පසු ප්‍රසව මානසික ගැටලු (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පසු ප්රසව මානසික ගැටලු කියන්නෙ දරු ප්රසූතියකින් පසුව ඇතිවන අසාමාන්ය මානසික තත්වයක්. මෙයට හේතුව වන්නේ දරු ප්රසූතිය සමග සිරුරේ සිදුවන හෝමෝනමය වෙනස මොළයට බලපෑමෙන්. නමුත් හැම කෙනෙකුටම මේ තත්වය ඇති වන්නේ නැහැ. මේ තත්වය ඇතිවන අයගෙනුත් සමහරෙකුට ඉතා සුළු තාවකාලික මානසික අසමබරතාවයක් ලෙසත්, (maternity blues) තව කොටසකට හේතුවක් නොමැතිව දුක, කළකිරීම, සෘණාත්මක සිතුවිලි ඇතිවන පසු ප්රසව විශාදයත් (postpartum depression) සුළු කොටසකට අසාමාන්ය සිතුවිලි, අසාමාන්ය හැසිරීම්, ප්රචණ්ඩ බව ආදී ලක්ෂණ සමග පසු ප්රසව සයිකෝසියාව තත්වයක් ලෙසත් (postpartum psychosis) ඇතිවෙන්න පුළුවන්.
ප්රතිකාර නිසි අවස්ථාවෙ නොලැබුණාම උත්සන්න වෙන්න පුළුවන්. සිය දිවි හානි කරගැනීම, දරුවා ප්රතික්ෂේපකිරීම, දරුවා ජීවිතක්ෂයට පත්කිරීම වගෙ අවාසනාවන්ත සිදුවීම් වෙන්නෙ එතකොටයි.
පසු ප්රසව විශාදය තත්වයෙදි වෙන්නෙ දුක, කළකිරීම හා ඍණාත්මක සිතුවිලි ඇති වීමයි. තමා ගැනම පහත්කර සිතීම, මට බබා ලොකුකරගන්න බැරිවෙයි, මට කිරි නැහැනේ, මම අසාර්ථක මවක්, පවුකාරියක් වැනි තැවුල් සිතිවිලි ඇති වෙනවා. ඒ එක්කම නින්ද නොයාම, ආහාර අරුචිය, දරුවා ගැන නොසැලකිල්ල, හැඬුම්බර බව ඇති වෙන්න පුළුවන්. රෝගයට නිසි වේලාවෙ නිසි ප්රතිකාර නොලැබුණොත් සියදිවි හානි කරගැනීම් දක්වා යා හැකියි.
පසු ප්රසව සයිකෝසියා තත්වයෙදි මීට වඩා දරුණු රෝග ලක්ෂණ ඇති වෙනවා. මේ වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න හේතුව ඇය තුළ ඇතිවන අසාමාන්ය සිතුවිලි. මේ අසාමාන්ය සිතුවිලි නිසා මනස හා චර්යාවන් අවුල් බවට පත්වෙනවා. සමහර මවුවරුන්ට හිතෙනවා මේ දරුවා මගේ නොවෙයි, යක්ෂයෙක් හෝ ඒවගෙ දෙයක්, එහෙම නැතිනම් දරුවා අවාසනාවක් වැනි සිතුවිලි. සමහර අයට හිතෙන්නට පුළුවන් ඇගේ දරුවා පැහැරගැනීමට යම් අය උත්සාහ දරන බව. මේ සිතුවිලි නිසා ඇය බයට, නොසන්සුන්තාවට, සැකයට පත් වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය පවා සැක කරනවා. ප්රතිකාර නිසි අවස්ථාවෙ නොලැබුණොත් සිය දිවි නසාගැනීම, දරුවා මරණයට පත් කිරීම වැනි අවාසනාවන්ත දේ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම රෝගය කල් පැවතීම නිසා අලුත උපන් දරුවාට ඉතා අවශ්ය වන මවගේ උණුසුම, ආදරය, මව්කිරි මුල් අවස්ථාවෙ නොලැබී යාම නිසා කායික, මානසික වර්ධනයට බාධා වෙන්නටත් පුළුවන්.
මෙයට ඉතාම සාර්ථක ප්රතිකාර තිබෙනවා. ⁣දවස් කිහිපයක් තුළ සම්පූර්ණයෙන් පාලනය කර මානසික සමරතාව නැවත ඇති කර දරුවාට මවගෙ උණුසුම ලබාදීමට හැකියි. නමුත් ඖෂධ මාස කිහිපයක් එක දිගට ගත යුතු වෙනවා.
සමාජයෙ වැරැදි මතයක් තිබෙනව, දරුවා ලැබුණ අම්මා කෙනෙකුට මෙහෙම තත්වයක් ඇතිවන්නෙ ඇයට නරක විදියට සැලකීම, සහයෝගය නොමැති වීම ආදිය නිසා කියල. මේකෙ කිසිම සත්යතාවයක් නැහැ. එනිසා මෙවැනි රෝග ලක්ෂණ අලුත් අම්මා කෙනෙකුට ඇතිවෙනවානම් වහාම පවුල් සෞඛ්ය නිලධාරිනිය දැනුවත් කර සෞඛ්ය වෛද්ය නිලධාරිවරයා වෙත යොමු වෙන්න/ළඟම රෝහලේ මානසික සෞඛ්ය සායනයට යොමුවෙන්න/ පෞද්ගලිකව මනෝ වෛද්යවරයකුට පෙන්වන්න. එසේ පෙන්වන තුරු අම්මාව තනි නොකරන්නත්, ඒ වගේම අම්මා දරුවා සමග තනිව නොතියන්නත් වගබලා ගත යුතුයි. ඒ, ඉහත සඳහන් කළ අවාසනාවන්ත සිදුවීම් වළක්වාගැනීමටයි.
රෝගය හැදෙන්න බලපෑවෙ නැති වුණාට රෝගය සුවවීමට බෙහෙත් වගේම ආදරය කරුණාව සහයෝගය හුඟක් වුවමනා වෙනවා. විශේෂයෙන්ම මෙය රෝග තත්වයක් බව තේරුම්ගෙන, ඇයගේ හැසිරීම් දෝෂ දර්ශනයට ලක් නොකර සිටීම ඉතා වැදගත්. නිසි ප්රතිකාර ලබාදීම මගින් සම්පූර්ණ සුවය ඉක්මනින් ලබාගත හැකියි.
උපුටා ගැනීම: Indumini Waththegama

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!