ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් පමණක් ඉතා ඉහළ ආරක්‍ෂාවක්! පරීක්ෂණයකින් හෙළිවෙයි.. (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වල පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පමණක් වුවද ඉතා ඉහළ ආරක්‍ෂාවක් ලැබෙන බව දකුණු කොරියාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙවැනි ආරක්‍ෂාවක් ලැබෙන්නේ එන්නත ලබාගෙන සති දෙකක කාලයකට පසුව බවද සඳහන්ය.

ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවකින් සියයට 89.7ක ආරක්‍ෂාවක්ද, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රාවකින් සියයට 86ක ආරක්‍ෂාවක්ද ලැබෙන බව මෙහිදී හෙළි වී ඇතැයි රෝග පාලනය සහ වැලැක්වීම පිළිබඳ කොරියානු ඒජන්සිය ප්‍රකාශ කරයි. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ලක්‍ෂ 35ක් ආශ්‍රයෙනි.

‘මෙම එන්නත්වල පළමු මාත්‍රාවෙන් පමණක් වුවද ඉතා ඉහළ ආරක්‍ෂාවක් ලැබෙනවා. දෙවැනි එන්නතද ලබා ගත් විට ආරක්‍ෂාව තවදුරටත් ඉහළ යන නිසා රජය දැනුම් දී ඇති ආකාරයට ජනතාව මෙම එන්නත් ලබා ගැනීම සඳහා පියවර ගත යුතුයි.’ එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මේ ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ එන්නත්වල ආරක්‍ෂිත බව පිළිබඳ සැකසංකා හේතුවෙන් එරට ඇතැම් පිරිස් එන්නත් ලබා ගැනීමට මැළිකමක් දක්වමින් සිටින පසුබිමක් තුළය.

‘අපේ රටේ කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගෙන් සියයට 95ක්ම වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔවුන්ට ඇති අනතුර මෙම එන්නත් නිසා විශාල වශයෙන් පහත වැටෙනු ඇති’ යයි එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පවසා තිබිණි.

රුධිරය කැටි ගැසීම වැනි අතුරු ආබාධ ඇති වීමට තිබෙන ඉඩ ඉතා අවම බවද, ඒවා ඇති වුවත් බොහෝ දුරට සුව කිරීමට හැකියාවක් ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

 

උපුටා ගැනීම:       Lanka Telegraph

– සහන් වික්‍රමගේ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!