මාරයා අත වැනීම සහ පින් වැඩ පොත (ඉස්කෝලේ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මේ කියන්න යන්නෙ මං පිංවැඩ පොතක් ලියන්න කියලා පටන් ගත්තු පලවෙනි වෙනි පිංවැඩේ ගැන. කෙලින්ම ලොකුවගෙන්ම පිනක් කරලා තමා පිංවැඩ පොත ලියන්න පටන් ගත්තෙ. චුටි චූටි පිංවැඩ ගොඩක් කරලා තිබුනට ලියන්න ගිහින් නෑ. ඒත් කාට උනත් මාරයා අත වැනුවම කරපු පිං මතක් වෙනවා. හරි හරි එව්වා ඕනෙ නෑ දැන්.. කතාව කියන්නම්කො.

මන් උසස්පෙල කරන කාලෙ මට උදේ 8.30 – 10.30 ඉදලා එක ක්ලාස් එකක් තිබ්බා ගතිකෙ හරියෙ. මට ඒකෙ නම තක්කෙටම මතක නෑ. මොකද වැඩි කාලයක් මන් ඒ පංතියට ගියෙ නෑ. ඊටපස්සෙ ඒ ක්ලාස් එක ඉවර වෙද්දිම 10.30 – 12.30 තව ක්ලාස් එකක් තිබ්බා. එ ක්ලාස් එක තිබ්බෙ සිප්වින් එකේ. මේ ක්ලාස් දෙක තියෙන්නේ දෙතැනක. පළවෙනි ක්ලාස් එකේ ඉවර වෙලා දෙවනි ක්ලාස් එකට යන්න ටික දුරක් පයින් යන්න ඕනා. ඒ හින්දා මන් සර්ට කියලා හැමදාම ටිකක් කලින් නැගිටලා යනවා.

මේ කියන දවසෙත් මන් කලින් නැගිටලා ක්ලාස් එකෙන් ගියා. දැන් මට ටික දුරක් යනකොට එකපාරම මගේ ලගින් ලැම්බොගිනියක් කනේ වැදී නොවැදී ගියා. අඩි දෙකක් යන්න නෑ ඒ ප්ස්සෙන්ම මිග්‍ යානාවක් ලැම්බොගිනිය පස්සෙන් ගියා. ඒක්ත් මගෙ කනේ වැදී නොවැදී ගියා. ටික දුරක් යන්න නෑ අර ලැම්බොගිනියෙන් උසික්කා වෙලා ඇවිත් පොඩි බෑග් එකක් වැටුනා. ලැම්බොගිනිය වගේ දුවගෙන දුවගෙන ගියේ ලස්සන අක්කා කෙනෙක්.. ඒ පස්සෙන් මිග් යානාව උස්සන් දීවෙ ක්‍රිස්ගේල් වගේ අයියා කෙනෙක්. ක්‍රිස්ගේල් කියන්නෙ අදටත් මගෙ ක්‍රෂ් එක. මන් ලේසියෙන් පොර වගේ කියලා කියන්නෙ නෑ කාටවත්. ඒත් ඇත්තටම ඒ අයියා මාර ගති.

කොහොමහරි ඉතින් මුන් දෙන්නා දුවනවා.. අකගෙ බෑග් එක මගදි වැටුනා නෙ. බැලින්නම් ඒක අස්සෙ පර්ස් එකකුයි තව චීත්තයක් වගේ රෙද්දකුයි තිබ්බා. මන් ඔය පර්ස් එකත් ඇහිදලා අර බෑග් එක ඇතුලට දාලා බැග් එක හදලා අරුන් දෙන්නා පස්සෙන් දිව්වා. මොනා උනත් කෙල්ලක්නෙ. අපිත් කෙල්ලොනෙ.. අවශ්‍යම වෙලාවක කෙල්ලක්ට කෙල්ලෙක්ගෙන් උදව්වක් නැත්නම් වැඩක් නෑ. එහෙම කියලා හිතලා මාත් යන්න තියෙන පැත්තට නෙමෙයි අරුන් දෙන්නා දුවපු පැත්තට ගියා. මාත් දැන් අක්කේ අක්කේ ගාගෙන දිව්වා බෑග් එක දෙන්න.. අක්කා පස්ස බලන්නෙවත් නෑ දුවනවා.. ඒ පිටිපස්සෙන් අර අයියත් දුවනවා. මන් හිතුවා තක්කෙටම හරි!!! අරූ දැන් අක්කට බලහත්කාරකන් කොරන්න තමා මේ දැන් දුවන්නෙ..

