගන්නකොට හිතාගන්න ” මම මේ පේපර් එකෙ හැම ප්‍රශ්නයකටම නිවරදිම උත්තර ලියනවා මම මගෙ උපරිමයෙන් කරනවා ” කියලා.
MCQ 50/50ම ගමු.

Mcq වලට 50ම ගමු කිව්වම ඔන්න කලබල වෙන්න නම් එපා. ඉස්සෙල්ලා කිව්වා වගෙ අපි හැමදෙයක්ම උපරිමයෙන් කරන්න උත්සාහ කරමු. Mcq ප්‍රශ්නයක උත්තර 4ක් තියනවා.ඉස්සෙල්ලම ප්‍රශ්නය හොදටම කියවන්න.දැන් උත්තර 4ම බලලා ඉස්සෙල්ලම විය නොහැකිම ටික කපන්න. ඔයා උත්තර හතරම අල්ලගෙන හිතලා හතරෙන් එකක් තේරුවොත් හරියන්න තියන සම්බාවිතාවය 25%යි. අපි හිතමු වෙන්නම බැරි දෙකක් කපලා දෙකක් ඉතුරු කරගත්තා කියලා.මෙතනින් එකක් තේරුවම හරියන්න පුලුවන් සම්බාවිතාවය 50%යි.
දන්න දේවල් උපරිමයෙන් ලියමු.
Structure සහ essay කොටස් වලට උත්තර ලියනකොට ඉස්සෙල්ලම හොදට ප්‍රශ්නය කියවන්න.මේ ප්‍රශ්න වලට උත්තර සමහර විට ප්‍රශ්නය තුලම තියෙන්න පුලුවන්.එහෙම අහුවෙන, නැත්තම් වැදගත්ම පොයින්ට් වලට අනුව උපරිමයෙන් දන්න දේවල් ලියන්න.
දන්න දේවල් වේගයෙන් ලියන්න.

ඔයා හොදටම දන්න දේවල් ටික උපරිමයෙන් ටිකක් වේගයෙන් ලියන්න. ඔයා ටිකක් හෙමිහිට ලියලා කාලය ඉවර කරගත්තොත් නොදන්න දේවල් වලට මොකක්මහරි ගැටයක් ගහලා ලකුණක් දෙකක් එකතු කරගන්න තියන අවස්ථාව නැති කරගන්නවා. දන්න දේ හොදට ටිකක් ඉක්මන් කරලා ලියන්න.හැබැයි කලබල වෙන්නත් එපා. මනස සන්සුන්ව අත ටිකක් වේගවත් කරගන්න කියලයි මම කියන්නෙ.
නොදන්න දේවල් වලටත් දන්නවා වගෙ උත්තර ලියමු.
ඔයා දන්න කියන දේවල් ටික ලියලා ඉවර වුනාට පස්සෙ නොදන්න දේවල් ඉතුරු වෙනවා.වෙලාවත් ඉතුරු එකේ නොදන්න දේවල් ටිකට පුලුවන් විදියට දන්න විදියට කොහොමහරි ගේමක් ගහන්න ඕන.ඉතින් කොහොමහරි මේ නොදන්න දේවල් වලින් පවා ලකුණක් දෙකක් වුනත් වැඩි කරගන්න පුලුවන්.
පුහුණුව තමයි වැදගත්ම.
ඉස්සෙල්ලා කියපු හැම ට්‍රික් එකක්ම කරන්න ඕන නිශ්චිත කාලයක් ඇතුලතයි.නිසි කාලය තුල උපරිම ගේමක් ගහන්න නම් හොදම මට්ටමක පුහුණුවක් තියෙන්න ඕන. පේපර් වලට උත්තර ලියලා පුරුදු වෙන්න කියන්නෙ අන්න ඒ නිසයි. පේපර් ටිකක් අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියලා ඔයාම චෙක් කරන්න. ටිකක් කල් පේපර්ස් කරගෙන යනකොට ඔයාටම තේරෙයි ඔයාගෙ ලකුණු මට්ටම වැඩි වෙන විදිය.
