අපේ වත්තේ කොනක ගමේ සියල්ලන්ගේ පොදු දායකත්වයෙන් ඉදිකරවූ පොදු ලිදකි.එහෙයින් එය අපට පමණක් නොව ගමේ සියල්ලන්ටම එක සේ පොදුය..ඒකාලයේ එම ලිද ලග කවුරුත්ම නැති අවස්ථාවක් නැති තරමටය.ඒ තරමටම එහි ලිද ලග සංගමේ සබා වාර එමටය.එකක් ඉවර වූ විට තවත් සබා වාරයක් අනිවාර්යය.
ලිද ලග සංගමේ සබාපතීත්වය දැරුවේ මහා කට සැර ගැහැණියකි.ඉදහිට ඉඩම් මායිම් සම්බන්ධ ඇතිවන පුංචි පුංචි කථික තරග වලදී ඇය ඉතාමත් පහසුවෙන් ජයග්රහණය කරන්නේ ප්රතිවාදීන්ගේ මුලු ජාතකේම ගමටම ඇහෙන ලෙස දිගාහැරීමෙනි.සබාපතීත්වය දැරුවද ඇය ලිදට කරවූ සෙතක්නම් නැත.ලිද ඉසින දවසට ඇය පලාතකවත් හොයා ගන්නට නැත.
අඩි හත අටක් පළල අඩි පහලොවක් පමණ දිග ලිද ඉසීම ලේසි පාසු කාර්යක් නොවේ.ඒ සදහා ගමේ පිරිමි පස් හයදෙනෙකුවත් අනිවා අවශ්ය වේ.ඉතින් දවසක් ලිද ඉසින දිනක මාත් මගේ අතිජාත මිත්රයයි එතනට වී බලාගන ඉදියෙමි.ලිදෙහි බාගයක් පමණ ඉසීමෙන් අනතුරුව අපටත් ලිදට බැසීමට අවස්ථාව උදා විය.ලිදෙහි එහෙට මෙහෙට පනිමින් විටෙක ගිලෙමින් අපි අපමණ ප්රීතියක් ලැබුවෙමි.පිහිනීමට සුදුසු ඇලක් දොලක් අපේ ගම අහලකවත් නැත.කුබුරට වතුර ගන්නා ඇලෙහි පීනුවහොත් වෙරලු ගෙඩි සයිස් පලු ඇගපුරාම දමන්නේ එම වතුර ඒ තරමටම කොලටි නිසාය.එම සිද්ධිය වී මසකට පමණ පසු මායි මගේ මිත්රයායි හවසක සෙල්ලම් කරවිත් ලිං බැම්ම උඩ හිදගෙන මහන්සි අරිමින් ඉදියේය.
“ඒ එදා වගේ අපි ලිදට පැනල පීනමුද බං”සුසා ගෙනා යෝජනාවට පයින් ගසන්නට මටත් අයිඩියා නැත.”කවුරු හරි එයිද බන්”යැයි මා විමසූ විට”මොකා එන්නද මේ කලුවර වැටීගෙන එන වෙලාවෙ අනික හීනියට පොදේකුත් යනව”ඒ වචන ටිකට මගේ හිතේ බය පස්ස දොරෙන්ම පැන දිවුවේය.
දෙදෙනා සමග ලිදේ ඒ මේ අත පනිමින් හිතේ හැටියට දියකෙළිමින් පීනන්නට පුරුදු වුනෙමි.ඒ සතුට වැඩිවෙලාවක් තිබුනේනම් නැත.කලින් කී ගැහැණිය සෝදන්න රෙදි බාල්දියකුත් රැගෙන ලිද ලගට පැමිණියේ අප දෙදෙනාම අන්දුන්කුන්දුන් කරමිනි.ලගම වූ දං ගහෙන් කෝටුවක් කඩාගත් ඈ ගමටම ඇහෙන සේ දොස්දෙවොල් තියන්න පටන් ගත්තේ හරියට අප උන්දලාගේ ගේ බින්දා වගේය.
කරන්නට කිසිදෙයක් නැත.ලිද ලගට හතර පස් දෙනෙකු රැස්ව ඇත.මුලින්ම මා ලිදෙන් ගොඩට ආවෙමි.මාගේ පශ්චාත් බාගයට දං කෝටු පාරවල් හතර පහක් වැදුණි.සුසාගේ කනෙන් අල්ලා ලිදෙන් ගොඩට අදිනා අවසරයෙන් මා පැන දිව්වේ ඉදියොත් තවත් ගුටි පූජාවක් ලැබෙනා බව දන්නා බැවිනි.දුවගොස් දොර මුල්ලේ හැංගී තත්වය සාමකාමී වන තෙක් බලා ඉදියෙමි.තත්වය සාමකාමී වනු වෙනුවට බරපතල බව මට හැගී ගියේ කලින් කී ගැහැනිය අපේ ගෙදරට මා සොයා එන ශබ්දය ඇසීමෙනි.ගෙදර හිටියේ ආච්චි පමණි මා කර ඇති නොසන්ඩාල වැඩේ ඇසූ විට ආච්චීම මාගේ කනෙක් අල්ලා එලියට දැමූ විට මට කරකියාගත නොහැකි විය.
ලිදම බොර පැහැයට හැරී ඇත.මා එහි යන විට සුසා අඩමින් ලිදෙහි ගැට්ටට බැස වතුර ඉසිමින් සිටියේය.මගේ අතටද බාල්දියක් දී අනිත් පැත්තේ සිට ලිද ඉසින්නට නියෝග ලැබුනි.මුලු ලිදම අස් කරලා මිසක ගොඩට එන්න එපා..මුන් තියන්න වටින්නෑනෙ යකෝ..අම්මප මුන් හදල තියෙන හැටි..මගේ ලමයෙක් ඒම වුනානම් දනී කරන දේ..එකී මෙකී නොකී කතන්දර රාශියකි.අසරණ වූ අප දෙදෙනාගේ පිහිටට කුබුරේ පතල් කපන සෙට් එක ආ හෙයින් දඩුවම තරමක් ලිහිල් විය.මුලු ලිදම අස්කොට ඉන් පිටතට පැමිනි අපිට උපදෙස් කෝටියකි.වඩාත් අමාරු දේ ඒවා අසා සිටීමයි….
අදටත් මට පීනන්න බැරිය.යාලුවන් සමග ඇලක දොලක නෑමට ගිය විට නොගැඹුරු හරියේ පමණක් නෑමට මං වගබලාගන්නේ ඒ හේතුව නිසාමය.ගිලෙන්න ගොස් යහලුවන්ගේ කරේ එල්ලී ගොඩ ආ අවස්ථාත් නැතුවම නෙමේ ඉතින්
මගේ පලවෙනි කතාව මේ.රහට ලියන්නනම් දන්නෑ ඉතිම්.අඩුපාඩු තියේනම් කියන්න

උපුටා ගැනීම: SiHara MiYuranga