අනේ කුපාඩියා අක්කට පාඩුවේ ඉන්න දීපන් භල්ලා.. කියලා අහසින් කඩාපාත් වුනු ස්ත්‍රිත්වයක පති මහිමය කකුලෙ තිබ්බ සෙරප්පුවකට අරගෙන සෙරප්පුව ගලවලා අරූට දමලා ගැහුවා.. නෙදකින් වැස්සිගෙ ගොන් කම දැන් ඉතින් තනි කකුලෙන් පලයන්කෝ… කියලා මන් මටම බැන බැන ලේන්සු කකුල නිකන් කකුල කියලා අරුන්දග බෑග් එකත් උස්සාන මන් දැන් දුවනවා…

අක්කේ… අක්කේ… ..

අක්කත් සකුන්තලා යෂ්ටිය ඉල්ලනවා වගේ පිටිපස්සට අත දිග් කොරාන ඉස්සරහා බලාගෙන දුවනවා.. මගක් යද්දි මන්ම දමලා ගහපු සෙරෙප්පුව ආයෙත් ඇහිදගෙන දාගෙන ආයෙ මන් දිව්වා. වැඩි දුරක් යන්න නෑ ඒ ගමන ක්‍රිස්ගේල් මට අත දිග් කොරාන බලාන ඉන්නවා..

හහ්!! කෙල්ලන්ට කරදර කරනවා මදිවට බෑග් එකත් මංකොල්ලා කන්න.. ගහප්! තොට බෑග් එකෙන් කියලා අයියව පහුකරාන මන් අක්කා ලගටම යනකොට අක්කා ත්‍රීවිල් එකකට කතා කරලා ඒකට නැග්ගා.. කොහොමහරි බැග් එකත් දුන්නා.. තැහ් තැහ් කියලා මොනාදො කීවා මන් හිතන්නෙ තැන්කූ කියලා වෙන්න ඕනා කීවා ඇත්තේ.. මාත්
ආ….. ඕක මොකක්ද කියලා..

අපිට අපි විතරයි අක්කේ පරිස්සමට යන්න කියලා අතත් වනලා බායි කියනකොටම මේන් යකෝ මගෙන් බාටෙන් කාපු එකා අක්කත් එක්ක වීල් එකේ නැගලා ගියා..!!!

හෑ…… ඒ මොන තාරකා සමයමක්ද ඒ උනේ කියලා මන් වෙනුවෙන් මන්ම තත්පර තිහක නිශ්ශබ්දතාවයක් රැකලා ආපහු හැරිලා යන්න යනකොට මේන් ආයෙ බයික් එකක් එනවා රොකට් එක වගේ.. බයික් එකටම අයියල දෙන්නයි. එකෙක්ගෙවත් මුකුත්ම පේන්නෙ නෑ. උන්දෙන්නව කලුපාටින් ඔතලා සෙලෝටේප් ගහලා පාර්සල් කරල වගේ. ෆුල්ෆේස් හෙල්මට් දාලා.. ග්ලවුස් දාලා.. සපත්තු දාලා… කලුම කලුවට කාක්කො දෙන්නෙක් වගේ බයික් එකේ ආවා. සාමාන්‍යයෙන් සෙනසුරු අපලෙට කපුටන්ට දාන දෙන්න ඕනලු. ඒක මන් නිකමට කිව්වෙ.

