පිටවක්කා ශාකයේ ඇති මේ ඖෂධීය වටිනාකම ගැන ඔබ දන්නවාද…? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බොහෝ දෙනෙක් නොහහඳුනන ඉතා වටිනා ශාක බොහොමයක් අපේ පරිසරයේ වටපිටාවේ තිබෙන නමුත් මේ පැලෑටි වල නිවැරදි වටිනාකම නොදැනීම නිසා ඒවා වල්පැළෑටි යැයි සිතා බොහෝ දෙනෙක් දෙවරක් නොසිතා ඒවා විනාශ කරති. එවැනි වටිනා ශාකයක් ලෙස පිටවක්කා ශාකය හැඳින්විය හැකියි. නෙල්ලි කොළයට මදක් සමාන කොළ සහිත මෙම ශාකය පිළිබඳව ඉතා සුළු පිරිසක් පමණක් දැන සිටීම ඉතා කනගාටුදායකය. මෙය බිම් නෙල්ලි, භූර අම්බලා, භද්ර අම්බලා, ආමලා, අජටා සහ තවත් බොහෝ නම් වලින් ද හදුන්වයි.
සෙන්ටි මීටර් 60 ක් පමණ උසට වැඩෙන මෙම ශාකය ප්රධාන වශයෙන් වර්ග දෙකකින් සමන්විත වේ. ඉන් එක් වර්ගයක් එළ පිටවක්කා යන නමින් හැඳින්වේ. තවද, රත් පිටවක්කා, සුදු පිටවක්කා ලෙසින් ද පිටවක්කා වර්ග පරිසරයෙන් සොයාගත හැකිය. ඒක වාර්ෂික ශාකයක් වන පිටවක්කා ශාකයේ පත්ර සරල සහ අක්රමිකව පිහිටයි. ඒක ලිංගික පුෂ්ප සහිත මෙම පිටවක්කා මල් පත්රයේ යටි පැත්තේ පිහිටයි. බොහෝ රෝග ගණනාවක් සඳහා ප්රතිකාර කළ හැකි ඉතා වටිනා ඖෂධීය ශාකයක් ලෙස මෙම පිටවක්කා ශාකය හැදින්විය හැකිය.
පිටවක්කා ශාකය හදුන්වන විද්යාත්මක නම ලෙස Phyllanthus sp. දැක්විය හැකි ය. මෙම ශාක වර්ගයේ ප්රභේද දෙක ලෙස Phyllanthus emblica සහ Phyllanthus niruri ප්රධාන ලෙස දැක්විය හැකිය. මෙම ශාක වර්ගය අයත් වන්නේ Euphorbiaceae කුලයටයි.
විශේෂයෙන්ම අක්මාව ආශ්රිත ලෙඩ රෝග සමනය සඳහා ආයුර්වේද වෛද්ය විද්යාවෙන් පිටවක්කා ශාකය ඉතා ගුණදායි ප්රතිඵල අත් කර දෙන බවට සඳහන් වේ. මෙම ශාකය ලෝකයේ නිවර්තන සහ උප නිවර්තන කාළගුණයන් සහිත රටවල හොදින් වැවෙන අතර මෙම ශාකයේ කොළ, මුල් වැනි කොටස් මගින් බොහෝ ප්රයෝජන ලබාගත හැකිය. පිටවක්කා ශාකය මගින් විවිධ තේ වර්ග මෙන්ම ආලේපන ද, ඖෂධයන් ද සකසනු ලැබේ. මෙම ශාකය හදුන්වන වෙනත් නම් ලෙස Gale of the wind, Leaf flower, Seed under leaf, සහ Stone breaker යන නම් දැක්විය හැකිය. මෙයට හේතුව වන්නේ මෙම පිටවක්කා ශාකයේ පත්ර යටි පැත්තේ තිබෙන කුඩා බොත්තම් ආකාර මල් ය. ඇතැම් විට ඔබ මෙම ශාකය සමග ඔබ කුඩා කල සෙල්ලම් කොට තිබෙනු ඇත. නමුත් මෙහි සෞඛ්යමය ගුණ සහ වටිනාකම් පිළිබඳව තවමත් ඔබ නොදන්නවා ඇති.
මෙම ශාකය ලෙඩ රෝග ගණනාවකට පිළියම් ලබාදේ…..
මෙම ශාකය බොහෝ ප්රසිද්ධ වන්නේ අක්මාව ආශ්රිතව ඇතිවන රෝග නිවාරණය කිරීම සම්බන්ධවයි. මීට අමතරව මුත්රාශය ආශ්රිත රෝග නිවාරණය සඳහා, දියවැඩියාව, ගොනෝරියාව, ඔසප් චක්රය ආශ්රිතව ඇතිවන රෝග, හෙපටයිටිස්, වකුගඩු රෝග, පාචනය, සමේ රෝග වැනි රෝගවලට ප්රතිකාර වශයෙන් පිටවක්කා යොදාගත හැකිය.
