මුහුදේ ගිලී ගිය නගර අතර පැරණිම නගරය මෙය විය හැකි බව පුරාවිද්‍යාඥයන් සැකපහල කරන පව්ලෝපෙට්රි ගැන තොරතුරු මේ.ඔවුන්ගේ මතය අනුව වසර 4000 කට පමණ පෙර වර්ග සැතපුම් ගණනාවක විසිරුණු මෙය භූමිකම්පාවක් හේතුවෙන් ඇති වූ සුනාමි තත්ත්වයක් නිසා මුහුදු බත් වන්නට ඇති බව සැලකේ.
පව්ලෝපෙට්රි පිහිටා ඇත්තේ ග්‍රීසියේ දකුණු ලාකොනියා නම් ප්‍රදේශයේ පුන්ටා වෙරළ හා එලාෆොනිසොස් දූපත අතර කලාපයක.මෙහි නටඹුන් මුහුදු මට්ටමේ සිට මීටර් 3 -4 ත් අතර කුඩා ගැඹුරක පිහිටයි.ක්‍රි.පූ. 2800 දී පමණ මෙහි නගරයක් ලෙස පැවතුන අතර මෙහි තිබූ නගර,ගොඩනැගිලි,මාර්ග වැනි දෑ කාල නිර්ණය කල විට ලෝකඩ යුගයේ පැවති ග්‍රීක ශිෂ්ඨාචාරයක් වන මයිසනයන් ( ක්‍රි.පූ.1680 – 1180 ) යන්නට අයත් වන බවය.
අද වන විටත් ඉතා හොඳින් ගොඩනැගිලි සැකැස්මවල් වල නටඹුන් දිස් වෙයි.එසේම කළුගල් යොදාගෙන සියුම් දාර ගහිත කල නිර්මාණ ද වෙයි.





ගවේෂණ




මෙම ව්‍යාපෘතියට වසර පහක (2009-2013) කාල සීමාවක් තිබූ අතර, එහි අරමුණ වූයේ එලෆොනිසෝස්හි ගිලී ගිය ගම්මානයේ ස්වභාවය සහ ලැකෝනියානු බොක්ක පාලනය කිරීමේ දී නගරයේ භූමිකාව පිළිබඳ පර්යේෂණ ප්‍රශ්න පිළිබඳ තොරතුරු හෙළි කිරීමයි.

උපුටා ගැනීම : Ravindu Bandara