මම ඉරන්දනී සිල්වා . වෘත්තියෙන් ගුරුවරියක් .
පත්වීම අරගන වැඩි කාලයක් නැහැ . කැම්පස් ගිහිං විභාග ලියලා පුද්ගලික අංශයේ අව්රුදු දෙකක් රැකියාවක් කලා .
ඊටත් පස්සේ අම්මා විදුහල්පතිනියක් නිසා අම්මගේ බල කිරීමට ගුරු විභාගය ලියලා ගුරු වෘත්තියට එද්දී මට අව්රුදු විසි පහ පහුවෙලා තිබුනේ .
ඉස්කෝලේ පත්වීම අරගන සතියක් දෙකක් ඉස්කෝලේ යද්දී ඔන්න මුළු ස්ටාෆ් එකටම තිබුන ප්රශ්නේ තමයි මගේ කසාදේ .
” පුතේ ….. බැදලා නැද්ද තවම “
” ටීචර් ඔයාට කව්රුහරි ඉන්නවද ?”
” අපේ පුතෙකුත් ඉන්නවා . කතා කරන්නද මං “
” අයියගේ යාලුවෙක් ඉන්නවා අක්කී , fb රික්වෙස්ට් එකක් දාන්න කියන්නද ?”
ඒ දාහක් ප්රශ්ණ වලින් සහ මගුල් කපුකම් වලින් ඉස්කෝලේ ඉහ ගහගන හිටියේ බොහොම අමාරුවෙන් .
ස්ටාෆ් එකේ කාගේ හරි වෙඩින් එකකට ගියපු දවසටත් හැමෝම අහන්නේ ” ලගදි කේක් කෑල්ලක් කන්න බැරි වෙයිද ?” කියලා . එතකොටනම් මට හිතෙනවා කේක් කන්න කසාද බදින්නම ඕනි නැහැනේ , ඕනිනම් මං කඩෙන් කේක් කෑල්ලක් අරගන දෙන්නම් කියලා කියන්න .
ස්ටාෆ් එකට අමතරව අපේ අම්මට , අප්පච්චීට , නෑදෑයෝන්ට තිබ්බ එකම ප්රශ්නෙත් කැම්පස් ගිහිං ඉවර වෙලාත් මට තවම කොල්ලෙක් නැති එක . එයාලා කවදාවත් තේරුම් ගන්නේ නෑ කැම්පස් ගිය පලියට එහෙම කොල්ලෝ කෙල්ලෝ යාළු වෙන්නේ නෑ කියලා . යාළු උනත් කසාද බදින්නේ නෑ කියලා .
අව්රුදු දෙකක් තුනක් ඔය සියලු කාරණා , ප්රශ්ණ කිරීම් විද දරාගත්තත් අපෙ අම්මලාගේ මාගුල් හෙවිමෙන් බේරෙන්න මට බැරි උනා . සෑම සති අන්තයකදීම වගේ මනමාලයෝ මාව බලන්න අපෙ ගෙදරට ආවා . බුලත් හෙප්පුවකුත් අරගන ඒ හැම මනමාලයා බලන්න මමත් ගියා .
එත් එක දවසක් මනමාලයෙක් මාව බලන්න එන්න කලින්ම ෆේස් බුක් එකේ මගෙත් එක්ක චැට් කලා . ඉංජිනේරුවෙක්වූ ඔහුගේ නම චේතිය . චේතිය ලස්සනයි . සුදුයි , උසයි . මගේ අදහස් වලට චේතියගේ අදහස් ගැලපුනා . ඉතිං අවසානයේ අපේ අම්මලා ගෙනාපු චේතියගේ යෝජනාවට මම කැමති උනා .
වෙඩින් එකට නැකත් බැලුවේ අපි අව්රුද්දක් ඉදිරියට කාලය ඉතුරු කරගන . ඒ අපේ වැඩ ලස්සනට පිළිවෙලට හොදටම හොයලා බලලා කරන්න ඕනි නිසා .
