පරිගණක විද්‍යා සාමාන්‍ය උපාධිය
පරිගණක විද්‍යාවට අදාල වෘත්තීන් කිරීමට ,හැදෑරීමට උනන්දුවක් දක්වන භෞතික විද්‍යා විෂය ධාරාවේ සිසුන්හට මෙම උපාධිය හැදෑරිය හැකි අතර කාලය වසර තුනක් දක්වා දිවෙයි.ඒත් අධ්‍යයන වර්ෂයක් සඳහා සිසුන් 90ක පිරිසක් බඳවා ගැනීම සිදු කරයි.ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකරන මෙම උපාධි පාඨමාලාව මගින් බොහොමයක් ක්ෂේත්‍රයන් වල පරිගණක විද්‍යාවට අදාළ වෘත්තීන් සිදු කිරීම සඳහා අවස්ථාවන් බොහොමයක් සැලසෙයි.
පරිගණක විද්‍යාව යනු පරිගණකය සැදුම් ලත් සැදුම්ලත් දෘඪාංග සහ මෘදුකාංග වල සංකීර්ණයන් පිළිබඳව අධ්‍යයනය කිරීමයි.ඒ වගේම එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සහ තාර්කික ක්‍රමලේඛයෙන් පිළිබඳව ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කිරීම මගෙන් පරිගණක දෘඪාංග සහ මෘදුකාංගයන් වල දෝෂ නිරාකරණය කිරීම සහ දෝෂ ඇති වීම වළක්වා ගැනීමට අදාළ දැනුම ලබාදීම සිදුකරයි.ඒ වගේම මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව,පරිඝණකකරණය සහ බුද්ධිමත් පරිගණකකරණය අනෙකුත් විෂය ක්ෂේත්‍රයන්ද ආවරණය කරනු ලබයි.
පරිගණක විද්‍යාවට අදාළ සියලුම න්‍යායාත්මක දැනුම වගේම වෘත්තීමය සුදුසුකම් වලට අදාල කුසලතා පරිපූර්ණත්වයද ලබාදීම සිදුකරන මෙම පරිගණක පාඨමාලාව ඔස්සේ ඔබට ලබාගත හැකි වෘත්තීමය අවස්ථාවන්.

බැංකු,රක්ෂණ සමාගම්,ඉලෙක්ට්‍රොනික කර්මාන්තය,මධ්‍යම සහ පළාත් පාලන ආයතන,ව්‍යාපාර වැනි මහා පරිමාණ පරිගණක කළමණාකාරීත්වයක් තිබෙන ආයතන වලට පරිගණක කුසලතා වලින් හෙබි වෘත්තිකයින් හට ඉහල රැකියා අවස්ථා ඇත.
පරිගණක විද්‍යාව විශේෂ උපාධිය
සාමාන්‍ය උපාධි වැඩසටහෙන් පසුව මෙම විශේෂ උපාධිය සදහා සිසුන් තෝරාගැනීම සිදුකරන අතර කාලය වසර 4කි.මෙම උපාධි පාඨමාලාවෙන් සිසුන් ආචාර්‍ය උපාධි සහ ශාස්ත්‍රපති මට්ටම් දක්වා සූධානම් කිරීමක් සිදුකරන අතර සංකීර්ණ ගැටලු ආදිය විසදීමට සමාජයට උපකාරී වන ක්‍රම පර්‍යේෂනයන් සිදුකිරීම සදහා සිසුන්ව පුහුණු කිරීම සිදුකරයි.මෙම උපාධිය සකස් කර ඇත්තෙ පරිගණක විද්‍යාව පිළිබඳ උසස් දැනුමක් සහ කුසලතා වලින් පරිපූර්ණ සිසුන් බිහිකිරීමේ අරමුණෙනි.අවසන් වසරෙ සිසුන් කාර්මික සහ පරිගණක පරිසරයට නිරාවරණය කරමින් පර්‍යේෂන ව්‍යාපෘතින් සිදුකිරීමට යොමු කරයි.

මෙම උපාධි පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ලැබෙන රැකියා අවස්ථා.
පරිගණක නිශ්පාදකයින් සහ මෘදුකාංග ආයතන වල මෘදුකාංග විසදුම් සංවර්ධනය සදහා විශේෂඥ්‍යවරුන්ගෙ රැකියා අවස්ථා.පරිගණක විද්‍යාව පිලිබද විශේෂ උපාධිධාරීන් හට කථිකාචාර්‍ය, සහකාර ව්‍යාපෘති කළමනාකරණ,මෘදුකාංග ඉංජිනේරු සහ ව්‍යාපාර විශ්ලේෂක යනාදී තනතුරු බොහොමයක් ඇත.විශේෂයෙන්ම දෙස් විදෙස් බොහොමයක් රැකියා අවස්තා පවතින අතර අනාගත ලෝකයට නැතුවම බැරි වෘත්තීයකි.