කොහොමහරි මේ කපුටො දෙන්නා ලයිසන් ගන්න වගේ මගෙ වටේට හතර ඒව දෙකක් ගහලා වැඩත් පෙන්නලා යන්න ගියා . කෙල්ලො දැක්කම ඉතින් මොන කොල්ලත් වැඩ දානවනේ. අනේ පොඩි එකාගෙ ආසාවනේ කියලා මාත් ඉක්මන් කරලා ගියා ක්ලාස් එකට යන්න.. අරුන් දෙන්නත් මන් ලගින් පස්ස ගිනි තියාගෙන ඇදලා ගියා. අයෙත් ස්ටඩීස් මෝඩ් ඕන් කරගෙන සිරිමතී දහම්පාසල් යනවා වගේ මන් යනවා. ටිකක් දුර ගියාම මට දැන් ඈතින් ඇහෙනවා යාල්දේවිය පොල්ගහවෙලින් කුරුණෑගලට දාලා තාර පාරෙ එනවා වගෙ… නිකමට කෝකටත් කියලා පිටිපස්සෙ හැරිලා බලනකොට කිරිඅප්පට.. පට කුඩ දෙක දෙක කියලා අර කාක්කො දෙන්නා එනවා ආයෙ ගිනි පිබගෙන… එක පාරම මන් දැක්කා පිටිපස්සෙ ඉන්න එකා ලග දිල්සෙන මෙව්වා එකක් තිබුනා වගේ. දැක්ක දේ හිතාගන්න බැරි හින්දා කෝකටත් කියලා කඹ එහෙම කඩලා ආයෙ පාරක් බැලුවා..

සන්තානම් මෑණියනේ අම්මට කැකරි වෙන්න බේන් මේකා උල්පිහියක් මාන්නගෙන ඉන්නවා දිලිසි දිලිසි.. අනේ දෙයියෝ මන් මුන්ව ගනන් ගත්තේ නැති හින්දද කොහෙද අයියලාට තරහා ගිහින්.. කලින් දන්නවා නම් අයියලාගෙ හිත් සතුටු කොරන්න අත්පුඩිත් ගහලා විසිල් දෙකකුත් ගහලා තඩි හූවකුත් කියලා මදිපාඩුවට රුපියල් විස්සකුත් අතේ උන්ඩි කොරලා යවනවනෙ. උනේ මොන මල හත්තිලව්වක්ද කියලවත් නොදැන මාත් දැන් දුවලා දුවලා ගිහින් කුරුණෑගල පාර්ක් එක ලග රෙස්ට් කරන්න නවත්තලා තිබ්බ බස් එකකට නැගලා පිටිපස්සෙම සීට් එක අස්සට ගිහින් හැන්ගුනා. මට දැන් තත්පරේකට දෙසිය විස්සක වේගෙන් හති වැටෙනවා. බස් එකට ඩකන් ඩග්න් ගාලා තඩියට කකුල් තියලා නගින සද්දෙට ඉස්සරහා සීට් එක හාන්සි පුටුව කරාන කයියකට සම වැදිලා උන්නු ඩ්‍රයිවර් අයියලා ටික දෙනෙක් ගැස්සිලා බැලාගෙන ඉන්නවා මන් දිහා. මාත් කියාගෙන කියාගෙන ගියා අයියලා දෙන්නෙක් පස්සෙන් එනවා ඇහුවොත් නෑ කියන්න කියලා.

“”මොකක්ද නන්ගි කියන්නෙ.. ඔයා කියන ඒවා ඇහෙන්න නෑ…”””

හත්තිලව්වෙ ඇහෙන්නෙ කොහෙද ඇහෙන්න මගෙ කටින් සද්දෙ පිටවෙන්න එපැයි.. ඊටපස්සෙ කොහොමහරි බැරිම තැන දන්න සෙල්ලම් සේරම දාලා අතින් පයින් සේරගෙන්ම කීවා කෑගහන්න එප… මන් ඉන්නවා කියලා කාටවත් කියන්න එපා කියලා.. ඕක කියන්න බස් එක ඇතුලෙ මුද්‍රා නාට්‍යක් නටලා භරත අඩියකින් කැරකිලා සීට් එක අස්සට වෙලා භූමි නමස්කාර කරාගෙන පාඩුවේ හිටියා. ටික වෙලාවකින් බස් එකේ අයියලා වතුර ටිකක් එහෙම පොවලා පරිස්සමට යන්න නංගි, ලෝකයා කුරුරුයි බරපතලයි.. කියලා මට පහදලා දීලා මාව පිටත් කරා. මාත් දෙපා නැමද ආශිර්වාද අරගෙන යන්න පිටත් උනා.

