අක්කෙ මම ප්රයිවට් කම්පැණි එකක වැඩ කරන්නේ , තව මාස දෙක තුනකින් කසාද බඳිනවා, මම බැන්දට පස්සෙත් රස්සාව කරන්න තමයි කැමති , හස්බන්ඩ් කියන්නෙත් වැඩට යන්න කියලා , ඒත් පවුල් වල අයයි, දන්න කියන ඔක්කොමයි කියන්නේ බැන්දට පස්සේ රස්සාවල් කරනකොට පවුල් ජීවිත අවුල් වෙනවා කියලා ? ඒක ඇත්තද අක්කේ ?
ඊයෙ තමයි නංගි කෙනෙක් මෙහෙම ඇහුවේ!!!
මේක ඇහුවම තරහ ගියාට වැඩිය හිනා ගියා ,මොකද බුකිය ඇතුළු සමාජ වටපිටාවේ පවුල් ජීවිත වලට උපදෙස් දෙන අයයි , ඒ දෙන උපදෙසුයි දැකලා ..

මුලින්ම සරළව කෙටියෙන්ම කියන්නම් …
කෑමක් හදන හැටි , ළමයි නිදිකරවන හැටි , බඩ අඩුකරගන්න හැටි , ගැන එක එක්කෙනාගෙන් උපදෙස් ගත්තට කමක් නැහැ , අනේ දෙයියනේ පවුල් කන විදිහ ගැන නම් උපදෙස් හිඟා කන්න එපා , එතන තමයි පවුල් අවුල් වෙන පළවෙනිම තැන ..කන දෙන්නා තමයි රහ කොහොම වෙන්න ඕනෙද කියලා තීරණය කරන්න ඕනේ , පවුල් කන විදිහ life line අරගෙන සමාජෙන් හොයන්න එපා .
මගෙ කතාව කිව්වොත් ,අපි දෙන්නා කසාද බැඳලා හනිමුන් යනකොට ගෙනිහින් තිබ්බේ එක tooth brush එකයි , එදා කරන්න දෙයක් නැතිකමට එක බුරුසුවෙන් දත් මැද්දා , ඒ පුරුද්දට දැන් අවුරුදු දහයකට වැඩි කාලයක් අපි දෙන්නම දත් මදින්නේ එක බුරුසුවෙන් , ( බුරුසු මාරු උනාට ගන්නේ එකයි ) මේක ඇහුවම ඔයාලා , ඊයා , මලජාරාව , අප්පිරියා නැද්ද , සවුක්යට හොඳ නැහැ , ඕවා මේවා කෝටියක් කියයි , හැබැයි ඒක මටවත් එයාටවත් කිසි ප්රශ්නයක් නැහැ , එකෙක් මැදලා ඉවර උනහම හෝදලා අනිත් එක්කෙනා මදිනවා …

පුරුද්දක් විදිහට අපි ගමන් බිමන් යන්නේ එකට ,මම තනියම යනවට එයා කැමතිත් නැහැ , එයා නැතුව යන්න මම කැමතිත් නැහැ , දවසක් මගෙ යාලුවෙක් කියනවා , මොන කරුමයක්ද බන් ඕක , උඹට කියලා නිදහසක් ඇත්තෙම නැද්ද , personal space නැතුව ගෙවන ජීවිතේ හෙන බෝරින් නේද කියලා ,
එයා ඒ කිව්වේ එයා ගැන මිසක් මම ගැන නෙමෙයි , මට ඕන personal space එකක් නැහැ , අපි දෙන්නා එකට නැති කිසිම තැනක මට කිසිම ජොලියක් ෆන් එකක් නැහැ , ඒ අපි පුරුදු වෙච්ච විදිහ ,ඕන කුණුහරපයක් කතා කරලා ,එක බියර් එක බීලා, බොක්කෙ තියන දේත් කියලා , ඉඳිකට්ට වගේ ළඟ ඉන්න ඕනේ ..
කාට හරි හෙන බෝරින් කියලා හිතුනට , පුද්ගලික ජීවිතයක් නැහැ කියලා හිතුනට , හිර වෙලා කොටු වෙලා කියලා හිතුනට වැඩක් නැහැ , අපි දෙන්නා තුල අපි දෙන්නා පට්ට කොන්ෆිඩන්ට් , හැමදේකටම පස්සේ අපිට අපි අති සාර්ථකයි .

