ඒ අනුව අවුරුදු 2000කට ආසන්න කාලයක් පුරා ළදරුවා තම මවගේ කුස තුල තවමත් සිටී…
සාමාන්යයෙන් ගැබිණි කාන්තාවක් මියගිය විට ඇයගේ දරුවා උද්රරයේ ඇතිවන තෙරපුම හරහා දවස් කිහිපයක් තුල මියගිය දරුවෙක් ලෙස එලියට පැමිනෙන නමුත් මෙහි මමීකරනය කර රෙදිවලින් ඔතා තිබීම නිසා අවුරුදු 2000කට ආසන්න කාලයක් පුරා තම අම්මගේ කුස තුලම සිටිමට බිළිදාට සිදු වී තිබේ
එය ඊජිප්තුවේ පළමු සියවසේ සිට පැවත එන්නක් වන අතර මෙම සිරුර මුලින්ම සොයා ගනු ලැබුවේ ඊජිප්තුවේ තීබ්ස් වල පිහිටි රාජකීය සොහොන් භූමියකිනි. ඒ වර්ෂ 1800 ගණන්වලදී ය. තීබ්ස් යනු ක්ලියෝපැට්රා රැජින ගේ පාලනය හා සම්බන්ධ වූ ප්රධාන නගරයකි.

කෞතුකාගාර වල ඇති සියලු මමී ස්කෑන් කිරීමේ අරමුණින් දියත් කෙරුණු Warsaw mummy Project නම් ව්යාපෘතියේ කොටසක් වශයෙන් කරන ලද ස්කෑන් කිරීමක් අතරතුරදීයි මෙය සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබුණේ.
මෙම මමිය සාමන්ය මමීකරනය ක්රියාවලියේදී කරන්නාක් මෙන් රෙදිවලින් ඔතා තිබෙන අතර එම කාන්තාවගේ කුස තුළ සති 26ත් සති 30ත් අතර වයස බිළිඳකුගේ දේහයක් තවමත් පවතී

නව අධ්යයනයකට අනුව, මමීයේ මිනී පෙට්ටියේ ඇති සෙල්ලිපිවලින් කියැවුණේ එහි ඇති දේහය පිරිමි පූජකවරයකු සතු බවයි. නමුත් මමීයේ එක්ස් කිරණ හා සීටී ස්කෑන් පරීක්ෂණවලින් හෙළි වූයේ ඇතුළත ඇති දේහය ගැහැනු අයෙකුගේ වන බවත්, පිරිමියෙකු සඳහා සාදන ලද මිනී පෙට්ටියක ඇයව තැන්පත් කර ඇති බවයි

උපුටා ගැනීම: රාම් වණා