බස් එකෙන් එලියට ඇවිල්ලා වෙලාව බලනකොට ආයෙ ක්ලාස් එකට යන්න වෙලාවක් නෑ. ඉතින් මන් ගෙදර යන්න පිටත් උනා. පාක් එක එහෙම පහු කරලා නුවර කුරුණෑගල පාරට එන්න හදනකොටම පී ඇන් ඇස් එක එක ලග ආන් අර සෙනසුරු කපුටො දෙන්නා ආයෙත් ඉන්නවා. මෙවුන් දෙන්න්නා මාලිමා කට්ට උතුර අල්ලනවා කැරකි කැරකී මාව හොයනවා.. අනේ හත්වලාමේ මෙවුන් දෙන්නට මන් මොන වරදක් කරාටද????… මෙලෝ උලව්වක අගක් මුලක් මට තේරෙන්නෙ නෑ….

ඒත් මට නිකමට වගේ හිතුනා එක්කො මුන් දෙන්නා මගෙ පස්සෙන් නෙමෙයි වෙන්නැතු පන්නන්නත් කියලා! එහෙම හිතලා හොදින් හුසම අරගෙන යක්කුත් පිටියට ආවා කියාගෙන ඕන කෝලිකුට්ටවක් වෙන්න මාත් ගියා.

ලෙෆ්ට් රයිට් ලෙෆ් කියලා දකුණ උස්සන්න උනේ නෑ එකෙක් මාව දැකලා අනිකගෙ පිටට තටුටුවක් දාලා යමන් යමන් කීවා. හරි… දැන් මට බඩු බනිස්.. මගෙ බොක්කෙ පිට්ටු තැම්බෙනවා.. බලන් ඉදලා හරි යන්නෙ නැ කියලා කුඩා මොලෙන් රතු කොඩි වනනවා බෙඩ්සීට් ගසනවා වගේ.. එහෙම්මම වටයක් කැරකිලා තඩි අම්බිලියක් පාර මැද්දෙ ඇදලා ආයෙත් හැරිලා මන් දිව්වා අස්සක් හොයාන රිංග ගන්න.

ඔය ලගපාතම කොෆි ෂොප් එකක් තිබ්බා චූටි ඉඩක. ඕකට සාමාන්‍යයෙන් යන්නෙ කපල් විතරයි. මේ වෙලාවෙ හැටියට කපල් ද සිම්පල්ද කියලා බල බල ඉන්න වෙලාවක් නෑ දොරත් ඇදගෙන යන්න ගියා. නෙදකින් ඒ මගුල් දොර අදිනවා අදිනවා ඇරෙන්නෙත් නෑ.. විසිපාරක් විතර ඇදලා ඇදලා විසි එක්වෙනි පාර තල්ලු කරලා බැලුවා..හතලිස් දෙවනි පාරත් තල්ලු කරලා බැරුම තැන ජපන් ක්‍රමේටත් තුන් පාරක් විතර ඇදලා බැලුවා.. මගෙ ඇගේ හිරිකඩු පිපිලා කන් රත් වෙලා දැන් තරහටම.. දත්මිටි කාගෙන දන්න ලොකුම හුනුහරුපෙත් සද්දටම කියලා ගැහුවා දොරට පයින් එකක් මගුල තොපි කඩ වහගෙන බුදිද යකෝ කියලා.. එතකොටම ඔන්න ඇතුලෙ ඉන්න අයියෙක් ඇවිත් දොර ඇරලා දුන්නා . අවුලක් නෑ පුල්ද පුෂ් ද දන්නැ කොහොමහරි දොර ඇරුනා. මාව එකසිය ගානට වෙව්ලන නිසා කලබලේට දොරවත් ඇල්ලිලා නෑ මට. පයින් ගහපු පාර තමා ඇතුලෙ ඉන්න එකාට ඇහිලා දොර ඇරලා දුන්නේ.

