පත මැගී අක්කා.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ කතාව දකුණු පළාතේ වෙච්චි දෙයක්..දානෙකට මාතර ගිහින් නෑදෑයො එක්ක ආගිය තොරතුරු කතා කර කර නයිටක් ගහනකොට එතැනට පාත් උන මාමා කෙනෙක් කියපු කතා වලින් එකක් තමයි මේ..
කොහේ නැතත් ඔය කුළමල සීන් එක මාතර තදින්ම තියෙනව..අකමැති උනත් ඒක එහෙම තමයි..ආවාහ විවාහ වල සිට ජන්දෙ දීම දක්වා ඒක ව්යාප්තයි..පන්සල් වලටත් ඒක එහෙමමයි…
ඔය සීන් එක නිසාම ඉස්සර යමක් කමක් තියෙන අය තමන් මලත් වෙන උන් එක්ක සොහොන් වෙන්නෙ නෑ කියල හිතලා කැරකෝප්පුවේ (සුසාන භූමියට දකුණේ අපි කියන්නෙ එහෙමයි) සොහොන් ගෙවල් හදල තියෙනව..පවුලෙ අය භූමිදානය කරන්න බොහොම ඉඩ ඇතිව ගේට්ටු එහෙම දාලා හදන ඒවා අදටත් මාතර කැරකෝප්පුවේ තියෙනව බලන්න පුලුවන්..
මාතර ටවුමට දුරට වෙන්න ඉන්න සල්ලිකාරයො තමන්ගෙම ඉඩමෙ කොනක පවුලේ සුසානභූමි හදාගත්ත..ඔය රේඩියෝ එකේ මරණ දැන්වීම් කියනකොට අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ කියන්නෙ ඒකට තමයි..ඉස්සර ඉතින් අවුලක් නෑ අක්කර ගණන් ඉඩම් වලින් කොටසක් ඔහොම අයින් කරාම…ඉතින මලාමත් පහළ කුළවල අය එක්ක පෑහෙන්න යන්නෙ නෑ..මේ ටික කිව්වෙ පවුලේ සුසානභූමි ගැන නොදන්නා අයට පොඩි අදහසක් දෙන්න..
මාතර ඉඳලා තියෙනව මැගී කියල ගෑනු කෙනෙක්..මහත දෙහෙත නිසා පත මැගී කියලලු කියල තියෙන්නෙ.. රස්සාවක් කරල හරි කසාඳයක් හරි එහෙම කරගෙන නැති මේ මනුස්සය ජීවත් වෙලා තියෙන්නෙ මාතර අවට තිබ්බ වලව්වලටයි සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලටයි ගිහින් ඔය මොනා හරි ඕපාදූප ටිකක් දොඩලා හාල් සේරුවක් සීනි ටිකක් හරි නැත්නම් කීයක් හරි අතමිට මොලවා ගෙන එන එකෙන්..
ගමේ සිද්ධ වෙන ඕපාදූප ටික ගෙදරට ගේන මේ මනුස්සය ගැන ඒ වලව්වල අය අහිතක් හිතල නැත්තේ එයා තමන්ගෙම කුලේ කෙනෙක් වීම නිසාලු..
දවසක් මාතරට කිට්ටුව වලව්වකට කාලෙකට පස්සෙ ගිය පත මැගී කට්ටියගෙ සුව දුක් එහෙම විමසලා “වලව්වෙ ලොකු හාමු පේන්නෙ නැත්තෙ මක්කෙයි? කියල අහල..
“අනේ මැගී බලන්නකො ලොකු හාමු අන්තරා වෙලා දැන් මාසෙකට කිට්ටුයි” කියල උත්තර ආවම මැගීට මේක දරාගන්න බැරුව ගිහින්..
“අම්මෝ ලොකු හාමු නැතිව ඉදල මක්කටෙයි” කියාගෙන විලාප දීගෙන මැගී වත්ත පහල තිබ්බ පවුලේ සුසානභූමියට දිව්වලු..
අලුත් පස් ගොඩ කරල කලින් දවසෙ වැස්සටත් පොඩ්ඩක් තෙත්බර වෙලා තිබ්බ සොහොන් ගොඩැල්ල උඩ මැගී “බුදු හාමු මහත්තයෝ” ගාගෙන ඇද වැටිලා..
පොළොව තෙත් වෙලා තිබ්බ එකයි ඇඟේ බරයි නිසා වළ කඩාගෙන වැටුණු මැගී මිනී පෙට්ටියත් කඩාගෙන මළ මිනිය ගාවම දිග ඇදිලා..
ලොකු ගේමක් දීලා වළෙන් ගොඩ ගත්ත මැගීට හවස් වෙනකොට සහලෝල උණ අරගෙන..පස්සෙ දහඅට සන්නියක් නටලලු හොඳ කරගෙන තියෙන්නෙ..
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!