පිරිමි ළමුන් ආරක්ෂා කරමු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ අත්දැකීම් බෙදාගන්න ගමන් අද සමාජය තුල පිරිමි දරුවන් කොච්චර නම් අනාරක්ෂිත ද බව කීමට මට ඉඩ දෙන්න.
ඒ දවස මම අ.පො.ස. උසස් පෙල උපකාරක පංති සදහා සහභාගී වෙන කාලයයි. උදේම පටන්ගන්න රිවිශන් එකට පාන්දර ඉදලම නැගිටින නිසාත් පංතිය දහවල් එකට නිමාවෙන නිසාත් මම පංතිය නිම වූ වහාම දුවගෙන විත් බස් රියේ ජනේලයක් අසල අසුනකට රිංගන්නේ පැය එකහමාරක ගමන සැප නින්දක් දමන්නටය. බස් රථය තුල නිදා ගැනීම ගැන මට ඇත්තේ පශ්චාත් මට්ටමේ උපාධියකි. නින්ද ගියොත් අදාල නැවතුමට යනකන් නින්ද යන්නෙ කිසිම අපහසුවකින් තොරවය. නමුත් එදා එවැනි සැප නින්දක් මට නොලැබුනේ ඇයිද යන්න අදටත් ප්රශ්නයක් උනත් අදටත් මේ ලිපිය ලියන්නට හේතු වූ මූලාරම්භය එයම විය.
එදත් සුපුරුදු පරිදි මන් ජනේලය අසල අසුනේය. මට එහා පැත්තෙන් අසුන්ගත්තේ දියණියක් සිටින මා දන්නා හදුනන කාන්තාවකි. අපේ සීට් වලට ඉදිරියෙන් වම් පැත්තේ තිබූ අසුන් වල අසුන් ගෙන සිටියේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. ඉන් ටිකක් වයස්ගත පෙනුමක් තිබූ අවුරුදු 60-70 ක් වූ සීයා පිලිබද මගේ අවධානය යොමු වුනේ ඇයි දැයි මට සිතාගත නොහැකි වෙය. පේරාදෙණිය රෝහල අසලින් අත දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් අවුරුදු හතරක පහක කොලු ගැටයෙක් අරන් බසයට ගොඩවුනේ මේ අතරවාරයේ දීය. අම්මාට ආසනයක් පිරිනැංවීමට ඉදිරිපස අසුනෙ හුන් කාන්තාව ඉදිරිපත් වූ අතර පොඩි කොලුවාට මව ලග සිටගෙන යාමට සිදුවිය. නමුදු ඔහු එය කැමැත්තෙ භාරගත්තේ එය තමන්ගේ යුතුකමක් යැයි සිතමින් යැයි මට සිතුනේ පසුවය. නැවත බසය ගමනේය.සෙනග වැඩි වෙන්න වැඩි වෙන්න පොඩි කොලුවා තල්ලු වී එන්නේ අර වයසක සීයා ලගටය. විටින් විට මටත් එය පෙනුනත් මන් එය ගානකට නොගත්තේ මට දරුවන් පිලිබද මහා ලොකු ස්නේහයක් හට ගන්නට එතන එතරම් දෙයක් නොවුනු නිසාය. නමුත් එකවරක් මා මගේ ජනේලයෙන් එපිට තුබූ මනෝ ලෝකයෙන් මිදී දරුවා දෙසට යොමු වූ විට දුටු දෙයින් මගේ හදවත නතර විය.