කොහොමහරි දොර ඇරලා දුන්නා විතරයි සොරොව්ව ගඩාගෙන වතුර යනවා වගේ මාත් කඩාගෙන පෙරලගෙන උඩ තට්ටුවට නැග්ගා. ඒකෙ පහල තට්ටුවෙන් කෑම අරන් බිල දාලා දෙවනි තට්ටුවට ගිහින් තමා කන්න ඕනේ. ඒ හින්දා මට කඩාගෙන බිදගෙන ඇතුලට යන්න උනේ නෑ. එතන හිටපු එවුන් පොලිස් බල්ලො වගේ මන් දිහා බලන් ඉන්නවා. මට දැන් පොස් කෑම කන්න සල්ලිත් නෑ. ඔන්න ඔහෙ සැන්ඩ්විච් එකක් දෙන්න කියලා සැන්ඩ්විච් එකක් අරන් යන්න හදනකොට

“”තව මොනවද මැඩම් ඕනේ”” කියලා අහනවා…

මේක ගත්තෙත් තොපිට ඕනා හින්දා මිසක් නැතුව මට කන්න නෙමෙයි යකෝ කියලා සැන්ඩ්විච් එකත් බදාගෙන උඩට ගියා.

අම්මෝ ඒක! කවුරුහරි තවුතිසාවට යන පාර ඇහුවොත් කුරුණෑගල – නුවර පාරෙ පී ඇන් එස් එක ගාවින් ඇතුලට ගිහිල්ලා දකුනු අත පැත්තෙ තියෙන තට්ටු දෙකේ හූබිච්වන් කඩේ පෙන්නුවා නම් හරි. මල් මල් ලෝකයක් ඒක. තනිකඩ එකෙක් නම් වැරදිලාවත් යන්න හොද නෑ බඩ හපාගෙන මැරෙන්න හිතෙනවා. රෝස මල් යහනාවක් මැද්දෙ තනි උනු කණාමැදිරියා වගේ මාත් කපල් අස්සෙන් අස්සෙන් ගිහින් බිත්තියක් ගාවින් ඉදගත්තා. මගෙ කටේ කෙල බිදක් නෑ අර පාන් කෑල්ල පෙගෙන්නවත්.. සහරාවට පිදුරු පටවනවා වගේ අර පාන් කෑල්ල ගිල ගන්නම බැ. කපල්ම විතරක් ඉන්න නිසා එතන ඉහි ඉහි සද්දෙකට වඩා වැඩි සද්දයක් ඇත්තෙම නෑ. පාලු සුසානයක් වගේ.

ඔය අස්සෙ මට ඇහෙනවා පහළින් කවුදෝ ඔරේන්ජ් ජූස් දෙකක් ඉල්ලනවා. ඒක පිරිමි කටහඩක්.. මන් දැනගත්‍තා අද නම් සෙනසුරාගෙන් ගැලවිල්ලක් ඇත්තෙම නෑ තමා කියලා. අවසාන බෝජනය වලදන එක පැත්තකින් තියලා ප්ලේට් එකටත් වැදලා අරුන් උඩට එන්න කලින් වටේම කැරකිලා කැරලිලා වොශ්‍ රූම් එක හොයාගෙන ඒකට රිංගා ගත්තා. ඇතුලට ගිහින් හොද….ට හුස්ම ගත්තා.. හුසම් ඉහළට ගන්නවා.. හුස්ම පහළට දානවා.. ආයෙත් හුස්ම ඉහළට ගන්නවා.. ආයෙ පහළට දානවා.. ඊටපස්සෙ ඇතුගල පැත්තට හැරිලා දොහොත් මුදුන් දීලා වැදගත්තා. තුන් පාරක් නමස්කාරය කියලා බුදුගුණ සිහිකරා… හදපු වදපු අම්මට තාත්‍තට පින් දුන්නා. මොනා උනත් පැත්තකින් හරි හිටපු අක්කටත් පින් දීලා වැන්දා.

