පාස්වර්ඩ් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආහ් .. මට කියන්න බැරි උනානේ. මේක මතක් උනේ පහුගිය වැලන්ටයින් එක දවසේ කී බෝඩ් එකේ ආව රෝස මලක් සම්බන්ධයෙන් අපි ගෲප් එකක කරපු චැට් එකක් නිසා. ඒ කතාව මෙහෙමයි.
මම ඔය කලින් ලියපු නසරානි වැඩ ඔක්කොම කරලත් සාමාන්ය පෙළ ගින්දර වගේ උපරිමෙන්ම පාස් උනා. ප්රතිඵල බැලුවේ කොමියුනිකේෂන් එකකට ගිහින්. ඉස්සර දැන් වගේ හැම ගෙදරම කොම්පියුටර් තිබුනේ නෑ. හැම ගෙදරම තියා ගමකට එකක් වෙන්න වත් තිබුනේ නෑ. මම ගෙදර ආවේ යුද්ධය දිනලා කියන ආරන්චියට මහින්ද මහත්තයා කටුනායකට ආවා වගේ ගැම්මෙන්. ඒ වගේ පොළොවට නම් වැන්දේ නෑ. අදටත් ඒ ප්රතිඵල ඉරාජ්ගේ සින්දුව වගේ
මට හිතන්න බෑ .. අදහා ගන්න බෑ
හිතන්නවත් හිත නෑ..
කොගොම හරි අම්මටයි තාත්තටයි පට්ටම සැට. මම ඉල්ලලා තිබුනේ විභාගේ පාස් උනොත් කොම්පියුටර් එකක් අරගෙන දෙන්න කියලා. තාත්තා කිව්වේ පාස් උනාට බෑ .. ඩී අටක් ගත්තොත් විතරක් කොම්පියුටර් එකක් අරගෙන දෙනවා කියලා. මොකද තාත්තා දන්නවා ඒ කියන්නේ තාත්තට ඒ සල්ලි ඉතුරු වෙනවා කියලා. කොහොම හරි මෙන්න යකෝ මම කොම්පියුටර් එකකට සුදුසුකම් සපුරලා.
තාත්තටත් කට උත්තරත් නෑ. මම කිව්වා අදම අරගෙන ඕන කියලා. ඒ උනාට තාත්තට ශුවර් නෑ. ඉස්කෝලේ ප්රතිඵල දැම්මම අරගෙන දෙන්නම් කිව්වා. තාත්තට විතරක් නෙමෙයි මටත් ඒක ශුවර් නැති නිසා හා කමක් නෑ කියලා හිටියා. කොහොම හරි ඒකෙත් තිබ්බේ ඒ ප්රතිඵලයම නිසා කොම්පියුටර් එක මට අරගෙන දුන්නා. ඒ කාලේ ඕකෙන් කරන්න දන්නේ සින්දු අහන එකයි ඔය එම්. එස්. ඔෆිස් වැඩ ටිකකුයි විතරයි.
කොහොම හරි මොකක් හරි මගුලක් වෙලා මාස දෙකකින් වගේ මේක වැඩ කරන්නේ නැතුව ගියා. මම තාත්තට කිව්වා මේක ගනිපු තැනට ගෙනිහින් දෙන්න කියලා.
තාත්තත් අරගෙන ගියා. මමත් සින්දුවක් කියාගෙන ෆන් එකේ ඉන්න අතරේ ටිකකින් ගෙදරට කෝල් එකක් ආවා. මම ආන්සර් කරා. බලනකොට මාපියා. ඔව් .. ඔව් .. තාත්තා.
මේහ්.. මෙන්න මේකේ පාස්වර්ඩ් එක කියනෝ. එහා පැත්තෙන් තාත්තා කිව්වා.
මල රෙද්දයි. පාස්වර්ඩ් එක කොහේ කියන්නද?. ඒකට දාලා තිබ්බේ මම ඒ කාලේ යාලුවෙලා ඉඳපු කෙල්ලගේ නම. ඒ කාලේ දකුණු කකුලේ සුලැගිල්ලේ ඉඳලා ලවු එක තියෙන කාලේ. ඉතින් ඒක කියන්න පුලුවන්ද තාත්තා කෙනෙකුට. දැන් මගේ උගුර හිරවෙලා, දාඩිය දාලා, දණහිස් පණ නැති වෙලා, කන් කඩා වැටිලා, තොම්බ වේලිලා, බංදු සමරසිංහ වගේ බ්වුවා, බ්වුවා ගගා ඉන්නවා.