සීයා තම උපක්රමය සාර්ථකව ජය ගෙන ඇත. පොඩි එකා බයෙන් කදුලු වැටෙන්නට ඔන්න මෙන්නය. ඒ හයක් හතරක් නොදත් දරුවාට මේ වයසක සීයා තමන්ගේ කලිසම ලගින් අත ගෙනියමින් තමන්ට රිදවන්නේ ඇයි කියා ඒ කුඩා මනසට තේරුම් ගැනීමට අපහසු වන්නට ඇත. කදුලු පිරි දෑසින් ඔහු එක එල්ලේ බලා සිටියේ ඒ මිනිසාගේ මුහුන දෙසය. මගේ උගුර කටත් එක්ක වියලා ගියේ මේ දකින දේ අදහාගත නොහැකිවය. වහාම ක්රියාත්මක විය යුතු යැයි මට මගේ හිත කිව්වේ ඒ වන විටත් මා කියවා ඇසු දේවල් තුලින් ය. මා වහාම මට නැගිට මාගේ ජනේලය ලග අසුන අසල සිටි කාන්තාවට ලබා දී අයිනේ අසුනේ හිදගත්තෙමි. අත දිගු කර හැකි දුරක සිටි දරුවාට මන් හිසින් කතා කලෙමි. ඒ නොදරුවා ඒ විගසින් අම්මාගේ හැට්ට අතේ එල්ලුනේ අම්මාව දමා එන්නට බැරි බව පවසන්නටය. නමුත් තවමත් සීයාගේ අසික්කීත වැඩේ නිමාවක් නොවීය. මා ක්රීයාත්මක විය එකපාරම කොලුවා ලගට ඇදගත්තෙමි.” බබාට හිටන් ඇවිත් මහන්සියි නේ අම්මාඅතන ඉන්නවා නේ මන් ලගින් අපි වාඩිවෙලා යන් මන් ඔයාව බහින තැනින් පරිස්සමට අම්මත් එක්ක බස්සන්නම්කෝ. බය වෙන්න එපා” මට වචනින් කියන්න පුලුවන් වුනේ එපමනකි. ඒ දරුවාගේ දෑසින් හිර කරන් උන් කදුලු බිමට වැටෙන්න තත්පරයක්වත් ගියේ නැ. මන් මට කවදාවත් නොදැනුනු හැගීමකින් පොඩි එකාව බදාගත්තා. එදා දවසේ ඒ දරුවා බහින තැන වෙනකන ම මාව බදාගත්තු විදිහටම ආවා.
ගෙදර ඇවිත් මම සාමාන්ය පුරුදු විදිහටම අම්මා සමග සාකච්ඡා කරා. අම්මාගේ මතය උනේ මන් කරපු දේ හරි උනත් ඒ මොහොතේ දීම දරුවාගේ අම්මාත් වැඩිහිටියනුත් දැනුවත් කර සීයාට යස පාඩමක් උගන්වන්නට තිබුනා කියාය. නමුත් කතාව ඉවර වෙනකන් සිටි අප්පච්චි කිව්වේ ඔයා ඕවට පැටලෙන් නැතුව දරුවා බේර ගත්තු එක ලොකු දෙයක් කිය. න්මුත් ඊලග දවසෙත් ඒ සීයා ඒ අසුනේම අසුන්ගෙන සිටීම මාව දවා අලුකරන්නට උනා. එදා මා සමග මගේ පාසල් මිතුරියක් සිටි අතර මන් ඇයටද මේ ගැන දැනුවත් වීමක් කරා. ඊලග නිමේෂයේ අපි සීයාගේ ඊලග ගොදුර අල්ලාගැනීමට පෙර ඉවසීමෙන් නිරීක්ෂණය කරා.
ඔව් එදත් කුඩා පිරිමි ලමයෙක් පාසල් ඇරී අම්මත් සමග බසයට ගොඩවුනා. සීයාට එහා පැත්තේ ජනේලේ ලග අසුන හිස්ව තිබ්බා. කොලුවා ප්රාතිහාරීයක් වගේ ඒ අසුනටම ඇදුනා. මව අපිට ඉදිරිපස අසුනෙන් වාඩි උනා. කොලුවා තනියෙන් ජනේලෙන් එපිට ලෝකේ තනි වෙන බව මටත් මිතුරියටත් වැටහුනා. කරන්නට කිසිත් ඉතිරි නොවූ තැන මා ඉදිරි අසුනේ සිටි මවට කතා කරා. සීයාගේ කල්ක්රියාව පැහැදිලි කරා. ඒ අම්මා දුන්නක් මෙන් ක්රියාත්මක උනා කොලුවා බැ කියද්දීත් ඇදගෙනම ඇවිත් තමුන් ලගින් වාඩි කරවාගත්තා පමනක් නොව පිටුපස හැරී මහා හයියෙන් මිතුරියටත් මටත් ස්තූතිය ප්රකාශ කරා. කරුනාව භූමිකම්පාවක් උනා. අර සීයා අප දෙස හැරී බැලුවේ මාරාවේශයෙන් ය. අපි මොකුත් නොදන්නා ගානට අහක බලා ගත්තෙමු. එදිනත් නිවසට පැමින අම්මාට කරුනු දැක්වීමෙන් අනතුරුව අප්පච්චි විසින් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු වූයේ කුමක්දැයි මා අදවනතුරු නොදනමි. නමුත් එතැන් පටන් අර සීයාව නම් අදටත් මාත් මිතුරියත් දැක නැත.