නිල්වන් පාටින් දළුලන බෝධිය කියලා බෝධිපූජා කවියකුත් කීවා.. කන් දෙක දෙපැත්තෙන් බෙල්ලට එනකන් උනු උනු කදුලු කැට රූටලා වැටෙනවා. මිනියවත් ගෙදරට ලැබුනොත් හොදයි.. පව් අම්මලාට මන් වගේ දුවක් නැති වෙන එක ගැන තමා දුක.. ඉස්කෝලෙට උනත් හරි පාලු හිතෙයි.. උනේ මොකක්ද කියලාවත් දැනගෙන මැරෙන්න තිබුනා නම් තමා හොදයි… බදින්න උනෙත් නෑ… කැම්පස් යන්නම් කියලා බලන් උන්නේ.. අපරාදෙ ලක්මෑණිට එඩිතර පොඩි පුංචි දුවක් නැති වෙන්නයි යන්නෙ.. අදනම් කුරුණෑගල යට වෙන්නම වහියි.. සිතුවිලි දාරාවාක් මගෙ වටේට එතෙනවා.. ඔහොම හිතනකොටම කවුදෝ වොශ් රූම් එකේ දොරට ගහනවා ඇහෙනවා..

හ්ම්ම් හරි මන් මැරෙන්න සූදානම්… මගෙ වෙලාව ආවා.. !!

“” කවුරු හරි ඉන්නවද…?”” එහා පැත්තෙන් ඇහෙනවා. ඇන්ටාක්ටිකාවෙ අයිස් දිය උනු මුහුදකට බිකිනිය පිටින් උස්සලා ගිහින් දාලා වගේ ඩක ඩක ගාලා මාව දැන් ගැහෙනවා.

ආයෙත් හොද හුස්මක් ගත්තා.. ඒ ගමන ගෑණු කටහඩක් ඇහෙන්නෙ මට. කොකටත් කියලා හීනියට දොර ඇරලා කනක් දාලා බැලුවා..

” දැන්ම එනවද? කියලා අහනවා හීනි කටහඩකින්.. අම්මෝ මරු කතරට පිරිත් පැන් ඉහිනවා වගේ.. සැනසීමෙන් ඉතුරු දේහෙත් එලියට අරන් වටපිට බැලුවා. පේන සීමාවෙ නම් කවුරුත් නෑ. ආයෙත් පඩිලෙ දිහා එක එල්ලේ බලාන ගියා. අවුලක් නෑ පාර පටුයි දර්ශනය පැතලියි. ගිහින් ඉදගත්තා ආයෙ. සැන්ඩ්විච් එකත් කන එකෙක්ට කාපන් කියලා බෑග් එකත් අරගෙන යන්න කියලා පඩිපෙල දිහත් මෝහනය වෙලා වගේ බලාන ලෑස්ති උනා යන්න.

ආයෙත් කපල් එකක් ඇවිත්.. ඉදගන්න ඉඩත් නෑ කොල්ලා පිටිපස්සෙ ඉදන් උගුර පාදනවා. මාත් ඉස්සරහ බලාන හරි පොඩ්ඩක් ඉන්න කියලා පිටිපස්සෙ කපල් එකට අතින් සංඥාවකුත් දාලා නැගිට්ටා. නැගිටලා පිටිපස්ස හැරිලා කපල් එක දිහාත් බලලා යන්න හදනකොටම….

එදා තමා කුරුණෑගලට ඉරවල් හතම එකපාර පායපු දවස!!. එහෙක් කොරලා මෙහෙක් කොරලා පිටිපස්ස හැරිලා බලනොකට දුටු දෙයින් මගේ ඇස් අන්ද වෙලා මාව ප්‍රාදූර්භූත උනා . මට සන්නිය හැදිලා පැපොල බර වෙලා කන් අඩි කූඹි කාලා බඹර කලන්තෙ දාලා එතනම වැටුනා.. වැටුනා කියන්නේ බුදු අයියේ කියාගෙන මන් අර මැරයෙක්ගෙ කකුල් දෙක අල්ලා ගත්තා. මන් වොශ් රූම් එකේ හැන්ගිලා උන්නු ටිකකට මුන් දෙන්නා එලියට වෙලා බලාන ඉදලා මන් හා පැටියා වගේ එලියට එනකන්.

