පාට පැන්සල් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාට පැන්සල් කියන්නෙ ලෝකයේ ජනප්රිය වෙමින් පවතින වර්ණ මාද්යක්. මේ වෙනකොට පාට පැන්සල් ලෝකයේ ගොඩක් ජනප්රිය වෙලා තියේ කිව්වොත් ඒක හරි🤔.
පාට පැන්සල් භාවිතා කිරීම ලේසි හැසිරවීම පහසුයි. ඒ වගේම මේක වියලි මාද්යක් හින්ද කරදරයක් නෑ.
ඔයගොල්ලො දැකල ඇති පාටපැන්සල් වලින් කරල තියෙන අදහගන්න බැරි නිර්මාණ. ඉතින් අපි පොඩි කාලෙ හීනෙකිංවත් හිතුවෙ නෑ පාට පැන්සල් වලින් මෙච්චර දෙයක් කරන්ඩ පුලුවන්ද කියල😅. ඒත් අද වෙනකොට ගොඩක් proffesional artist ල පවා පාට පැන්සල් වලට යොමු වෙලා තියේ. ඒ වෙනුවෙන්ම පාට පැන්සල් නිපදවලත් තියේ.
ඉතින් පාට පැන්සල් පාවිච්චි කරන අයට පාට පැන්සල් වලින් නිර්මාණ කරන කොට විවිධ ගැටලු එනව ඇති.
ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි. පාට පැන්සල් පාවිච්චි කරන කොට හිඩැස් හිටින 1 . එහෙම නැත්තන් පාට පැන්සල් ඉරි වශයෙන් පේනව. මේ හින්දා තමා පාට පැන්සල් blend කරනව කියන්නෙ. ඒ කියන්නෙ වර්ණ මිශ්ර කරනව.
ඉතින් ඔය කලින් කිව්ව වගේ ලෝකෙ ගොඩක් දෙනෙක්ට එන ගැටලුවක් තමයි පාට පැන්සල් වලින් වර්ණ කරායින් පස්සෙ අතරින් පතර සුදු හිදැස් දැක ගන්න පුලුවන් 1.
මේ හින්දම පාට පැන්සල් blend කරන්න ලෝකෙ ගොඩක් අයවලුන් විවිධ දේවල් අත්හදාබලල තියේ.
ඒ අතර
Baby oil
vaseline
Nail polish remover
Vodka
Olive oil
Rubbing alcohol
Pure acetone
….
ඔය වගේ ගොඩක් දේවල් අත්හදාබලල තියේ. ඉතින් ඒ ක්රම වලිනුත් ගොඩක් ලේසි හොයාගන්න පහසු දේවල් විදිහට සාමාන්ය සිත්තරුන් අතර ජනප්රිය වුනේ baby oil, vaseline , nail polish remover වගේ දේවල්. මොකද මිල අඩු කමත් ජනප්රිය වෙන්න බලපාන්න ඇති.
ඉතින් ඔය උඩ කියල තියෙන මිශ්ර කාරක තුන watercolor pencil , oil base pencil , wax base pencil ඔය පාට පැන්සල් වර්ග 3ත් එක්ක ගොඩක් හොඳට ක්රියා කරනව . ඒත් ඇතැම් වෙලාවට wax base pencil එක්ක නම් ඒ හැටි මිශ්ර වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අනික් එක තමයි watercolor pencil මේකට නම් ඉතින් වතුර ලේසියෙන්ම හොයාගන්න පුලුවන් හින්ද වියදමකුත් නෑනෙ.
ඉතින් එතකොට මේ wax base සහ oil base කියන පැන්සල් කොහොමද. හරි විදිහට mix කරගන්නෙ . ඒ කිව්වෙ හිදැස් හිටින්නෙ නැතුව smooth විදිහට.
ඉතින් ගොඩක් profesional artist ල ඔය මං උඩ කිව්ව කිසිම මිශ්ර කාරකයක් යොදාගන්නෙ නම් නෑ.
ඒ ගොල්ලො ඒ වෙනුවට පාවිච්චි කරන්නෙ පාට පැන්සල් සෙට් එකෙ තියෙන සුදු පාට පැන්සල. මොකද ඒක ඒ ගොල්ලන්ට ලේසියි පහසුයි.
ඇත්තටම හොඳ artist grade එකේ පාට පැන්සල් සෙට් එකකට සුදු පාට පැන්සල් 2 ක් හම්බවෙනව.
එහෙම නැත්තන් colourless blender කියල පැන්සලක් හම්බවෙනව.
මේ සුදු පාට පැන්සල ගොඩක් පාට පැන්සල් නිශ්පාදකයින් නිපදවන්නෙත් මිශ්ර කාරක පැන්සලක් හැටියට ඒත් ඉතින් ගොඩක් වෙලාවට හොඳ ප්රමිතියෙන් උසස් පාට පැන්සල් වල ඇරුනාම මේ සුදු පාට පැන්සල තුලින් මිශ්ර වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් ඉතින් faber castell , derwent , caran’d ache, lyra , prismacolour වගේ පාට පැන්සල් වල නම් හොඳ මිශ්ර වීමක් බලාගන්න පුලුවන්
ඉතින් පාට පැන්සල් වල සුදු පාට ඇත්තටම අවශ්ය වෙන්නෙ blend කරන්නමත් නෙවේ. ඇතැම් අවස්ථාවල colour paper වල drawing කරද්දීත් උදව් වෙනව.
ඒත් ගොඩක් සිත්තරුන් මේ සුදු පාට පැන්සල blend කරන්ඩ අරගන්න හින්දා. ඒක ඉක්මන්ට ඉවර වෙනව. ආයෙ පැන්සලක් ගන්න නම් පාට පැන්සල් සෙට් එකක්ම මිලදී ගන්න වෙනව. මේ ගැටලුව හින්දා තමා පැන්සල් නිශ්පාදනය කරන සමාගම්
Colourless blending pencil කියල එකක් නිර්මාණය කලේ . මේකෙන් ඉතාමත් සුමටව අවශ්ය ආකාරයට වර්ණ මිශ්ර කිරීම පහසු වුනා.
ඉතින් කියන්න ඕන මේ සුදු පාට පැන්සල් පාවිච්චි කරන්නත් ඕන අවශ්ය තැන් වලදි විතරයි නැත්තන් ඇතැම් පාට වල දීප්තිමත් භාවයට හානි වෙනව වලාකුළු සහිත වර්ණ නිර්මාණය වෙනව ඒ කිව්වෙ මැට් නිමාවක් . ඒක හින්දා අඳුරු වර්ණ වලට මේ සුදුපාට යොදාගන්න එක ඒ හැටි හොඳ නෑ. ඔයා art 1 හොඳට details කරනවනම් මේ ගැටලුව එන්නේ නෑ.
ඉතින් සුදු පාට පැන්සල නෙවේ මේ colourles blending කියන පැන්සල යොදාගත්තත් සිතුවමේ වර්ණ වල දීප්තියට බලපෑමක් වෙනව. ඉතින් ඒක හින්ද ඒකට පිලියමක් විදිහට පැන්සල් නිශ්පාදනය කරන සමාගම් burnishing pencil කියල එකකුත් නිපදවල තියේ. ඒකෙන් වෙන්නෙ සිතුවමේ ඇතැම් වර්ණ වල දීප්තිමත් කිරීමක් වැනි දෙයක්. ඒත් කියන්න ඕන වර්ණ blend වීමක් නම් මේ burnishing පැන්සලෙන් ඒ හැටි බලාපොරොත්තු වෙන්න බෑ.
ඉතින් සාමාන්යයෙන් ලංකාවෙ මේ පැන්සල් මිලදී ගන්න නෑ ඒක හින්දා ඔයාට පුලුවන් සුදුපාටින් blend කරල බලන්න. සිතුවමට මොනවගේ නිමාවක්ද ලැබෙන්නෙ කියල බලන්න. ඉතින් සුදුපාට ඉවර වුනොත් කරන්ඩ දෙයක් නෑ😁😁😁
ඉතින් තව පිලියමක් විදිහට ඔයාට මෙහෙම කරන්ඩත් පුලුවන්. ඒ කිව්වෙ වර්ණ වල දීප්තිමත් භාවයට හානි නොවෙන විදිහට smooth blend 1 ක් ලබාදෙන්න. ඒකට ඔයාට කරන්ඩ පුලුවන් alcohol marker 1 ක් යොදාගන්න.
ඉතින් ඔය කිව්ව විදිහට කරල බලන්න. ගොඩක් වෙලාවට ඔයාගෙ හිතේ තියෙන විදිහටම ආර්ට් 1 ට හොඳ finish 1 ක් දෙන්න පුලුවන් වෙයි ඔයාට.
උපුටා ගැනීම: Senuri Ahinsa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!