පේර (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ පේර ගස් යට ඉදිලා වැටිලා නිකම් නාස්ති වෙලා යනවා කාගේවත් කිසිම අවදානයක් නෑ මේ පලතුර ගැන. විශාල වශයෙන් මුදල් වැය කරමින් විදේශීය පලතුරු වලට පුරුදු වෙලා ඉන්න අපේ මිනිස්සු මෙවැනි විටමින් බහුල පලතුරක් නිකරුනේ නාස්ති කර දැමීම අපරාධයකි….
පේරවල තිබෙන පෝෂණ කොටස් ගැන බොහෝ දෙනා දැනුවත් නැත. ශරීරයට අවශය වන විටමින් වර්ග කිහිපයක්ම පේර ආහාරයට ගැනීමෙන් අපගේ සිරුරට ලබා ගත හැකිය.. විටමින් සී බහුලව අඩන්ගු පේරවල සී විටමින් ප්රමාණය දෙවෙනි වන්නේ නෙල්ලි වලට පමනි.
තරබාරු පුද්ගලයන්ට ශරීරයේ බර සැහැල්ලු කර ගැනීමට පේර ඉතාමත් ගුණ දායක පලතුරක් වේ.නිතරම පේර ආහාරයට ගැනීමෙන් සිරුරේ ආහාර ජීර්ණ පද්දතියේ ක්රියාවලිය මැනවින් සිදු වේ..එසේම බඩ බුරුලට යාමේදි පේර ආහාරයට ගැනීමෙන් එම තත්වය මග හරවා ගත හැකිය.. දිය වැඩියා රෝගයට පේර ඉතාමත් සුදුසු පලතුරක් වේ. දේශීය ආයුර්වේදයේදි කැස්ස හා සෙම්ප්රතිශ්යාව සදහා පේරකොල කසාය පානය කිරීමට දෙනු ලැබේ. එමෙන්ම පේර ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වැඩි දියුනු කර ගත හැකිය. ඇස් වල රෝග ඇති වීම ද පාලනය කරනු ලබයි..
එමෙන්ම පිලිකා රෝගී තත්වයන් ඇති වීම වලක්වා ගැනීමට පේර ආහාරයට ගැනීමෙන් හැකියාවක් පවතී. පිරිමි පාර්ශවයේ පුරස්ති ග්රන්ථ වල පිලිකා තත්වයන් වලක්වනු ලබයි. පියයුරු පිලිකා පාලනය කර ගැනීමට ද පේර මගින් දායකත්වයක් සපයනු ලබයි. පේර තුල ප්රතිශක්තිකරණ හැකියාවද ඉතා ඉහලයි. හෘදයට ඉතා හිතකරයි.හෘදයේ බොහෝ රෝග වලට පේර ගුණ දායක වෙයි…
පේරවල තවත් බොහෝ වූ වටිනාකම් රාශියක් ඇත..සමේ පැහැපත් බාවය ඇති කර ගැනීමටද ලේ වල උෂ්ණත්වය අඩු කර ගැනීමට මෙන්ම ශරීරයේ ඇති විෂ නැසීමේ ගුණයක්ද පේර සතුව පවතී.. විටමින් සී යකඩ බහුල පේර ආහාරයට ගැනීම මගින් කටහඩ මිහිරි කරවන අතර තන්තු බහුලව ඇති පේර ආහාරයට ගත් පසු නැවත බොහෝ වේලාවකින් කුස ගින්නක් ඇති වන්නේ නැත .සෙම් රෝග වලටද පේර ඉතාමත් හිතකර පලතුරක් වේ. ලේ වල සීනි ප්රමාණය ඉහල නොදමන පේර ශරීරයේ සමතුලිතතාවය රැක ගැනීමට මෙන්ම හදවත් රෝගීන්ට නිර්දේශිත පලතුරක් ලෙසට හැදින්විය හැකිය.
ලොව පුරා අතිශය ජනප්රිය වූ ශරීරයට ඉතා ගුණ දායක වූ මෙවැනි වටිනා පලතුරක් ගස් යට ඉදී වැටී නාස්ති වනු දැක අහක බලා නොගොස් හැකි උපරිම අයුරින් තමන්ගේ දෛනික ආහාරයට මෙම පලතුර එකතු කරගෙන තම ශරීර සෞඛ්ය යහපත්ව පවත්වා ගන්න……
උපුටා ගැනීම:  නුවන් රංග

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!