ඒ වචන හුරුපුරුදුයි නමුත්
පිට යන්න හේතුව සමාජයට නුහුරුයි..
කෑගහලා ගැහැණු පිටයනවා කියන පිරිමි
පොඩි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ ගැහැනියෙක් ළගමයි
ඇයට අම්මා කිව්ව කටින් තවත් ගැහැණියෙක්ට බඩුව කියන මට්ටමට වැටුනු සමහර පිරිමි
වරදක් කරලා ගෙදරට ඇවිත් ඇගපත හෝද ගත්තම ඇගෙ කුණු නැ කියලා හිතනවා
ගැහැණිය පිට යනවා නම්… ඒ යන්නේ පිරිමියෙක් එක්කනම් ..
පිරිමියාට සාමාජයේ දුන්න නම මොකද්ද ඌ පොර.. ඒකද..
ගැහැණියක් බඩුවක් කිව්ව තැන පිරිමියා පොරක් කියන සමාජයක් ඇතුලේ
ඉදන් ආදරය කියන මිණුම් දණ්ඩ ගැන කවර කතාද.
නිකමට හිතුවොත් ..
ගැහැනියකට අකුරු හතරක හරි අරුත විඳින්න පිරිමියක් ඉඩ සැලැස්සුවානම්
ඒ ගෑණි කිසිම දිනක අකුරු තුනකට වහල් වෙන්න නැ..
ගැහැනියක් හොයන්නේ සෙක්ස් කියලා හිතන වපසරිය තුල ආදරය ඇයගේ පරිසරයම කරානම්
ඒ ගැහැණියෙක් කවදාවත් පිට යන්නේ නැ.ඒ ගැහැණිය පිට ගිහින් හොයන්නේත් ආදරයම තමයි.
ප්‍රේමය නැමති ආභරණය නැති දිනක ගැහැණියක් පිට යන්නේ කය සුව පිණිස විතරක් කියලා හිතන රාමුවේ තවමත් සමහරු ජීවත් වෙනවා ..
ඒ ගැහැණිය ආදරය කියන අකුරු හතරට අකුරු තුනක ඒ හුවාරුව කරන්න
දෙපාරක් හිත්නනේ නැ මොකද ඒ ගැහැණියට ආදරය වටිනවා
එහෙම ගැහැණියෙක්ට වරදපටවන පිරිමි හිතුවෙ ඒ ගැහැණීය බඩුවක් කියා පමනයි ..
ගැහුණු නැවෙන්නත් ආස ගැහුණු නිවෙන්නත් ආස එක පිරිමියෙක් ලග
එහෙම නැති තැනක ගැහැණු නැවුනේ නැතත් නිවෙන්න තැනක් හොයනවා ඒකයි ඇත්ත..
ගැහැණියක් පිට යවන්නත් ගැහැණියක් පපුවට අරන් ආදරය දෙන්නත් පිරිමින්ට හැකි ..
වෙන්න හැකිනම් පපුවට අරන් ආදරය උණුසුම දෙන පිරිමියෙක්
ඒ ගැහැණිය අදුරන්නේ ඒ පිරිමියාව විතරයි ඒ සුවද විතරයි ඒ උණුසුමම විතරයි .
ගැහැණිය සුද්ද කරා නොව. පිරිමි අපි ගැන කතා කරා පමණයි
මෙය කියවන පිරිමි මට බනී ප්‍රශ්ණයක් නැ තම ගැහැණියට පිට යනවා කියන්නේ මොකද්ද කියලා අමතක වන විදියේ ආදරයක් දෙන්න ඒ ඇති
උපුටා ගැනීම:-Romesh A Silva-