ආදරය නිසා ඊරිසියාව උපදිනවද,
ඊරිසියාව නිසා ආදරය උපදිනවද කියලා,
මගේ කතාව අවසානයේ ඔබම තීරණය කරන්න,
අපි කසාද බැදල හරියටම අවුරද්දක් පිරෙන දවසේ, උදේ මම ඇයට අපූරු යෝජනාවක් කරා, ඒක අපූරු කියල කියන්නද නැත්තං පුදුම කියල කියන්නද මට තේරෙන් නැ. එත් මාස ගානක් තිස්සේ හිතලා, හොයල බලල, උපදෙස් අරන්,
හිත හදාගෙන තමයි, මම ඒ යෝජනාව කරා.
ඇනිවසරි එක හින්දා ඇය උදේ කිරිබත් හදල තිබ්බා, උදේ තේ මේසයට
කිරිබත් කෙසෙල් ගොඩි සහ තේ ලෑස්ති කරලා තිබුනා. මට ලොකු ධෛර්යයක් තිබුනා. කිසිම කලබලයක් නැතුව වචන ගලපගෙන, මගේ අදහස ඇයට කියන්න.
ඇත්තටම මම ඒක පුහුණු උනා කීවොත් නිවරදියි.
‘‘ නිලූ මට හිතෙනව අපි දික්කසාද උනොත් හොදයි කියලා‘‘
—–
ඉස්කොලේ කෙඩේට් කන්ඩාමේ හිටිය හින්දම නෙවෙයි, කෝමත් මම ජීවිතයට පිළිවෙල එකතු කරගත්ත කෙනෙක්, අම්මා උනත් පුංචිම කලේ මගේ පිරිසිදුකම, ඇදුම් ගැන මටම බලාගන්න පුරුදු පුහුනු කරා, ඇදුම් පිලිවෙලට තියා ගන්න එක, වෙලාවට වැඩ කරන එක මගේ ජීවිතයට සාමාන්ය දේවල්,
මිතුරන් සමග සංගීත සැන්දෑවකට ගියත්, සාදයකට ගියත්, වෙන් කරපු වේලාවට වඩා, මිනිත්තුවක් වත් මම හිටියේ නැ. එයාල ඊළග දවසේ ලෙඩ නිවාඩු දැම්මට. මම කවදාවත් හිතටවත් බොරු කරේ නැ. ඒක නිසා මගේ ජීවිතය බොරුවෙන් තොර එක්ක උනා. විධායක ශ්රේණියේ රැකියවක් ලද මා ඉතා ඉක්මනින් උසස් වීම වලට හිමිකම් කීවා. පහළ මට්ටමේ සේවකයන් උවත් රාජකාරි මට්ටමෙන් පිට කිසිම වැඩක් පැවරුවේ නැති නිසාම ඒ අයගේ හොද හිතද, මා කෙරේ තිබනු කියලා මට දැනුනා.
කාලයත් එක්ක විවාහයක උවමනාව දැනුනා. ඒත් මං බොළද පෙම්වතෙක් උනේ නැ. ඒක නිසාම යෝජනා වලට ඇහුම් කන් දෙන්න මම හිත හදාගත්තා. ඒකේ අවසන් ප්රථිඵලය උනේ ගුරුවරියක් බිරිද වශයෙන් පිළගන්න මගේ හිත එකග උන එකයි.
‘ඇය නිලුපා‘
පවුලේ එකම දියණිය වන ඈ උගත්කමත් රූමත්කමත් සම සමව උරුමෙන් ගෙනාව. කෙල්ලක් හැටියට, බිරිදක් හැටියට ඇගේ එකම වරදක් වත් හොයාගන්න බරි උනා කීවෝත් මම නිවරදියි.
සමාජය සම්මත යැයි කියන චාරිත්ර වලින් අපි විවාහ උනා. මධු සමය නැත්තම් ශරීරවලින් හැදින ගැනීම, ප්රීතිමත්ව උනා. විවාහයෙන් පස්සේ අපි අළුත් ගෙදරක පදිංචි උනා. අළුත් ගෙදරට අපු මුල් දවසේ, ඇය මගේ සරමක් හෝදල තිබුනා
‘‘නිලු ඔයා මගේ ඇදුම් හෝදන්න එපා, ඔයා උයන නිසා, ඒවා මමම කරගන්නං‘‘
ඇත්තටම, රෙදිහෝදන එක හරි කාමරය පිළිවලට තියාගන්නවා කියන එකම මාට සාමාන්යයි. එක් නිසා ඈට ඇගේ වැඩත් මම මගේ වැඩත් වෙන වෙනම කරගත්තා.
කෑම මේසෙදි අපි, හෙට ගැන, දෙමව්පියන් ගැන, කතා උනා. රැ වෙනකම් නිදා නොගන්න මම, ඈ නිදාගත් පසු, රූපවාහිනි සහ පරිඝණකය ක්රියාත්මක කරා.
