එහි විශාලතම පිළිමය ටොන් 74ක්. උස අඩි 33ක්. මෝයි පිළිම ලෙස හැඳින්වෙන මේ පිළිම පිළිබඳ රහස තවමත් හෙළි නොවූවා සේම මෙම යෝධ ගල් පිළිම ඒවා නෙළීම සඳහා කඩා ගන්නා ලද ගල්වලේ සිට මේ තරම් දුර මුහුදු වෙරළ අද්දරට ගෙන ආවේ කෙසේ ද යන්නත් ලොකු අබිරහසක්
කාබන් දින නිර්ණයන්ට අනුව මේ පිළිම අයත් වන්නේ කි
්
ර.ව. 1100-1680 කාලයටයි.
දූවේ තැන්පත් කර ඇති හා කෞතුකාගාර ප්‍රදර්ශන පිළිමත් සමග ලේඛන ගත කොට ඇති මුළු පිළිම ගණන 887ක්.
මෙහි ඇති බොහෝ පිළිම උඩුකය පෙන්වන ඒවා වුවත් දණහිසෙන් ඉහළට හා සම්පුර්ණ සිරුරම ඇතුළත් වන සේ නෙළුෑ ඒවාත් මෙහි තියෙනවා.
සියලූම පිළිම නිමවා ඇත්තේ මළ යමහලක් වූ රානෝ රරාකු වළෙන් ලබා ගත් ගලෙනි.
මෙහි වේදිකාවක නංවා තබා ඇති ලොකුම පිළිමය ‘පාරෝ’ නම් වෙනවා. එහි බර ටොන් 82ක්. උස අඩි 32කට මඳක් වැඩියි
කලින් කළ අධ්
යයනයන්ගෙන් කියැවුණේ මීට වසර 800කට පෙර මේ පාස්කු දූවේ පදිංචියට ආ, ‘රාපා නූයි’ යනුවෙන් හැඳින්වුණු මිනිස්සු මේ පිළිම නෙළා, ඒවා කොටන් මතින් තල්ලූ කර ගෙන මේ තැන්වලට ගෙනා බව.
දැන් ඒ දූපතෙහි දැන් එක ගසක්වත් නැත්තේ රාපා නූයිවරුන් ඔවුන්ගේ යෝධ පිළිම තැනීමේ ආශාව නිසා ඒවා අවශ්‍ය තැන්වලට ගෙන යාමට උදවු කර ගැනීම සඳහා ගස් කැපූ නිසා යයි මතයක් පළ කර තිබුණා
නව මතයකයට අනුව ඒවා ගෙන යන්නට වෙනත් ක
්
රමයක් යොදා ගෙන තියෙනවා. මේ නව මතයට අනුව ඔවුන් ඒවා ගෙන ගොස් ඇත්තේ අපි ෆි
්
රජ් එකක් ගෙතුළ ගෙන යන ආකාරයට පැත්තෙන් පැත්තට ඇල කරමින්.
මේ නව මතය පළ කර ඇත්තේ ඇමරිකාවේ ලෝන් බීච්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ කාල් ලිපෝ විසින්.
ඔහු කියන්නේ අංගසම්පූර්ණව නිම කර නැති පිළිම මෙසේ ඍජුව ගෙන යාමට නොහැකි නිසා මඳ දුරක් ගෙන ගොස් ඒවා අත හැර දමා ඇති බවයි.
මහාචාර්ය ලිපෝ හා යොනනලූලූහී හවායි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයකු වූ ටෙරී හන්ට් මේ කල්පිතය පරීක්ෂාවට ලක් කළේ ඒ පිළිමයක එම ප්‍රමාණයේම කොන්කී‍්‍රට්වලින් තැනූ පිළිමයක් යොදා ගෙනයි. එහෙත් එම පිළිමය සැබෑ පිළිමය හා සමාන නියම බරින් යුතු එකක් නොවෙයි. ඒ නිසා මෙය විද්‍යාත්මකව පිළිගැනීමට ලක්වෙලා නැහැ
පාස්කු දූවේ අහු අකිවිහී ම ඕයි පිළිම රැස. මෙහි 1000කට ආසන්න ගණනක් තියෙනවා.මහාචාර්ය ලිපෝගේ මේ උත්සාහය විද්‍යාත්මක එකක් නොවේ යයි විවාදයක් ඇති වී තිබෙන්නේ මේ සඳහා යොදා ගත් පිළිමය නියම පිළිමයක සැබෑ අනුරුවක් නොවීම නිසයි.
මෙම සිතියමෙන් දැක්වෙන්නේ ම ඕයි පිළිම පාස්කු දූව පුරා විසිරී ඇති ආකාරයයි. කොළ පැහැයෙන් දැක්වෙන්නේ අංගසම්පූර්ණ පිළිම ගමනාන්තය දක්වා ගෙනත් ඇති ආකාරයයි. නිල් පැහැයෙන් දැක්වෙන්නේ රානෝරරාකු ගල්වළ අසල ඇති සම්පූර්ණ නොකළ පිළිමයි. දුඹුරු පැහැ තරුවලින් දක්වා ඇත්තේ අතරමග දමා ගිය අසම්පූර්ණ පිළිමයි