පිටවක්කා ශාකය තුළ ක්රියාකාරී ස්වභාවික සංයෝග බොහොමයක් අඩංගු වේ. මේ සංයෝග වල ජීව විද්යාත්මක වැදගත්කම් බොහෝමයක් තිබෙන අතර මෙම ශාකයේ අඩංගු එවැනි ක්රියාකාරී සංයෝග අතුරින්; ලිගනන්ස්, ටැනින්ස්, කූමරින්ස්, ටර්පීන්ස්, ඇල්කොලොයිඩ්ස්, සැපොනින්ස් සහ ෆීනයිල්ප්රොපනොයිඩ්ස් වැනි සංයෝග විශේෂිත වේ. මෙම සංයෝග ශාකයේ පත්ර වල, කදේ, පොතුවල සහ මුල් වල අඩංගු වේ. මීට අමතරව විවිධ ලිපිඩ වර්ග ස්ටෙරොයිඩ සහ ෆ්ලෙවනොයිඩ් සංයෝග පිටවක්කා ශාකයේ අඩංගු වේ. මේ සෑම සංයෝගයක්ම විවිධ ලෙඩ රෝග බොහෝමයක් නිවාරණයට මහගු දායකත්වයක් දක්වයි.
එළ පිටවක්කා…
Phyllanthus debilis යන උද්භිද විද්යාතමක නාමයෙන් හදුන්වන මෙම පිටවක්කා වර්ගය අක්ෂි රෝග සදහා ප්රටිකාර කිරීමට යොදාගැනේ. මෙම වර්ගයේ මුල් ප්රධාන වශයෙන් විවිධ රෝග වලට ප්රථිකාර කිරීම සඳහා යොදාගැනේ. ඇදුම්, උණ, තුවාල, සමේ රෝග සහ ඉදිමුම්, කැස්ස, අක්මාව ආශ්රිත රෝග වැනි රෝග සදහා ප්රතිකාර කිරීමට ආයුර්වේද වෛද්ය විද්යාවේදීත්, හෙළ වෙදකමේදීත් යොදාගැනේ. නාග විෂ සදහා ප්රතිකාර කිරීමට යොදාගන්නේ මෙම පිටවක්කා වර්ගයයි. මේ සඳහා මුලු පැළෑටියම භාවිත කෙරේ.
රතු පිටවක්කා….
Phyllanthus urinaria යනු මෙහි උද්භිද විද්යාත්මක නාමයයි. මෙම පිටවක්කා වර්ගය බොහෝ විට යොදා ගැනෙන්නේ විවිධ තුවාල ආදියට ප්රතිකාර කිරීමටයි. රත් පිටවක්කා වෙනත් ඖෂධ සමග මිශ්ර කර සාදාගත් තලපය සැරව පිරුනු තුවාල වල ඇති සැරව ඉවත් කිරීම සඳහා භාවිත කෙරේ. තවත් රෝග බොහෝමයකට ප්රතිකාර කිරීමට මෙමගින් තනාගත් ඖෂධ යොග්ය වේ.
අක්මාවේ රෝග සඳහා සුදුසුම ප්රතිකාරයක් වන පිටවක්කා…
වර්තමානය වන විට අක්මාව ආශ්රිතව ඇතිවන රෝග වලින් පීඩා විඳින්නන්ගේ සංඛ්යාව ඉතා ඉහළ යමින් පවතී. මේ සඳහා ප්රධානම හේතු ලෙස පමණ ඉක්මවා මධ්යසාර භාවිතය සහ වෛද්යවරුන්ගේ අනුදැනුමක් නොමැතිව විවිධ කසාය වර්ග සහ විවිධ බෙහෙත් වර්ග පානය දැක්විය හැකිය. මීට අමතරව තවත් නොයෙක් ආකාරයේ හේතුන් නිසා අක්මාව ආශ්රිත රෝග ඇති විය හැකිය. විශේෂයෙන්ම අක්මාවේ ඇතිවන හානිවීම් නිසා අක්මාවේ ක්රියාකාරීත්වයට බාධා සිදුවිය හැකිය. මිනිස් ශරීරයේ බොහෝමයක් පරිවෘත්තීය ක්රියා සඳහා දායකත්වය ලබා දෙන ශරීරයේ ඇති දෙවන විශාලතම අවයවය ලෙස අක්මාව හැඳින්විය හැකියි. එබැවින් මෙම අවයවයට යම් හානියක් සිදු වුවහොත් ජීවිත අවදානමක් පවා ඇති විය හැකියි.