කාලය ගෙවිල ගියා, ජීවිතය එන්න එන්නම යාන්ත්රික උනා. විවාහය කියන්නේ ලිංගික එකතුවීමද කියන එක මට ප්රශ්ණයක් උනා. කාර්යාලයේ මිතුරෝ, විදේශීය කාන්තාවන් ගැන අභිරුචියෙන් කතාකරා. එතකොට විවාහය කියන්නේ දරුවෙක් හැදීම විතරමද ?
ටිකෙන් ටික මෝරපු මගේ අදහස ට මම පන දුන්නා. ඒත් දෙපැත්තේම වැඩිහිටියන් අපි ආදර්ශමත් යුවල කියල සමාජයට නිරුවත් කරලා තිබ්බ නිසා, සෙමෙන්, තීරණ ගන්න සිද්ධ උනා.
‘‘ නිලූ මට හිතෙනව අපි දික්කසාද උනොත් හොදයි කියලා‘‘
මම අගේ වෙනස අපේක්ෂා කරා. පිස්සුද ? විහිළු කරන්න එපා, ඇයි දැන් මොනවා වෙලාද ? ඔය වගේ ප්රශ්න සහ විසම හැසීරීමක් එක්ක. මම ඒකට සැලෙන් නැ. මොකද මම හිත ඒ වෙනුවෙන් සකස් කරගෙන තිබ්බේ. ඒත් සිද්ධ උනේ නොසිතුව දෙයක්
‘‘දැන් පරක්කු වෙනවා හවසට කතා කරමු අද පොඩි උන්ට විභාගේ‘‘
ඇය සිනාමුසු මූනින්ම කීවා.
දවල් කාර්යාලට ගියත් මට හිත එකග කරගන්න බැරි උනා. ඇයි ඇය කලබල නූනේ. ඒ කියන්නේ ඇයත් මේක අපේක්ෂාවෙන් හිටියද ? එහෙම නම් අපි දෙන්නගේ අදහස එකයි. මම එහෙම හිතුවා. එක්කෝ, ඇයට කවුරුහර ඇති. මගේ තීරණයෙන් ඇය උද්දාමයට පත්වෙන්න ඇති. මට මෙතෙක් දැනුන සැහැල්ලුව නැති වෙන්න ගත්තා.
හවස මම ගෙදර ආවා. එයා පේන්න හිටියේ නැ. කාමරයේ ඇගේ දුකකථනය තිබ්බා. මට ඈ කොහේ ගියාද ? යන සැකය ආවා, ඒක සැකයක්ම කියන්න බැ. බයක් වගේ එකක්. එත් නාන කාමරයෙන් ඇසුන ශබ්දය එක්ක බය පසුපෙලට ඇවිත් සැකය ඉදිරිපෙලට ආවා.
මම කාමරයට ගිහින් ඇගේ දුරකථනයේ කෙටිපණිවිඩ කියවන්න තරං අලජ්ජ උනා.
එත් එකම සැක සහිත දෙයක් වත් නැති කමේ දුකින් මම පෙළුනා. මට ඕන උනේ මං ගත්ත තීරණය සධාරණය වෙනවා දකින්න. ඒ දික්කසාද වෙන කෙනා කුමක් කරත් මට මොකද යන හමුදාමය තීරණය මගේ හිතේ හොල්මන් කරා.
රැ කෑම වෙලාවෙදී නැවත මම ප්රශ්නය එලියට දැම්මා.
‘‘ නිලූ මට හිතෙනව අපි දික්කසාද උනොත් හොදයි කියලා‘‘
ම් එහෙමද ඈ කිවේ බොහෝ වෙලා කල්පනා කරලා, ඒත් ඇගේ හිනාමුසු මූනේ කිසිම හැගීමක් තිබ්බේ නැ.
‘‘දැන් කොහොමද මේක වෙන්නේ ඔයා උසාවි යනවද ? මං මොකද කරන්න ඕන‘‘
‘‘මම කේස් එක දන්න කියන ලෝයර් කෙනෙක්ට දුන්නා. එයා හැන්ඩ්ල් කරයි !‘‘
මට නැවත වරක් අගේ හැසිරිම ප්රශ්නයක් උනා. ඈට කවුරු හරි ඇත. මට හිතෙන්න ගත්තා. ටිකෙන් ටික මම හිතන කාලය වැඩ කරලා වැඩ කරන කාලය අඩු කරා. පැය දවස් වෙලා ගෙවිලා ගියා.
‘මට ඕන උනේ ඇය වෙනත් සම්බන්ධයක් පවත්වන බව තහවුරු කර ගන්න‘‘
ඒ ඈව උසාවි ගෙනියන්න නෙවෙයි, මගේ හිතේ උසාවියෙන් නිදහස් වෙන්න. එත් ඈ පුරුදු පරිදි සිනාමුසු මූනෙන් දවස ගෙව්වා. මම ඔත්තු බලන්නෙක් බවට පත් උනා. කාර්යාලයට යන අතරේ, අගේ දුරකථනය බැලීමේ, තැන ඉදලා පැසැල අවට ගැවසෙන කෙනාගේ තත්වයට මම පත් උනා. එත් ඇගේ කිසිම වැරද්දක් හොයාගන්න බැරිවීමේ කනස්සල්ලෙන් මම පෙලෙන්නට උනා.
