ෆෝබියාව (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
★ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක.
ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.
★ෆෝබියාව සාමාන්ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?
එන්නතක් විදින්න කලින් එන්නත් කටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්ය වෛද්යප්රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි.
★යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න පුලුවන්.
▲පාරම්පරික ෆෝබියා තත්වයන්.
▲තමන් ලැබූ බියජනක අත්දැකීමක් නිසා.
▲තමන් දුටු බියජනක අත්දැකීමක් නිසා.
▲ෆෝබියාවෙන් පෙලෙන්නෙකු ඊට හේතුවන අත්දැකීමක් ලබද්දී ඒ සමීපයෙහි සිටීම.
▲බියජනක අවස්ථාවක් ගැන දැනගැනීමට ලැබීම.
★ෆෝබියාව පහත ආකාරයට වර්ග කීපයකට බෙදා දක්වන්න පුලුවන්.
1.Natural environment phobia – ස්වාභාවික සංසිද්ධීන්ට දක්වන අධික බිය
2.Animal phobia – සත්ව වර්ග වලට දක්වන අධික බිය
3.Blood-injection-injury phobia – රුධිරය/එන්නත් වැනි දෑට ඇති අධික බිය
4.Situational phobia – ඇතැම් ස්ථාන හා අවස්ථා වලට ඇති අධික බිය
ඉහත මුල් අවස්ථා තුන බොහෝවිට ආරම්භ වන්නේ කුඩාකාලයේදී. Situational phobia යන්න බොහෝවිට වැඩිහිටි වයසේදී ආරම්භ වෙනවා. ඒවගේම කාන්තාවන් පිරිමින්ට වඩා ෆෝබියා තත්වයට පත්වීමේ හැකියාව වැඩි බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
මේ වන විට හඳුනාගෙන ඇති ෆෝබියා වර්ග ගනන 500 කට අධිකයි. පහත දැක්වෙන්නේ එයින් මම තෝරාගත් කිහිපයක ලයිස්තුවක්. කියවා බලන්න. සමහරවිට ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැකියි.
▲අබ්ලුට්රොෆෝබියා (Ablutophobia) – දිය නෑමට ඇති බිය
▲අකරොෆෝබියා (Acarophobia) – කැසීමට ඇති බිය
▲ඒසරොෆෝබියා (Acerophobia) – පැඟිරි රසයට ඇති බිය
▲අවුලුඕෆෝබියා (Achluophobia)- අඳුරට ඇති බිය
▲අකවුස්ටික්ෆෝබියා (Acousticophobia) – ශබ්දයට ඇති බිය
▲ඇක්රොෆෝබියා (Acrophobia) – උස ස්ථාන වලට ඇති බිය
▲එයරොෆෝබියා (Aerophobia) – ගුවන් යානාවල යාමට ඇති බිය
▲ඇග්ලිඔෆෝබියා (Agliophobia) – සුලු වේදනාවක්පවා විඳීමට ඇති බිය
▲ඇග්රිසූෆෝබියා (Agrizoophobia) – වන සතුන්ට ඇති බිය
▲එකොමොෆෝබියා (Aichmophobia) – උල් සහිත උපකරණ වලට ඇති බිය
▲ඇමතොෆෝබියා (Amathophobia) – දූවිල්ලට ඇති බිය
▲ඇල්බමයිනුරෝෆෝබියා (Albuminurophobia) – වකුගඩු රෝගයක් සෑදෙතැයි ඇති බිය
▲කොයිමෙට්රොෆෝබියා (Coimetrophobia) – සුසානභූමි වලට ඇති බිය
▲ඩිසිඩොෆෝබියා (Decidophobia) – තීරණ ගැනීමට ඇති බිය
▲ඉලෙක්ට්රොෆෝබියා (Electrophobia) – විදුලිබලයට ඇති බිය
▲එන්ටොමොෆෝබියා (Entomophobia) – කෘමින්ට ඇති බිය
▲එපිස්ටැක්සියොෆෝබියා (Epistaxiophobia) – නාසයෙන් ලේ ගලනු ඇතැයි බිය වීම
▲ගැමොෆෝබියා (Gamophobia) – විවාහවීමට ඇති බිය
▲ගෙරැස්කොෆෝබියා (Gerascophobia) – වයසට යාමට ඇති බිය
▲හෙලියොෆෝබියා (Heliophobia) – හිරු එලියට ඇති බිය
▲හර්පෙටොෆෝබියා (Herpetophobia) – උරගයින්ට ඇති බිය
▲හිමොෆෝබියා (Hemophobia) – රුධිරයට ඇති බිය
▲හොප්ලොෆෝබියා (Hoplophobia) – ගිනි අවි වලට ඇති බිය
▲හයිඩ්රොෆෝබියා (Hydrophobia) – වතුරට ඇති බිය
▲ඉයට්රොෆෝබියා (Iatrophobia) –
වෛද්යවරුන්ට ඇති බිය
▲ඇරැක්නොෆෝබියා (Arachnophobia) – මකුලුවන්ට ඇති බිය
▲ඇටැක්සොෆෝබියා (Ataxophobia) – අපිරිසිදු තැන්වලට යාමට ඇති බිය
▲ඔටෝමැට්නො ෆෝබියා (Automatonophobia) – ඉටිරූප, පිළිම ආදියට ඇති බිය.
▲බැසිලොෆෝබියා (Bacillophobia) – විෂබීජ වලට ඇති බිය
▲බාතොෆෝබියා (Bathophobia) – ගැඹුරු ස්ථාන වලට ඇති බිය
▲බුෆොනොෆෝබියා (Bufonophobia) – ගෙම්බන්ට ඇති බිය
▲කාසිනෝෆෝබියා (Carcinophobia) – පිළිකාවක් වැලඳෙතැයි ඇති බිය.
▲සෙරව්නොෆෝබියා (Ceraunophobia) – අහසේ ගෙරවිලි ශබ්දවලට ඇති බිය
▲ක්රොමොෆෝබියා (Chromophobia) – වර්ණ වලට ඇති බිය
▲ක්ලයිමකොෆෝබියා (Climacophobia) – පඩිපෙලවලට ඇති බිය
▲මෙලොෆෝබියා (Melophobia) – සංගීතයට ඇති බිය
▲මෙතිෆෝබියා (Methyphobia) – මත්පැන්වලට ඇති බිය
▲නෙක්රොෆෝබියා (Necrophobia) – මරණයට ඇති අධික බිය
▲නොසොකොමෙෆෝබියා (Nosocomephobia) – ආරෝග්යශාලා වලට ඇති අධික බිය
▲පැන්තොෆෝබියා (Panthophobia) – රෝග වලට ඇති අධික බිය
▲පොගොනොෆෝබියා (Pogonophobia) – රැවුලට ඇති බිය
▲ෆයිරොෆෝබියා (Pyrophobia) – ගින්දරට ඇති බිය
▲සියොෆෝබියා (Sciophobia) – සෙවනැලි වලට ඇති බිය
▲ටැකොෆෝබියා (Tachophobia) – වේගයට ඇති බිය
▲තාලාසොෆෝබියා (Thalassophobia) – මුහුදට ඇති බිය
▲ට්රිස්කයිඩෙකාෆෝබියා (Triskaidekaphobia) – අංක 13ට ඇති බිය
▲සියුසොෆෝබියා (Zeusophobia) – දෙවිවරුන්ට ඇති බිය
[අන්තර්ජාලය ඇසුරිනි]
උපුටා ගැනීම: Nadeesha Rathnayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!