මුලින්ම අපි නම ගිය හෝටලයක් තෝරාගත්තා . ඉන් පසු මගේ හැඩගැන්වීමේ ශිල්පිනිය , චේතියගේ මුල් ඇදුම් ඉන්පසු අපි සොයා බැලුවේ අපේ ඡායාරූප ශිල්පියාව .
චේතියගේ වගේම මගෙත් අදහසක් තිබුණා හොද දක්ෂ පළපුරුදු ඡායාරූප ශිල්පියෙක්ව තෝරාගන්න . අපේ ප්රදේශයේ දක්ෂ ඡායාරූප ශිල්පින් අතරෙන් අවසානයේ තෝරා ගත්තා අපි දෙදෙනාගේම කැමැත්තෙන් පුද්ගලයෙක් .
එයා මට කතා කලේ නංගා කියලා . කතාවෙන් ඒ වගේ හොද ෆොටෝ අයියෙක් මම මීට කලින් කවදාවත් දැකලා තිබුනේ නැහැ .
කතාව වගේමයි ෆොටෝ අයියගේ වැඩත් , ලස්සනයි , කලාත්මකයි . තනි වචනයෙන් කිව්වොත් සුපිරි .
අව්රුදු ගණනක ලංකාවේ ඉතා ප්රසිද්ධ වෙන්න ෆොටෝ අයියගේ හැකියාව සහ දක්ෂතාවය හේතුවක් .
ෆොටෝ අයියට සියළුම මුලික ගෙවීම් සිදුකලේ මාස ගණනකට කලින් අපේ දවස වෙන් කර ගන්න ඕනි නිසා . අයියත් මුලින්ම කිව්වේ එයාව බුක් කරගන්න ඕනිනම් දැන්මම ඇඩ්වාන්ස් කරන්න කියලා .
ටිකෙන් ටික දින සති , මාස ගෙවිලා ගියේ අපිටත් නොදැනීම . අපි දෙන්නා වගේම අපේ පවුල් දෙකේ සාමාජිකයොත් වෙඩින් එකට කඩි මුඩියේ ලෑස්ති උනා .
අවසානයේ හෙට වෙඩින් .
හෙට උදෙම සැලෝන් එකට යායුතු නිසාත් රෑ නමයට මම නින්දට ගියා . මනමාලියක් වෙන එකත් ලේසී නෑ නේ . පාන්දර දෙකේ ඉදං අන්දවනවනේ .දෙවැනි මනමාලියෝම තුන් දෙනෙක් . ඉතිං සැලෝන් එකේ අක්කා කිව්වා උදේම වැඩ පටන් ගමු කියලා . උදේම කිව්වේ මහ පාන්දර .
යන්තන් ඇස් දෙක පියවීගන එද්දී මගේ ෆෝන් එක රිං වෙන්න පටන්ගත්තා . අවදිවෙලා කෝල් එක අන්සවර් කලාම එහා පැත්තෙන් කතා කලේ අපේ ප්රසිද්ධ රටේ නම ගිය ෆොටෝ අයියා .
” හෙලොව් … නංගා , මම මේ රෑ කතා කලේ පොඩි විස්තරයක් කියන්න “
ෆොටෝ අයියා එහෙම කියද්දී මට හිතුනේ හෙට ශුට් එක ගැන දෙයක් වෙන්න ඇති කියලා . ඒ නිසා මම කියන්න අයියේ කියලත් කිව්වා .
” නංගා මට හොදටම උණ , හෙට වෙඩින් එක කවර් කරන්න මට එන්න වෙන්නේ නෑ “
ඒ වචන ටික ඇහුවා විතරයි මගේ ලබ් ඩබ් ගාන හදවත එක පාරම නිශ්ශබ්ද උනා .
මේ මනුස්සයා මට ඇහෙන්න කහිනවත් එක්ක .
ඇත්තටම උණ නම් දැන් අපි මොකද කරන්නේ ?
කෝකටත් චෙතියත් එක්ක කතා කරනවා කියන අදහස මගේ ඔළුවට එක පාරම ආවේ .