හවස් කාලයේ බීර එකක් අරගෙන මානසික ආතතිය වැඩි කරගත්තා. ඇය නිර්දෝශීයි කියල හිතන්න මං බයවෙන්න ගත්තා. ඒත්
‘‘ඇයට දික්කසාදය දීල මං ජීවිතය තේරුම් ගන්නවා‘‘
කියන විවෘත වඩාත් පුළුල් තීරණය ගැන මම කැමැත්තෙන් පසු උනා.
සිකුරාදා හවස මම කලින් ගෙදර ආවා, ඒ වන විට ඇය පේන්න හිටියේ නැ. මම අපහසුතාවයට පත් උනා.
‘‘කොහේ යනවද මේයා !“
‘‘කොහේ ගියාද ? යන තැනත කියලා යන්න එපාද ?‘‘ මගේ ස්වරය කවදාවත් නැති සැරක් මුහුවෙලා,
‘‘මම කඩේට ගියේ රැට ඉදිඅප්ප ටිකක් හදන්න කියලා‘‘
ඈ ළග කඩේට ගිහින් අතීතරයේ ඒක වරදක් නූන මට අද ඒක වරදක් උනේ කෝමද ? මම කවදාවත් ඈ යන තැන් විපරම් කරේ නැ. ඒක නිසාම ඈ නිදහස අයුතු ලෙස ගත්තද ?
බියර් එකෙන් මම ජින් එකට මාරු උනා, පැය දෙක හතර බවට පෙරල ගත්තා,
දවසේ ගානේ පිළිවෙලට තිබ්බ ඇදුම් මට පිළිවෙලට තියාගන්න බැරි උනා.
ජීවිතේ පළමු වරට මගේ මූණේ රැවුල් කොට පේන්න ගත්තා.
එත් ඇය හිනාමුසු මූනෙන්ම හිටියා ! මට උවමනා උනේ ඈගේ දුක්මුසු මුහුනක්, නැතිනම් ඇගේ වැරැද්දක් ? එත් ඇයගේ කිසිම වැරැද්දක් මට හොයාගන්න බැරී උනා. මම ඈ පිළිබද විපරම් කරන්න ගත්තා, ඇගේ එකම වෙනසක් හරි හොයාගන්න, මම දැඩිව වෙහෙසුනා. ඒක නිසාම මගේ වචන වල තිබ්බේ නොරිස්සුම,
හවස ගෙදර එන කොට එයා පාසැල් යන වෑන් එකේ, ඩ්රයවර් එක්ක කතා කර කර හිටියා, වෙනදා සුපුරුදු දසුනක් උනත් මට ඒක තරහවට කාරනයක් උනා,
මම අසතුටු මූනෙන් ගෙය ආවා
‘‘නිලුපා ! මොකක්ද මේ වැඩේ මොනවද එච්චරම තියන කතාව‘‘
ඇයි හිනා උනා විතරයි, ඒත් ඒ ඇස්වල වෙනදා තිබ්බට වඩා යම් දෙයක් දැක්කා.
සෙනසුරාදා හවස, මම එළියට යන්න ලෑස්ති උනා,
ඒත් එලියෙන් එන වාහනේ දැක්කම, මට කියවුනේ මෙච්චරයි,
‘නිලූ – ඔය එන කෙනාව හරවලා යවන්න‘‘
ඇත්තටම ඒ ආවේ, දික්කසාදය ගැන කතාකරන්න බාර දුන්න මගේ නීතීඥ්ඥ යාළුවා.
‘හා‘
ඇය එසේ කියා , ගෙට්ටුව ගාවින් ඇතුල් වෙන කාර් එක ළගට ගියා. ටික වේලාවකින්, කාරයේ පිටුපසට ගන්න නලාව සද්ද උනා.
‘‘ එයා ඔයා අවේ ඔයාගේ අත්සන ගන්න, ඊයේ ඇවිත් මගේ අත්සන් ගත්තා‘‘
ඈ හිනාමුසු මූණෙන් කීවා.
‘‘කෝ, ඒවා..‘‘
ඇය එතැනම තිබ්බ ඇදුම් මදින මේසේ තිබිල ෆයිල් කවරය මගේ අතට දුන්නා….
____________________________________
කෑලි කෑලි වලට යන කඩදාසි කෑලි දිහා බලල මම කීවේ,
ඉරිසියාව කියන්නනේ ආදරේටම තමයි කියලා.
දැන් මගේ සරම ගැලවෙන්නේ වළල්ලක් වගේ, එත් පොල් බෑයක් ගාන ගමන් ඔෆීස් එකේ කතා කියන්න මං කම්මැලි නැ..
උපුටා ගැනීම: Chandana Ellewala