පිලිස්සුණු දිවට ප්‍රතිකාර කල හැකි ක්‍රම 10 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

උණු උණු කෑමක් හෝ බීමක් රසබලන්න ගිහින් දිව පිච්චුණු අත්දැකීම් ඔබටත් ඇති වෙලා ඇති. අපට රස දැනෙන්නේ අපේ දිවේ පිහිටා ඇති රසාංකුර නම් සුවිශේෂී පිහිටීම් නිසයි. දිවට අමතරව මෙවැනි රසාංකුර අපේ කොපුල් වල සහ උගුරේ පවා පිහිටා තිබෙනවා. නමුත්, දිවේ තිබෙන එම රසාංකුර පිලිස්සුණු විට මේ අමතර රසාංකුර වලින් අපට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති නිසා ආහාර වල නියම රසය විඳගන්න එක අපට අපහසු දෙයක් වෙනවා. සාමාන්‍යයෙන් දිව පිලිස්සුණු විට අපට සහනයක් ලබාගන්න පුලුවන් ක්ෂණික සත්කාර ක්‍රම කිහිපයක්ම තිබෙනවා. දිව පිච්චෙන්න පුලුවන් වුණත් උණු උණුවෙන්ම කෑමවල බීමවල රස බලන්න පුරුදු වෙලා ඉන්න අයට මේ අත් බෙහෙත් ක්‍රම දැනගෙන ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියා අපි හිතනවා!

  1. ලුණු වතුරෙන් දිව සෝදන්න

සිසිල් ජලය සහ ලුණු කුඩු මිශ්‍රකරමින් සාදාගත් ලුණු වතුර මිශ්‍රණය දිවට වත්කරමින් දිව සෝදාගන්න. ලුණු වතුර වල ඇති විෂබිජ නාශක ගුණය මඟින් දිව හොඳින් පිරිසිදු කිරිමද සිදුකරයි .

  1. කිරි වල දිව පොඟවාගෙන සිටින්න

කිරි වලින් දිව මත සියුම් වැස්මක් ඇතිකරවන නිසා වේදනාව ඉක්මනින් දුරු වී යයි. සිසිල් කිරි බඳුනකට දිව ඔබාගෙන ටික වේලාවක් සිටින්න. දිවේ වේදනාව සමනය වන තුරු නැවත නැවත මෙම සත්කාරය සිදුකරන්න. ජලයට වඩා කිරි භාවිතා කරමින් ප්‍රතිකාර කිරීම වඩාත් ඵලදායි වන්නේ එහි ඇති එම විශේෂ වැස්මක් ඇතිකිරීමේ හැකියාව නිසාය.

  1. දිවේ පිලිස්සුණු ස්ථානයට මී පැණි ස්වල්පයක් ආලේප කරගන්න

මී පැණි දිවේ ඝනකම් තට්‍ටුවක් සේ ආලේප කර, ඒවා ගිලින්නේ නැතිව ටික වෙලාවක් සිටින්න. මී පැණි වල ඇති සමනය කරන ස්වභාවික ගුණය මඟින් පිලිස්සුම් තුවාල පවා ඉක්මනින් සුවපත් කිරීමට එහි විශේෂ හැකියාවක් ඇත.

  1. මින්ට් චුයින්ගම් එකක් දිවේ පිලිස්සුණු තැන මත තබන්න

මින්ට් චුයින්ගම් වල ඇති මෙන්තෝල් මඟින් දිවේ සිසිල් බව දැනෙන ප්‍රදේශ සක්‍රීය කරවයි. දිව මත දැනෙන එම සිසිලස නිසා දිවට යම් සුවයක් දැනෙන්නට පටන්ගනියි. මින්ට් චුයින්ගම් කැබැල්ලක් දිවේ පිලිස්සුණු ස්ථානය මත මද වේලාවක් තබාගෙන සිටින්න (එය සැපීම නොකල යුතුයි).

  1. කෝමාරිකා යුෂ හෝ මදය දිව මත ආලේප කරගන්න

සාමාන්‍ය පිලිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා වන ප්‍රබල ඔසුවක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකියි. කෝමාරිකා සාරයේ ඇති ගුණ නිසා පිලිස්සුම් තුවාලය සුවපත් වීම වේගවත් කරවන අතර පළමු ආලේපයෙන්ම දිවට හොඳ සුවයක් ඇතිකරවයි. දිව මත කෝමාරිකා ආලේප කර මද වෙලාවක් දිව මත ඒවා තිබෙන්නට හරින්න.

  1. චොකලට් කැබැල්ලක් හෝ සීනි කැටයක් ලෙවකන්න

සුව කිරීමට අපහසු තුවාල සුවපත්කිරීම සඳහා සිනි කැට භාවිතය ඉතා ප්‍රචලිතය.සිනි කැටයක් හෝ චොකලට් කැබැල්ලක් දිව මත තබා උඩු හනුවට එරෙහිව තද වන සේ තබාගෙන සිටින්න. මේ සඳහා සිනි අඩංගු ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කල හැකියි (ලොලිපොප්,ලොසින්ජර් වැනි).

  1. අයිස් කැටයකින් දිව මතට ජලය වැටෙන්නට සලස්වන්න

එය ඇඟිලි වලින් අල්ලා දියවි දිවට වැටෙන සේ අල්ලාගෙන සිටින්න.අයිස් කැටය සෘජුව  මුවට දමා නොගතයුතුයි (අයිස් කැටය සැපීම සිදුනොකල යුත්තේ ඉන් ඔබේ දත් වලට හානි ඇති විය හැකි නිසාය.)

  1. සිසිල් යෝගට් කෝප්පයකට දිව දමාගෙන සිටින්න

ලැක්ටො බැක්ටිරීයා අඩංගු ඕනෑම කිරි නිෂ්පාදනයක් මේ සඳහා සුදුසුයි.මෙම බැක්ටීරීයාවන් මඟින් පිලිස්සුනු දිව මත ආසාදනයන් වර්ධනය වීමේ අවදානම අඩුකරවයි.

  1. බල්ලෙකු ආකාරයෙන් දිව එලියට දමා දිවෙන් හුස්මගන්න 

දිව පිලිස්සී ඇති විට මුව වසාගෙන නොසිට දිව එලියට දමමින් හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට ඉඩසලස්වන්න.දිව එලියට දමාගෙන සිටින අතරේ දිව තුලින් හුස්ම ගැනීමට පිටකිරීමට උත්සාහ කරන්න. යමකට දිව පිලිස්සුණු විට මේ ක්‍රමය උත්සාහ කරබලන්න. ඉන් ඔබට ක්ෂණික සහනයක් බොහෝ දුරට ලැබේවි.

  1. දිවෙන් මලක සුවඳ බලන්න.

මෙම උපක්‍රමය මඟින් වේදනාව කෙරෙහි යොමු වී ඇති ඔබේ අවධානය යම් ප්‍රසන්න දෙයක් කෙරෙහි වෙනස් කිරීම සිදුකරමින් ඔබට යම් සහනයක් සලසයි.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!