මගෙ තව යාලුවෙක් ඉන්නවා , එයා හස්බන්ඩ්ගේ පඩිය කීයද කියලවත් දන්නෙ නැහැ , දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා , එයා එයාට ඕන ගමන් බිමන් තනියම යනවා , හස්බන්ඩ් වෙනම යනවා , දෙන්නම රෑ වෙලා ගෙදරට ඇවිත් හායි ඩාර්ලින් කියලා ජීවත් වෙනවා , මට උන් දෙන්නා දැක්කම මේ මොන ජීවිතයක්ද කියලා හිතෙනවා , හැබැයි මම එහෙම හිතුවට උන් දෙන්නට එහෙම හිතෙන්නේ නැහැ ,ඒ දෙන්නම ඒ LIFESTYLE එක ඇතුලේ පට්ට සැටිස් .
තව දන්න කෙනෙක් ඉන්නවා , හස්බන්ඩ් හෙනම පෝසත් , ඒ කෙල්ල ඒ මනුස්සයව බැන්දේ දුක් විඳලා එපා වෙලා හිටපු නිසා , සැප විඳින්න බලාගෙන ,එයාගේ හස්බන්ඩ් සැප විදිහට දැක්කේ බිස්නස් ඉතින් එයා බිස්නස් වෙනුවෙන් ජීවත් වෙලා බ්රේක් එකකට ගෙදර ගිහින් පවුල් කන්න කැමති කෙනෙක් ,මගෙ යාලුවත් ඒ වගේම තමයි , දවසෙම උය උයා ගෙවල් අස් කර කර ඉන්න එයාට උවමනාවක් වත් කැමත්තක්වත් තිබ්බේ නැහැ , එයා හෙව්ව සැප තිබ්බේ , BMW වල , luxury appartment වල , branded ඇඳුම් වල , ඒ ඇරෙන්න මම වගේ අතේ එල්ලිලා පාරෙ ඇවිදින්න , පැය ගණන් බයිලා කියවන්න , කෑ ගහලා හිනාවෙන්න එයාට ආසාවක් තිබ්බේ නැහැ , අනේ ඉතින් දෙයියන්ගේ පිහිටෙන් එයාගේ උනන්දුවෙන් භවුතික සැප මැද්දේ ඒ ඩබලත් එයාලා කැමති විදිහට අවුල් නොවී පවුල් කනවා ..
එක එක මිනිස්සුන්ට අවේනික වෙච්ච ජීවිත කතා සහ රටා තියනවා ,අපිට අවුල් වගේ උනාට , ඒක අපේ ක්රමය නොවුනට , අපි අකමැති උනාට , ඒ මිනිස්සු ඉන්නේ සතුටෙන් නම් එච්චරයි .
bulk cooking කරන්න එපා , මිනිහගේ අස්සෙම ඉන්න එපා , ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා , ගෑනු හුරතල් කරන්න එපා ,පවුල් කන්න ඕනේ මෙහෙමයි , හස්බන්ඩ් & වයිෆ් උනහම ඉන්න ඕනේ මෙහෙමයි , සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ මේකයි , කියල ඔයාගේ රාමුව අනිත් අයට දික්කරන්න යන්න එපා , අනිත් අය දික්කරන රාමු ගෙනිහින් ඔයාගේ ගෙදර එල්ලගන්නත් එපා ,
ගෙදරින් කාලා හරි , කඩෙන් කාලා හරි , ළමයි හදලා හරි , ළමයි නැතුව හරි ,ඒ ක්රමයට දෙන්නම එකඟයි නම් , දෙන්නම කැමතියි නම් වෙන්න ඕනේ එච්චරයි .
සාර්ථක පවුලක් කියන්නේ , දුවයි පුතයි ගේකුයි වාහනේකුයි තියන තැනකටම නෙමෙයි ,
උන් කැමති විදිහට උන්ට උන් වෙලා දෙන්නටම සතුටෙන් ඉන්න පුළුවන් වෙන ,තැනකට ..

ඉතින් ඒක තීරණය කරන්න ඕනේ පවුල් කන විදිහ උගන්වන ගෘප් වලින්වත් , පවුලුත් කාලා , පවුලත් කාලා ඉස්මුරුත්තාව හදාගෙන ඉන්න , නෝනා මහත්තුරුන්ගෙ මහප්රාණ උපදෙස් වලින්වත් නෙමෙයි .එකට ලගින්න බලන් ඉන්න දෙන්නගෙ කැමැත්ත මත විතරමයි .
ලංකාවේ පවුල් ජීවිත බහුතරයක් පිටින් ඔපේ යටින් හපේ වෙලා තියෙන්නෙත් ඔන්න ඕක හින්දා , අරයා මෙයා කියන දේවල් අරයා මෙයා කරන දේවල් මැච් කරන්න ගිහිල්ලා .
අනේ.. ඒ නිසා අනිත් ඕනම දේකට උපදෙස් දෙන්න , උපදෙස් ගන්න , හොඳ බිරිඳක් වෙන විදිහ , හොඳ සැමියෙක් වෙන විදිහ ගැන ඔය දෙන්නා විතරක් තීරණය කරන්න ..ලෝකෙට පේන්න බොරුවට හිනාවෙලා , හැංගිලා මරාගන්න විදිහ නෙමෙයි , ලෝකෙට පේන්න හිනාවෙලා හැංගිලා බදාගන්න පුළුවන් විදිහට දෙන්නට satis විදිහට adjust වෙන්න .
අනුන්ගෙ පිඟන් වලින් පවුල් කන්න යන්න එපා ඒ වගේම , මගෙ පිඟාන තමයි හොඳම පිඟාන කියල හිතාගෙන ඔයාගෙ පිඟානෙන් අනිත් අයට ගිල්ලවන්න යන්නත් එපා. ඔයා කියන්නේ එයා නෙමෙයි වගේම එයා කියන්නේ ඔයත් නෙමෙයි .
පවුල් ජීවිතේ විමානයක් නම් ඒක හදාගන්න ඕනෙ ඒ යකාට ඕනේ විදිහට මිසක් , අනිත් යක්කුන්ට ඕන විදිහට නෙමෙයි .
අන්තිමටත් කියන්නේ , සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ , ”මෙන්න මේ වගේ එකක් ” ඒක රවුම් , එක හරි හතරැස් ඒක ත්රිකෝණ ,කියල කාටවත් කියන්න බැහැ ,
කාලා , බීලා , නටලා , රණ්ඩුවෙලා , ඔය කොහොම හරි කමක් නැහැ අවසාන වශයෙන් ඩබලම සතුටින් නම් සාර්ථක ජීවිතයක් කියන්නෙ අන්න ඒකටයි …
උපුටා ගැනීම: අනිශා ජයකොඩි