” නංගි …. ඔයාට ඕනිනම් මගේ ඇසිස්ටන් කෙනෙක් හෙට එවන්නම් “
” මම චේතියට කෝල් එකක් ගන්න කියන්නම් “
එහෙම කියලා ෆෝන් එක තියපු මම කෑගහලා ඇඩුවා .
මුළු ගෙදරම මිනිස්සු ගල් ගැහිලා දැන් මොකද කරන්නේ කියලා කල්පනා කරනවා .
චේතියත් අපේ ෆොටෝ අයියට කෝල් කරලා වැන්දේ නැති ටික විතරයි . එත් ඔහු බෑ කිව්වා . අවශ්යනම් ඇසිස්ටන් කෙනෙක් එවන්නම් කිව්වා .
ඔහුගේ සහයකයෙකුගෙන් වෙඩින් එක කවර් කරන්න අපේ හිතේ කොහොමත් කැමැත්තක් තිබුනේ නැහැ .
ඒ හේතු දෙකක් ඇති නිසා .
එකක් ඒ එන සහායකයාගේ දක්ෂතාවය අපි දන්නේ නැහැ . අනිත් හේතුව අපි මිල මුදල් ගෙව්වේ ප්රධාන ෆොටෝ අයියට නිසා .
වෙඩින් එකට කලින් දවසේ රෑ දොලොහට විතර අපි හති වැටෙනකම් වෙනත් ඡායාරූප ශිල්පියෙක් හෙව්වා ෆොටෝ අයියගේ ගෙදරට ගිහිං දෙකක් අමතලා , ඇඩ්වාන්ස් සල්ලීත් ගත්තට පස්සේ .
ඒ වෙද්දීත් මම වැලහින්නක් වගේ අඩන එක විතරමයි කලේ . මගේ ලස්සන දවස ගැන මම මවපු හීන ඔක්කොම විනාස වෙන නිසා .
ඊට පස්සේ අපි කලේ අපි බලලා අවසානයේ ඊට වඩා මෙයා හොදයි කියලා අයින් කරපු , අපේ ලිස්ට් හිටපු එක ඡායාරූප ශිල්පින්ට මහා රෑ කෝල් කරලා වද දුන්න එක .
සමහරු ෆෝන් අන්සර් කලේ නෑ .
සමහරු බැනලා ෆෝන් එක තිබ්බා .
එත් අපේ වාසනාවට එක් ඡායාරූප ශිල්පියෙක් හෙට උදේ වැඩේ කරන්නම් කියලා බාර ගත්තා .
ඊට පස්සේ නිදාගන්න වෙලාවක් නැති නිසා අපි කෙලින්ම සැලුන් එකට. ගිහිං වෙඩින් එකට යන්න මනමාලිට අදින්න පටන්ගත්තා .
වෙඩින් එක දවසේ උදේ පහේ ඉදලා ඔහු අපේ ඡායාරූප ශිල්පියා උනා . තෑන්ක් යූ කාර්ඩ් එක දකිද්දී අපි නොහිතු විදියට ඔහු ඔහුගේ කාර්ය ඉටු කරලා තිබුනා .
එදා හවසම ආරංචි උනා කලින් තෝරගන මුදල් ගෙවූ ෆොටෝ අයියා එයාගේ ෆේස් බුක් පිටුවේ වෙනත් මංගල උත්සවයක ඡායාරූප එකතුකර ඇති බව .
ඒ වෙඩින් එක ලොකුම ලොකු හොටෙල් එකක පිට වඩා ලොකුවට ගත්ත මගුලක් .
අනාගතේ වෙඩින් මඟුල් ගන්න ඉන්න අයට මේවා හොද පාඩම් ඕං .ඒ නිසා තෝරාගැනීම් කරද්දී පරෙස්සන් වෙන්න .
අපි දක්ෂයි , හොදයි කියලා හිතන මිනිස්සු සමහර විට නරකයි , කපටි වෙන්න පුළුවන් .
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –