පති භක්තිය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මන් කසාද බඳින දිනේ ටික ටික ළං වෙද්දිම තමයි අපේ අම්මට ටික ටික උණ ගැනෙන්න ගත්තේ.
පාන්දර හඬලන එහා ගෙදර කුකුළා උගේ ලන්ච් එකත් ගත්තට පස්සේ නැගිටන , උදේ දවල් දෙකම එකටම අල්ලලා කෑම කන,රෑ කෑම එක පහුවදා උදේටත් අල්ලලම කන, හෙණ ගැහුවත් රෑ 9ට කලින් නිදාගන්න, ඒ නිදාගත්තට පාන්දර එකට විතර නැගිටලා කන්න දේවල් හොයලා හොයලා ෆ්රිජ් එකම අවුස්සලා ඒත් නැත්නම් ඔම්ලට් එකක් හරි දාගෙන කන මේ මාව අරන් යන මනුස්සයා පහුවදාම හැරෙන තැපෑලෙන්ම මාව ගෙදරටම පෝස්ට් කරයි කියලම හිතලා හරිම කරදරෙන් තමා අම්මා හිටියේ .
හැබැයි මේ සෙල්ලම් ඔක්කොම නිවාඩු දවස්වලට විතරයි. අනික් දවස්වලට මන් වෙනම චරිතයක් . පාන්දර නැගිටලා අම්මටත් ටිකක් එහෙන් මෙහෙන් උදව් කරලා පිළිවෙලට කාලා බීලා වැඩට ගිහින් දවස ශේප් එකේ ගත කරනවා.
අම්මා කියන්නේ මට “වීක්එන්ඩ් සන්නිය”ලු. නමින්ම තේරෙනවනේ ඉතින් ඒක හොඳ කරන්න ටිකක් අමාරුයි.ටික ටික අර දිනේ ලං වෙන ගානේ ඉතින් මට උපදෙස් ගොඩායි.
ඔහොම කරලා බෑ . අරහෙම කරන්න මෙහෙම කරන්න . එක පිස්සුවයි.
කොහොමෙන් කොහොම හරි ඉතින් කසාදෙත් බැන්දා. මන් ඉතින් අපේ අම්මව පරමාදර්ශී චරිතය කරන් හොඳ බිරිඳක් විදියට ගෙදර සියලු වැඩ රැකියාවත් එක්ක බැලන්ස් එකේ කරගෙන ගියා.
බැඳපු අලුත උයන්න ගිහින් වෙච්ච සිද්දිත් තියෙනවා. ඔන්න ඔහේ ඒකත් මේ ගමන්ම කියලා දාන්නම්.දවසක් හස්බන්ඩ්ට මුංඇට මාලුවක් (හොද්දක්) බත් එකට අරන් යන්න හිතිලා .එයාලගේ අම්මා හදනවලු එහෙම. කාලා වරෙන්කෝ ඉතින්. අම්මටම කියලා හදාගෙන කන්නකෝ කියන්නත් හිතිලා.. උන්දැට දොළදුකක්ද දන්නෙත් නෑනේ. මන් දැන් පැයකට වැඩියෙන් මුං ඇට ලිපේ තියලා තියෙනවා ඉදෙන්නෑ.වැඩට යන්නත් පරක්කු වෙනවා.මොන මඟුලක්ද ගත්තා “කෝල් අ ෆ්රෙන්ඩ්” අවස්තාවක්. අම්මට ගත්තේ කෝල් එක. විස්තරේ කියාගෙන යද්දී ” ඇයි ඔයා ඊයේ රෑ පෙඟෙන්න දැම්මේ නැද්ද මුං ඇට ටික” කියලා ඇහුවේ හස්බන්ඩ් පිටිපස්සේ ඉඳන්.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. අවුලක් නෑ..එදා වේල කැන්ටින් එකෙන්.
එදා විතරයි ඕං ඔහොම දෙයක් වුණේ. දැන්නම් මන් චෙෆ් කෙනෙක්ට දෙවෙනි නෑ.ඕක නෙමේනේ දැන් කියන්න ගිය කතාව.මෙන්න මේකයි.
අම්මා මට බඳින්න කලින් දීපු දැනමුතුකම් කීපයක් තියෙනවා. එකක් තමයි. පුලුවන් තරම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගෙදර ඉද්දී එකට කෑම ගන්න. පොඩි වෙලාවක්නම් ඉවසන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසලා හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ එකට කෑම ගන්න කියලා. මන් ඉතින් අම්මටත් ඕවට ජෝක් කර කර අහන් හිටියට හිතට ගත්තා ඉතින් ඔවදන් ටික ලෙසටම.
ඉතින් හැමදාම අසරණ මන් වැඩ ඇරිලා ගෙදර ඇවිත් උයපු කෑම හස්බන්ඩ් එනකන් මඟ බලාගෙන ඉඳලා සමහර වෙලාවට රෑ දහය විතර වෙනකනුත් බලන් ඉඳලා දෙන්නම එකට කනවා. ඒ වෙලාවට එයා කලින් කෝල් කරලා කිව්වත් කෑම කාලා ඉන්න.ටිකක් පරක්කු වෙනවා කියලා. මොන පිස්සුද පති භක්තිය නැතිවෙනවනේ. මන් එයා එනකන් ඉඳලා එයත් එක්කම කනවා. මේ කාලේ වෙද්දි මට “වීක්එන්ඩ් සන්නිය” එහෙම සෑහෙන්න සුවයිලු.
දවසක් හස්බන්ඩ්ගේ තාත්තා අපේ ගෙදර ඇවිත් තිබුණා. ඉතින් එදත් හස්බන්ඩ් පරක්කු වෙලා ගෙදර එද්දී තාත්තා නිදි. හස්බන්ඩ් වොශ් එකක් එහෙම දාලා අපි දෙන්නා එකට මේසේ කෑම කකා ඉද්දී තාත්තාට ඇහැරිලා ඇවිත්..
” ආ.. දුව ආයෙත් පාරක් කනවද..” අහපි.. එච්චරයි මතක.. බත් ඇට දහයක් විතර ඉස්මෝල්ලේ ගියා.
මට විතරක් නෙමේ අපි දෙන්නටම..
උපුටා ගැනීම: Shenaya Franciz

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!