පිස්සු උනාට මෝඩ නෑ ….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වරක් පිස්සන් කොටුව අසල මාර්ගයේ ගමන් කළ අයෙකුගේ කාරයේ රෝදයක හදිසියේම පිපිරීමක් ඇතිවුනාලු…..
වාහනය නැවැත්වූ හෙතෙම වහාම අතිරේක රෝදය සවිකිරීමට සිතා ටයරය පුපුරා ගිය රෝදය ගැලෙව්වලු…
අවාසනාවන්ත ලෙස ඒ රෝදය සවිකර තිබූ මුරිච්චි (nut) හතරම මාර්ගය අසල ගැඹුරු කාණුවකට වැටුනි ලු….
අන්තිම අමාරුවට පත් රියදුරා කල්පනා කරමින් සිටින විට තාප්පයෙන් එල්ලී ඒ දෙස බලා සිටි පිස්සෙක්….
ඒයි මචං.. අවුලක් නම් කියපං.. කීවේලු….
අවුල් වූ මනසින් සිටි රියදුරා කෝපාවිෂ්ඨව කිහිප විටක් බැන වැදුනු නමුත් පිස්සා දිගටම ගැටළුව ගැන ඇසුවේලු….
බැරිම තැන දී තමන්ට වූ අකලංචිය පිස්සාට කීවේ කරදරයෙන් ගැලවෙන්නය….
පිස්සා.. අයියෝ මචං ගැරේජ් එකක් ගාවට යන කං අනෙක් රෝද 3 න් මුරිච්චිය ගානෙ ගලවලා ඕක හයිකරගනිං කීවේලු….
සතුටට පත් රියදුරා….
අනේ sorry මචං.. මං හිතුවෙ උඹ පිස්සෙක් කියල… කීවේලු…
එවිට පිස්සා පිළිවදන් දෙමින්…..
” අඩෝ.. මට පිස්සු තමා… හැබැයි මෝඩ නෑ” කීවේලු..
සටහන :-පිස්සෙක් වුවද මෝඩ නැත්නම් ඇතිය…
ඉතින් පුංචි දෙයක් හිතට ගත්තා නම් ලයික් එකක් කොමන්ට් එකක් දාගෙන යන්න….ශේයාර් කරන්නත් අමතක කරන්න එපා….
උ.ගැ.
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!