පාසල් අද්දැකිම් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව . . ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම . . මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා . . කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත. . බලන බලන අත යුගල පද . . මට උන් ගැන ඉරිසියයි, මං ගැන දුකයි . .
ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව. . අප්පා , මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ . . කාර් එකේ ඉස් සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන . ඒ තරම් ලස්සනයි. ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව . මගේ ඉක්කාව නැවතුනා . ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක් ඉඳල හිටලවත් දෙන්න බැරිද ?
කොල්ල එලියට බැස්ස. . පණුව කිව්වට අමීර් ඛාන් වගේ ලුක් එක . . කෙල්ලටම මැච් වෙනව . . ඒත් ඉරිසියාව හිතේ තියෙද්දි අමීර් ඛානුත් පණුවො වෙලා ගස් ගෙම්බො පණුවො වගේ පේනවලුනෙ . .
කොල්ල පොර වගේ අනිත් දොර ඇරල අත් දෙකෙන්ම කෙල්ලව උස්සල ගත්ත . ඒ පාර නම් මම ෆෝන් එක අරන් කටේ දාගත්ත . යකෝ ෆිල්ම් එකක් වත් ෂූට් කරනවද. මම වටපිට බැළුව මගේ මූණත් පොඩි කෑල්ලකට හරි දා ගන්න . . නෑනෙ. . මොකක්ද මුන් මේ නටන්න හදන නාඩගම ??
කොල්ල කෙල්ලව උස්සන් ඇවිත් බංකුවක් උඩින් තිබ්බ . කෙල්ලගෙ මූණ නම් රතු වෙලා . කොල්ල නම් ආතල් එකට හිනා වෙනව . . වටේ හිටපු හැමෝම උන් දෙන්නගෙ ගුණ කියනව හිමින් හෙමින් . මටත් වෙන වැඩක් නැති එකේ ඒ දිහා බලං හිටිය .
කොල්ල ගිහින් අයිස් ක්රීම් එකක් ගෙනත් දෙන්නම බාගෙ බාගෙ කෑව . පවු දෙකක් ගන්න සල්ලි නැතුව ඇති . . පැය බාගයක් විතර ඉඳල ආපහු කොල්ල කෙල්ලව වඩා ගන්න හැදුව .
ඒ පාර නම් එතන හිටපු මැදි වයසෙ කට හැකර ගෑණු කෙනෙක් ගේමට බැස්ස.
මුන්ට ලැජ්ජාවක් නැති හැටි, අම්මප . . මගුල් විසේ ගහල නම් වෙන කොහෙට හරි පලයල්ල . මේතනට පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? මල සමයං
කොල්ලගෙ මූණ රතු උනා. කෙල්ලගෙ ලස්සන ඇස් වලින් කඳුළු බේරෙනව. කෙල්ල අඬ අඬාම කොල්ලට මොකක්ද කිව්ව . කොල්ල එහෙමම කිසි කතාවක් නැතුව කාර් එක ගාවට ගිහින් ඩිකිය ඇරල මොකක්ද අරන් ආව. . දෙයියනේ , රෝද පුටුවක්. . : ඕ
කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා . . හැමෝම කටවල් ඇරන් බලං හිටිය . කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි . කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,
මල්ලි මේ මගේ ගර්ල්, මෙයා ගොඩක් දුප්පත්. බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා . අපි හම්බ උනේ කැම්පස් එකේදි . එයා ගොඩක් දක්ෂ නිසා ජපානෙට ශිශ්යත්ව යක් ලැබුනා . ඒත් එයාට අනතුරක් වෙලා ආපහු ආවෙ කකුල් දෙකම පණ නැතුව එයා ගොඩක් අකමැති උනා මං එයාව බාර ගන්නවට. ඒත් මල්ලි එයාගෙ කකුල් පණ නැති උනාට මගේ ආදරේට පණ තියෙනව . මට පණ තියෙනකම් මම එයාව බලා ගන්නව . ලබන මාසෙ අපි බඳිනව. පෝරුවට නගින්න බැරි උනත් මම කිසි අඩුවක් කරන්නෑ මගෙ රත්තරං කෙල්ලට මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්, මට ඒව අදාල නෑ . . අපි යනව මල්ලි
මං කටත් ඇරන් අහන් ඉද්දි එයා එක හුස්මට කියවන් ගියා. .
– හරි , බුදු සරණයි අයියේ
මට දෙවියන්ගෙන් අහන්න තව දෙයක් තියෙනව , කවුද වැරදි ?
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!