කෝ ඉක්මනට කියනවා මේ බිල යනවා. ඒ දවස් වල විනාඩියට අවුට් ගොයින් වලට රුපියල් විසි ගානක් යන කාලේ. ඉතින් අපේ තාත්තට විනාඩියක් කියන්නේ ලොකු කාලයක්. මොකද සිගරට් එකත් පහයි පනහයි. තාත්තා විනාඩිය බෙදන්නේ සිගරට් ගානෙන්.
එක පාරට මම කිව්වා පී, ඇස්ට්රික්ස්, ඩී .. එහෙම කියන කොට මම දන්නවා අපේ තාත්තට ඔය මගුල් තේරෙන්නේ නෑ කියලා.
තාත්තා කිව්වා. ඔහොම ඉන්නවා මම මේ ලමයට දෙන්න එයාට කියනවා කියලා.
මගේ වැඩේ ගොඩ දැන් අරූට මම කියනවා. අයියේ එස්, ඊ, ඩබ්ලිව් අකුරු දෙකයි, එකේ ඉලක්කමයි, ඩී අකුරයි.
මූ ඔක්කොම ලියාගෙන එක පාරටම අහපි.. මල්ලි සෙව්වන්දි නේද කියලා. උගේ අප්පට රට හුරුල්ලෝ කවන්න.. ඊට හොඳයි මූ මට දෙකට නමලා චක්කරේ කියලා දුන්නා නම් පස් වරක් පහ විසි පහයි කියලා. ගල් මූසලයා. මට චූ බින්දු දෙකකුත් ගියා එක පාරට. ඇයි යකෝ .. මූට කිව්වට වඩා හොඳයි එක පාරම තාත්තටම කිව්වානම්.
මම දන්නවා දැන් බඩු කියලා. තාත්තා සර්පයා වෙලා එනවා මට මැවිලා පේනවා.
මේ තේරී දුශ්මන් .. දුශ්මන් තුම්හේරා..
අතරින් පතර නාගීනා එකේ මියුසික් පරාවල් , සින්දු එහෙමත් ඇහෙනවා වගේ.
කකුල් දෙකත් පණ නැති වෙලා. මම මගේ කාමරේට බඩ ගාගෙන වගේ ගිහින් දොරත් වහ ගත්තා. දැන් වැටිලා ඉන්නවා අංශභාග රෝගියෙක් වගේ. ටිකකින් තාත්තා එනවා ඇහෙනවා.
දැන් බඩු. අදනම් ගුටි කනවාමයි කියලා හිත හිත ඉන්නකොට තාත්තා අම්මට සද්දෙන් කතා කරනවා.
මාලී..
අම්මට කතා කරන සද්දෙට මගේ යටිපතුලේ ඉඳලා කරන්ට් එකක් වගේ ඇවිත් මුත්ර බොක්ක ලඟදී ස්පාර්ක් වෙනවා ඔන්න ගියා .. මෙන්න ගියා ගානට.
දෙවනි පාරට අම්මා ආවා. ඇයි අනේ ඔච්චර සද්දෙන් කතා කරන්නේ කියාගෙන.
මමත් දොර හෙමීන් යාන්තම් ඇරලා හොරාට දොර රෙද්ද අස්සෙන් බලාගෙන ඉන්නවා.
නෑ.. මේ.. මුගේ ඇස්ට්රික්ස් සෙව්වන්දි ලේසියෙන් ගොඩ දාන්න බෑලු. මකලම හදන්න වෙනවලු. ඒකටත් මට ගානක් ගෙවන්න ඕන කියන්නේ. ඒකිට වයිරස් එකක් ගිල්ලා කියලා තමයි කියන්නේ. මම නං ෆොටෝ එකකුත් දැක්කා. මම හිතන්නේ ඒ රූපෙත් මැකිලා යාවි. අපරාදේ ඒක ගන්න ගියපු සල්ලි ටිකත් තියාගත්තානං පුතාගේ වෙඩින් එකම එක පාර හොඳට ගන්න තිබුනා. මූට දැන් ඒකනේ අඩුවකට තියෙන්නේ.
අම්මට මෙලෝ දෙයක් නොතේරී බලාගෙන ඉන්නවා. ටිකකින් සම්පූර්ණ විස්තරේ තාත්තා අම්මට කිව්වා විතරයි මට මතක. දොරට අම්මා ගහපු පාර දොරට පිටිපස්සේ ඉඳපු මගේ නළලෙන් දේවාලේ පොල් ගහනවා වගේ සද්දයක් ආවා.
සෙව්වන්දියකට පෙම් බැන්දා
නළලට බෙහෙත් ගොඩාක් බැන්දා
දොර ලඟ සැඟවී සිටින බව දැනී
අම්මා ගහලයි වේදනා..
උපුටා ගැනීම:  Sajitha Roshan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!