කොහොමහරි මන් පුටුවෙනුත් වැටිලා.. ඒ ෆෝ සීට් එකක කාටු බූටු ගාපු චිත්‍රයක සෙවනැලි වගේ මට අරුන් දෙන්නගේ මූනු පේනවා පාවි පාවී ඉන්නවා… හරිම චංචලයි. ඒ වෙනකොටත් පොල් ගෙඩි වගේ ලොකු ලොකු කදුලු කැට කඩාගෙන වැටෙනවා.. බයික් එක එලවන් ආපු එකා පිහිය මාන්නගෙන මන් දිහා බලාන ඉන්නවා.. උඩ හිටපු කපල් එකතැන ගල් වෙලා ඉසුරුමුණියෙ පෙම් යුවළ වගේ.. කපල් දෙකක් විතර එතනින් ගියත් වගේ මතකයි මට. ඒ අස්සෙ අරූ මගෙන් වදුරු කුනුහරුප අහනවා.

බයික් අයියා – කොහෙටද අරුන් ගියේ….

මං – කොරුන්ද??

බයික් අයියා – උබ දන්නැ උබ බබා..

මං – අනෙ මන් මුකුත් දන්නෙ නෑ

බයික් අයියා – ඇයි දැන් උබ පිටත් කරලා යැව්වේ ත්‍රීවිල් එකක

මං – අනේ මන්දන්නෑ…. කියලා වචන ගොත ගගහා කීවා.. ඒකට නොවදිනා වැදුම් වැන්දා.. ඌ වටේට ප්‍රදක්ෂිනා කර කර වැන්දා.. කිරි කොරහා නටලා පෙන්නුවා.. දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරා… අටමස්තානෙම පල්ලයි කියලා දිවුරුවා.. මන් කරපු හොද වැඩ කීවා.. එච්චර කාලෙකට වැඩිම ලකුණු ගත්තු විෂයන් වල නමයි ලකුණුයි කීවා.. පත්තරේට හරි වැටෙයි නේ.. වටිනාම වස්තුවකට කියලා තිබ්බ අලුතෙන්ම් ගත්තු කොන්ඩ කටු දෙකයි බූල් බෑන්ඩ් තුනයි හංගපු තැනත් කීවා. අක්කා හරි ගන්නෙ නැතැයි කියලා හිතුවා. මිනියට ගවුම් ළමාසාරි නම් අන්දන්න එපා කීවා… ට්‍රව්සරේට ටී ෂට් එකක් අන්දන්න කීවා. අපායට ගියත් සැහැල්ලුවෙන් යන්න එපැයි. මතක වස්ත්‍ර පූජාවට ජර්සියක් දාන්න කීවා.. කවුද දන්නෙ සීතලයිද දන්නෙ නෑ නේ..

සේරම කියලා අරූගෙ මල වැටෙන් පනින්ම ඔන්න මෙන්න තියද්දි වැද වැද පාපොච්චාරණය කරලා උදේ ඉදන් උනු විස්තරේ කීවා.

මූත් මට කට ඇරලා දත් උල් කරලා උත්තම පුරුෂෙන් පටන් අරන් මධ්‍යම පුරුෂෙ මැද්දෙන් තියලා බහුවචෙන් බැනලා ඉවර කරා. සොයි වචන සෙට් එක. මේලෝ මගුලක් තේරුනෙ නෑ මට.

හැබැයි මූ කියපුවගෙන් මගෙ මොලේට එක දෙයක් පත්තු උනා… ඒ තමයි සදසාවි වගෙ මන් පැනලා උදව් කරලා තිබුනේ ජම්පින් ගොයින් යන කපල් එකකට කියලා.. හොදම එක ඒ ගෑනි මේ අයියගේ වයිපරේද කොහෙදෝ..