මන් මේ කතාව මෙච්චර මෙහෙම කියන්න හිතුනේ අපි හැමෝම ගැහැනු දරුවන්ගේ ආරක්ශාව ගැන කතා කරනවා. ඒත් අපිට හිතන්න බැරි වෙනවා පිරිමි කියන නාම විශේෂණයක් දාලා හදුන්වන්නෙත් ළමයක් දරුවෙක් කියලා. දෙමව්පියන්ට ගොඩාක් වෙලාවට පිරිමි දරුවන් ගැන අවධානය යොමු වීම අඩුයි මේ වගේ මාතෘකාවක් ලග. නමුත් දරුවන් නම් සියල්ලන්ම දරුවන් ය. ඔවුන් ආරක්ෂා කිරීම වැඩිහිටි අප සතු වගකීමක්
මා මගේ මවට අනේක වාරයක් ස්තූතිය ලබා දෙන්නෙට පැකිලෙන්නේ නැත. ඇය මට අපයෝජනයක් යනු කුමක්ද සහ ඒ වෙනුවෙන් නොබියව ඉදිරිපත් වීමට අවැසි නුවණ සහ ශක්තිය කුඩා කල සිටම ලබා දී ඇත.
මා පාසලේ පහ වසරේ ඉගෙනුම ලබද්දී පාසල් වෑන් රථය මට මගහැරුනි. දුරකථන මාර්ගයෙන් අම්මා ඇමතූ මට උපදෙස් ලැබුනේ අප්පචිත් නොමැති නිසා දුරකතනය ලබා ගත් මාගේ මිතුරියගේ මවගෙන් මුදල් ඉල්ලාගෙන බසයක නැගී පරිස්සමින් නිවසට එන ලෙසය. බසයක මගේ තනිව ගිය පලමු ගමන් වාරය එතරම් සුන්දර නොවුනි. මා සියල්ලම සාර්ථකව නිම කලෙමි. නමුදු මගේ යාබද අසුනේ හිද ගත්තේ මානසික රෝගියෙකි. ගමනාන්තය පටන් ගද්දීම මට මගේ සියුමැලි කකුල් වල ඔහුගේ රලු අත් වල පහස දැනුනි. එක පාරක් දෙපාරක් මන් එය ඔහු අතින් වැරදීමකින් සිදු වේ යැයි කියා සිතුවෙමි. නමුත් තුන්වෙනි පාරත් එයම සිදු වූ විට උපතින්ම අම්මාගෙන් ලැබුනු ගැහැනු ඉව සහ අප්පච්චිගෙන් ලැබුනු දිරිය ගෙන මම නැගී සිටියෙමි. ඔව් අවුරුදු දහයේ මම මම වෙනුවෙන් නැගී සිටියෙමි. කට කපා සෙනග සිටි බස් රථයේ ගමන පටන්ගෙන පැය භාගයක් යන්නට මත්තෙන් මන් නැගිට සිට කරන පිස්සුව බස් රථයේ කොන්දොස්තර බලා සිටි අතරම මා සමගම කලබල වී බසයෙන් බැසීමට උත්සාහ ගත් ඒ අසික්කීත මිනිසා අල්ලාගෙන හොදවැයින් සංග්රාහ කිරීමටද ඒ මහතා අමතක නොකලේය. අද කොතැනක ඔහු සිටියත් ඔහු ඉන්නා තැනක ඔහුගේ දරු දැරියන් සුරක්ෂිත වේවායැයි මට ඒ සිද්දිය සිහි වන හැම මොහොතකම මගේ පැතුම උනා. එදා ඒ සිද්දියෙන් පසු මා මන් ගැනම ගොඩාක් දේ ඉගෙනගෙන තිබුන. මේ සිද්දිය අම්මාට විස්තර කිරීමෙන් අනතුරුව අම්මා මා බස් රථයේ ඒම පිලිබද දුක් වූ අතර අතවර ගැන පහදන්න උනා. අප්පච්චි මා ගැන ආඩම්බර වූ අතර. “ඔයා අයිති ඔයාට විතරයි. ඔයාට වෙන වැරැදි ගැන ඔයා ඔයාගේ පැත්ත ගත්තේ නැත්තන් කවුරුත් ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන් නැ. ඒ නිසා හැම වෙලේම ඔයා ඔයා වෙනුවෙන් ඉන්න. ” ඒක තමයි මන් අදටත් විශ්වාස කරන එකම දේ.
