පිරමිඩ යනු ලෝකයේ අවසානය දක්වා පවතින යතුරක් යැයි විශ්වාස කල අයිසැක් නිව්ටන් (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශ්රීමත් අයිසැක් නිව්ටන් ඔහුගේ ප්රකාශයට පත් නොකල වාර්තා වලට අනුව තරමක් උමතු හැසිරීමක් පෙන්වා ඇති බවත්, ඔහු ගීසා හි පිරමීඩ ලෝකයේ අවසානය දක්වා පවතින යතුරක් යැයි විශ්වාස කල බවත් වාර්තා පෙන්වා දෙයි. පිරමිඩ විද්යාව යනු පිරමිඩවල “රහස්” පිළිබඳ පුළුල් විද්යාත්මක අධ්යයනයකි. නිව්ටන් ක්රිස්තියානි ධර්මය හා පිරමීඩ විද්යාව ඒකාබද්ධ කිරීමට ද උත්සහ දරා ඇති අතර එම නිසා ආගමික හිංසාවන්ට මුහුණ දුන් බව කියවේ.
මෙම තොරතුරු ශ්රීමත් අයිසැක් නිව්ටන්ගේ අපැහැදිලි සටහන් කට්ටලයක තිබී ඇති අතර ඒවා සොතේබි හි වෙන්දේසි කරනු ලැබිනි. නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගත් බව ඔබ දන්නවා ඇති, නමුත් ඊට පෙර කාලයේ වූ ඔහුගේ සටහන් වල පෙන්වන පිරමීඩ විද්යාව තර්ක ඔහුගේ උමතු උනන්දුව පෙන්වන්නක් බව සදහන් වේ.
ඉතිහාසය පුරාම සිටින බොහෝ මිනිසුන් මෙන්, නිව්ටන් විශ්වාස කළේ ඊජිප්තුවේ පිරමිඩවලට යම් ආකාරයකින් අධ්යාත්මික හා පාරභෞතික වැදගත්කමක් ඇති බවයි. ඒ අදහස ඇතිව පිරමීඩ වල රහස් හෙළි කිරීමට ඔහු වසර ගණනාවක් අධ්යයනය කර ඇත.
පිරමිඩ තැනූ අය විසින් භාවිතා කරන මිනුම් ඒකකය සොයා ගැනීමට නිවුටන් උත්සාහ කර ඇත. පුරාණ ඊජිප්තුවරුන්ට පෘථිවියේ භෞතික විද්යාත්මක සංඛ්යාත්මක අගයන් මැනීමට පැවති හැකියාව පුදුම සහගතය. එම නිසා, මහා පිරමිඩයේ රියන් අගුළු ඇරීමෙන් පෘථිවියේ වට ප්රමාණය මැනීමට ඔහුටත් හැකි වනු ඇතැයි නිවුටන් බලාපොරොත්තු වී ඇත.
සොලමන් දේවමාලිගාවේ ගෘහ නිර්මාණ ශිල්පය හා මානයන් අනාවරණය කර ගැනීමටත්, එළිදරවු කරගැනීමට හා සැකසීමටත් ඉඩ සලසමින්, බයිබලයෙහි සැඟවුණු අර්ථයන් අර්ථ නිරූපණය කිරීමට එය ඉඩ සලසනු ඇතැයි ඔහු අපේක්ෂා කර ඇත.
මේ සියල්ලෙන් කියැවෙන්නේ නිව්ටන් පවා ඔහුගේ විද්යාත්මක දැනුම නොදකින මානයන් හා සම්බන්ධ කිරීමට උත්සහ දැරූ බවත්, මැවීමේ හා සම්ප්රේෂණ විද්යාව හැදෑරූ බවත්, විවිධ ස්ථානවල එසෝටරික් අර්ථය සෙවූ බවත් ය. පුරාණ ඊජිප්තුවේ පිරමිඩ එසෝටෙරිකා සඳහා සෑම විටම උත්තේජනයක් වී ඇති අතර ඇත්ත වශයෙන්ම, පිරමිඩ පිළිබඳ ව්යාජ විද්යා සමපේක්ෂන ක්ෂේත්රය කෙතරම් විශාලද යත්, පිරමිඩොලොජි නමින් කතිකාවක් ගොඩ නැගී ඇත.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!