අනේ බුදු අයියේ.. මන් දැනන් හිටියෙ නෑ ඒ ඔයාගේ ගෑනි කියලා.. අනේ ඕකුන්ට හොදක් වෙන්නෙ නෑ අයියේ.. අයියා වගේ රත්තරන් කොල්ලෙක් දාලා ගියාට.. දැන් ඉතින් ඕවා හිතන්න එපා අයියේ.. ඒ අක්කට පින නෑ අයියා වගේ කොල්ලෙක් ලබන්න.. ඒකිගෙ මූසලකම අයියේ.. බලන්නකො මූනෙ කැත.. ලස්ස්න අම්මෙක් අප්පෙක් ඉන්න එකියක් නම් නෙමෙයි වගේ.. අක්කගෙ පවුලම මූසල ඇති අයියේ… ඒකයි ඕකුන්ට හොද හැදියාවක් නැත්තේ.. ඕවා හිතන්න එපා අයියේ.. කියලා මන් මේකගෙ හිත හැදුවට මුගෙ කිසිම කෙලෙහි ගුනයක් නෑ.. ආයෙත් මේකා මට අර පිහිය අමෝරලා දත් මිටි කාලා මට නැගිටපන් කීවා.

මාත් නැගිට්ටා.. අයියා මතු සංසාරෙ බුදුන් දකින්න ඕනා.. මන් වැදගෙනම කීවා.. ඊටපස්සෙ මේකා පිහිය ගුලිකරලා සාක්කුවට දාගත්තා. මන් බුදුන් පල්ලයි කියලා කියපුවත් ඇත්ත කියලා පිලිගත්තා. ආයෙ නොදන්න අයට උදව් කරන්න එපා කීවා. ගත්තුවා කාලා බීලා පරිස්සමට ගෙදර යන්න කීවා. උන් දෙන්නට ගත්තු ඔරේන්ජ් ජූස් දෙකත් මගෙ සැන්ඩ්විච් එක ලග තියලා කාල බීලා යන්න කීවා.

හම්මෝ දැනුනු සැනසීම…. මහවැලි ගගේ දාලා ඔබලා අරගෙන නාවලා කරලා ගිනි නිවලා ගොඩින් තියලා පවුඩර් දාලා සෝයි ගවුමක් අන්දලා ෆ්ලැෂ් ලයිට් එකකුත් ගහලා සනසලා තියලා අයියලා දෙන්න යන්න ගියා. යන ගමන් බයික් අයියා බෝහොම කරුණාවෙන් මට කීවා..

“” නංගි, ඒ පැනලා ගිය කෙනා මගෙ ගෑනි නෙමෙයි මගෙම නංගි… ඒකි කාලකන්නි උනාට අපේ අම්මලා හරි වැදගත් උදවිය. මන් වැඩ කරන්නෙ හමුදාවේ.. මටත් නංගි කෙනෙක් ඉන්න හින්දා තමා උබව අතාරියෙ.. ආයෙ දන්නැති මගුල් වලට උදව් කරන්න එපා.. “” කියලා ගියා.

හම්මේ යකෝ හුස්ම නිකන් බට්ට පනිනවා වගේ… මේකා මාව ටිකක් සනසනවා.. ආයෙ ඊලග තත්පරේ කල්ම්බවනවා…
මොනා කරන්නද සුපුරුදු පරිදි ජපනා වගේ කොන්ද කැඩෙනකන් දෙකට නැමිලා ඒකටත් සමාව අරගෙන ඔරේන් ජූස් දෙකම බීලා සැන්ඩ්විච් එකත් කාලා කටපිහගෙන යන්න ගියා.

ඔයාලා දැන් කියන්න එපා පොළීසීයට දුවන්නනෙ තිබ්බෙ කියලා මොකද එහාට දුවන්නත් බෑ නේ කවුදෝ මන්දා පොළීසියේ මාලු ටැංකියට අත හෝදලා මට්ටුයි නෙ…

සමාවෙන්න ඕනා මට හරියන ෆොටෝවක් හොයාගන්න බැරි උනා. අනික තමා චිත්‍ර අදිද්දි මගෙ අත වෙව්ලනවෝ…..

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!