එදා සිදුවීමෙන් පස්සෙ මන් බස් රථවල ගමනට බයක් දැක්කුවත් අප්පච්චි ඒ ගැන මට දිරිය දුන්නා. අදටත් මට බස් රථ තුල අනන්තවත් ජැක් කරුවන් මන්ද මානසිකයන් අසීක්කීතයන් මිනිසුන් නොවන නරුමයන් සමග කටයුතු කරන්න ලැබුනත්, අදටත් මම මම වෙනුවෙන් පමණක් නොව බොහෝ කාන්තාවන් දැරියන් වෙනුවෙන් පෙනී සිටින්නට තරම් ශක්තිමත්ව ඇත. එහි සම්පූර්ණ ගරුත්වය මගේ දෙමාපියන් දෙපලට හිමි විය යුතුය.
කතාව නම් පිරිමි දරුවන් ය. බොහෝ පිරිමි දරුවන් තමන්ට වෙන අතවර ගැන මව පියා දැනුවත් නොකරන තරම්. සමාජය වූවත් ගැහුණු දරුවන්ගේ ආරක්ශාව ගැන කතිකා කලත් පිරිමි දරුවනුත් දරුවන් ලෙස තැකීමක් නොකරන බවක් තමයි පෙනෙන්නේ. ඇත්තෙන්ම ලිංගික අධ්යාපනය ට වඩා වැදගත් දරුවන්ට අතවර ගැන දැනුවත් කිරීම. ඉස්සර නම් දන්නේ නැති කෙනෙක් ටොපියක් දුන්නත් ගන්න එපා කියලා කියලා දෙන්න වගේම දන්නේ නැති කෙනෙක් එක්ක කතා කරන්නවත් එපා ඔයාව කරෝල වේලන්න වාඩියකට ගෙනියයි වගේ බොරු කතා වලින් හරි දරුවන්ට මේ දේවල් කියා දුන්නා. ඇත්තටම ම්ටත් එහෙම අතීතයක් තිබ්බා. නමුත් වයසින් වැඩීමත් එක්ක ඒ කතාවේ සැබෑ තේරුම සහ අතවර ගැන මට නිසි දැනුමක් දෙන්න මගේ අම්මා උපරිම උත්සාහයක් ගත්තා. ඒ වගේම මිහිර විජය පත්තර වලින් මේ ගැන ගොඩාක් දැනුමක් දරුවන්ට ලබා දුන්නා.
ප්රායෝගිකව බැලුවොත් දැන් දරුවන් තාක්ශනයත් එක්ක බද්ධ වෙලා හරි හරියට වැඩ. දැනුවත් කිරීම සහ දැනුවත් වීම ඉතා වැදගත්. සුරක්ෂිත අනාගත පරපුරක් සදහා ගැහැනු දරුවා මෙන්ම පිරිමි දරුවාද ආරක්ශා කරගත යුතුය. ළමා කාලයේ අතවරයට පත් වූ බොහෝ දරුවන් පසු කාලීනව වැඩිහිටියන් වී කුඩා දරුවන් අතවරයට පත් කල අවස්තා සහ එලෙස දාම ඝාතකයන් වූ අති විශාල ලැයිස්තුවක් අදටත් ලෝකයේ අලුත් වෙමින් පවතිනවා.ඉදින් තවත් එවැනි මානසින් රෝගී වූ පිරිසක් අපට මෙන්ම ලෝකයටද ඇවැසි නැත. ලෝකයට වෛර කරන උන් තවත් බිහිවීම අවැසි නැත.
අතවරයකට ලක් වන ඕනෑම පුද්ගලයෙක් ශාරීරිකව මෙන්ම මානසිකවද අතිශයින් පීඩාවට පත් වෙනව. කුඩා දරුවන්ට මේවා අමිහිරි මතක වෙනවා. ඒනිසා දෙමව්පියන් වැඩිහිටියන් ලෙස අපි ඔවුන්ට ඇහුම්කන් දීම සහ නිරන්තර අවධානය ලබා දීම අනිවාර්යය කාර්යක්. එපමණක් නොව කලින් කිව්වා සේම ගැහැණුද පිරිමිද නොව දරුවන්, දරුවන් සේ සලකමින් ඔවුන්ව දැනුවත් කරන්න. ඇහුම්කන් දෙන්න. තමන් සතු ශරීරය තමන්ට අයිති බවත් නිතර සිහිකර දෙන්න. තමන් තමන් වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා වැදගත් බවත් කියා දෙන්න

උපුටා ගැනීම: Samindi Wickramarathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!