ඔන්න අද ලිපියෙන් මම ඔයාලව දැනුවත් කරන්න යන්නෙ වෙනත් විදේශ රටවල් වල පාසල් සහ විශ්ව විද්‍යාල ලමුන් භාවිතා කරන හරිම ස්මාර්ට් ඉගෙනුම් ක්‍රම ගැනයි.
මොකක්ද ස්මාර්ට් ඉගෙනුම කියන්නෙ ?
ඉස්සෙල්ලම කිව්වොත් මම දකින විදියට අපෙ ලංකාවේ නම් කිසිම ස්මාර්ට් ක්‍රමයට ඉගෙනුම් හෝ ඉගැන්වීමේ ක්‍රියාවලියක් නැහැ.ඒකට හේතුවෙන්නෙ නිශ්චිත අරමුණක්, නිශ්චිත අවශ්‍යතාවයක් නැතිව කාලය ඇතුලත කෙසේ හො අදාල කොටස කවර් කරගෙන යාමයි. පාසල් අධ්‍යාපනය ඇතුලෙ වගේම උසස් අධ්‍යාපනය ඇතුලෙත් මේ විදියට වෙන එක ගැන නම් ගොඩාක් දුකයි.
හරි ඒ කොහොම වුනත් අපිට කාලයක් තිස්සෙ ඉදන් තියන සිස්ටම් එකක් වෙනස් කරන්න සෑහෙන්න අමාරුයි. විශේෂයෙන් තනියම.හැබැයි අපිට තනියම වෙනස් වෙන්න පුලුවන්.එතකොට ඉබේම මේ හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගන්නවා.ඉතින් ඒ විදියට ඉගෙනගන්න කෙනෙක්ට තමන්ගෙ වෙනසකට, දියුණුවකට යොදාගන්න පුලුවන් ” වෙනත් රටවල ස්මාර්ට් ඉගෙනුම් ක්‍රම ” කිහිපයක් ගැනයි මේ ලිපියෙන් දැනුවත් කරන්න යන්නෙ.

ඇමරිකාව
ඇමරිකාවේ ලමයි නම් විශේෂයෙන්ම SMART අධ්‍යාපනය තමයි ගන්නෙ.
S – specific – විශේෂ
M – Measurable – මැනිය හැකි
A – Achievable – ලගාකරගත හැකි
R – Relevant – අදාල
T – Time bound – කාලයත් සමග බැදී තියන

මේ කියලා තියෙන්නෙ smart කියන වචනයෙ නියම නිර්වචනයයි. වැඩිය සංකීර්ණ විදියට හිතන්න එපා.සරලවම කිව්වොත් ඇමරිකාව ඇතුලු බොහොමයක් දියුණු යුරෝපීය රටවල අධ්‍යාපනය ගොඩනැගෙන්නෙ මේ smart සංකල්පය ඔස්සෙයි.ඒ රටවල් වල දියුණුවට පවා ඒක ලොකුම හේතුවක්.
මේ අය ඉගෙනගන්නෙ මෙන්න මේ විදියට : ඇමරිකාව ඇතුලුව බොහොමයක් යුරෝපීය රටවල ලමයින්ට තමන් පුංචි කාලයෙ ඉදලම තමන් මුලු ආත්මයෙන්ම කැමති දේ තෝරගන්න ඉඩ දෙනවා. ඒ වගේම කෙනෙක් මේ ලෝකයට උපදින්නෙ ඇයි කියලා හොයාගන්න පහසු විදියට ඒ රටවල අධ්‍යාපන ක්‍රමය සකස් වෙලයි තියෙන්නෙ.අවාසනාවට අපෙ රටේ කෙනෙක්ට තමන් උපන්නෙ ඇයි කියලා මැරෙනකම්වත් දැන ගන්න ලැබෙන්නෙ නැහැ.
මේ රටවල ලමයින් තමන්ගෙ කැමැත්ත ඔස්සෙ වැඩිදුරට ඉගෙනගන්න යනවා.මේ අයට විභාග පාස් කරනවා වෙනුවට ඇත්තෙන්ම තමන්ගෙ හදවතින්ම දේවල් දැනගන්න,ප්‍රායෝගික වෙන විදියට කෙටි කාලීන අරමුණු ලැබෙනවා.ඉතින් මේ කෙටි කාලීන අරමුණු ඔස්සෙ තමන් ආසම ක්ෂේත්‍රයකින් අතිදක්ෂයෙක් වෙන්න තමයි මේ අය වැඩ කරන්නෙ. එයාලා තමන්ට හදවතින්ම කරන්න පුලුවන් දෙයක් කෙටිකාලීන අරමුණු වලට කොටස් කරගෙන නිසි කාලය තුල තමන්ට ලගාවෙන්න පුලුවන් මට්ටමට වැඩ කරනවා.
ජපානය

ජපානයෙන් අපෙ රටට ආව ජනප්‍රියම සංකල්පයක් තියනවා 5s ක්‍රමය කියලා. ඔයාල අනිවාර්යයෙන්ම අහලා ඇති. ජපානයෙ අධ්‍යාපනය මේ ක්‍රමයට තමයි කරගෙන යන්නෙ. මේ ලමයි කොහොමද තමන්ගෙ ඉගෙනුමට මේ සුපිරි ක්‍රමයක් යොදාගන්නෙ ?
S1 – Seiri – Sort – වර්ග කරන්න
S2 – Seiton – Set in Order – පිලිවෙලට සකසන්න
S3 – Seiso – Shine – බැබළෙන්න
S4 – Seiketsu – Standardize – සම්මත කරන්න
S5 – Shitsuke – Sustain – පවත්වාගෙන යන්න
ඉස්සෙල්ලා කතා කරපු විදියට යුරෝපයෙ ලමයි තමන් කැමති ක්ෂේත්‍රයක් තෝරගන්නවා. ඊටපස්සෙ මේ අය ඉතාමත් වැදගත් මූලික හරය ඔස්සෙ තමයි ඉගෙනගන්නෙ. කියවලා ලියලා නිකම් ඉන්නෙ නැතිව ඒ දේවල් වලට ප්‍රායෝගික වෙනවා. ඉතින් තමන් ඉගෙනුම ලබන ක්ෂේත්‍රයක් තුලින් ඉහලටම යන්න මේ අයට පුලුවන් වෙනවා.
ස්වීඩනය

ස්වීඩන් වල අධ්‍යාපනය නම් හරිම ආකර්ෂණීයයි.අපේ රටෙ තවමත් ගොඩාක් කටපාඩම් ක්‍රමය තිබුණත් ක්‍රමයෙන් ස්මාර්ට් ක්‍රම වලට නැඹුරු වීමක් දකින්න පුලුවන්. ස්වීඩන් වල ඉගෙනුම ගොඩාක් දුරට වෙන්නෙ mind maps, diagrams, short notes සහ රූප සටහන්, සංකේත වලට අනුවයි.ඒ වගේම මොලය හා සම්බන්ධව ගොඩාක් පාට වර්ග භාවිතා කරනවා.

ස්මාර්ට් ඉගෙනුම් ක්‍රම වලට පුලුවන් අඩු මහන්සියකින් වැඩි ප්‍රතිඵලයක් ගන්න.ඉතින් ඔයත් මෙතනින් එකක්/ කිහිපයක් අනුගමනය කරලා බලන්නකො.