අක්මාව මගින් ශරීරයේ ඇති විෂහරණය, ශක්තිය නිෂ්පාදනය, ශක්තිය ගබඩා කිරීම, පෝෂ පදාර්ථ නිෂ්පාදනය, ප්රතිශක්තිකරණය සඳහා අවශ්ය හෝමෝන සමබර කිරීම, ආහාර ජීරණයට දායක වීම, ශරීරය තුළ මේදය පරිවෘත්තිය වැනි කෘත්යන් රැසක් සිදු කරනු ලැබේ. එබැවින් අක්මාව වැනි ඉතා අත්යවශ්ය ශරීර අවයවයක් හානි වූ පසු ඒ සඳහා ස්වභාවික ප්රතිකාරයක් සිදු කිරීම අත්යවශ්ය කාරණයක් බව ඔබට වැටහේවි.
අක්මාවට හානි වූ විටෙක එය බද්ධ කිරීමකට අමතරව එම හානිය සුව කිරීම සඳහා බටහිර වෛද්ය විද්යාවේ ඇති ඇතැම් ප්රතිකාර ද රෝගීන් හට කාර්යක්ෂම නොවන අවස්ථා තිබේ. නමුත් ශ්රී ලංකාවේ පහසුවෙන් වැවෙන පිටවක්කා ශාකය මගින් මෙවැනි, අක්මාව ආශ්රිත රෝග ඉතා පහසුවෙන් සුවකර ගැනීමට හැකියාව තිබේ.
සිරෝසිස් යනු අධික ලෙස මත්පැන් භාවිතය නිසා අක්මාව ආශ්රිතව හටගන්නා මාරාන්තික රෝගයකි. මෙවැනි රෝග වල මුල් අවදියේ ප්රතිකාර කිරීම සදහා පිටවක්කා ශාකය යොදාගත හැකිය. එමගින් ශරීරයේ ඇති විෂහරණ ක්රියාවලිය කාර්යක්ෂම කෙරේ. පිටවක්කා ආහාරයක් ලෙස හෝ පානයක් ලෙස සකසා ගැනීම තුලින් අක්මාවේ තැන්පත්ව ඇති වැඩිපුර මේදය දහනය කරගත හැකිය. මෙමගින් “Fatty Liver” වැනි රෝග තත්ව වලකාලයි. එසේම අක්මාව තුළ ස්වාභාවිකව සිදු වන විටමින් නිෂ්පාදන ක්රියාවලීන් ද හොදින් සිදු කරගැනීමට, පිටවක්කා ශාකයේ කොටස් ශරීරයට ලබාගැනීම මගින් හැකි වේ.
මීට අමතරව අක්මාව ආශ්රිතව ඇතිවිය හැකි පිළිකා තත්වයන් වලින් ඔබේ ශරීරය ආරක්ෂා කිරීමට ද පිටවක්කා වලට හැකියාව ඇත. අක්මාවෙන් සිදුවන තවත් ප්රධාන කාර්යයක් වන්නේ පිත නිපදවීමයි. අක්මාවෙන් නිපදවූ පිත, ගබඩා කරන්නේ පිත්තාශයේ ය. ආහාර ජීර්ණ ක්රියාවලිය සදහා අත්යවශ්ය වන පිත නිපදවීම ක්රමවත් කිරීමට ද පිටවක්කා ශාකය ඉවහල් වේ.
වකුගඩු රෝග නිවාරණයට පිටවක්කා…
වකුගඩු ආශ්රිත රෝග බොහෝමයක් මේ වන විට ලංකාවේ ජනයා අතර ද පවතී. වකුගඩු ආශ්රිතව ඇතිවන ගල් ආදී තත්ව සමනය කිරීමට පිටවක්කා ශාකයේ විවිධ කොටස් උපයෝගී කරගනියි. මුත්රාශයේ ඇතිවන ගල් වලට ද ප්රතිකාර කිරීමට ද මෙම ශාකය ඉවහල් වේ. විවිධ කෘතිම ප්රතිකාර හමුවේ අතුරු ආබාධ ඇති කරගැනීමට වඩා මෙවැනි ස්වාභාවික ශාක සාර පහසුවෙන්, වියදමකින් තොරව ලබාගැනීමෙන් ඔබට වකුගඩුවල නීරෝගි බව ලබාගත හැකිය.
ප්රතිඔක්සිකාරක හැකියාව….
මිනිස් ශරීරයේ තිබෙන විෂ සහිත සංයෝග රුධිරය හරහා ඉවත් කිරීමට පිටවක්කා ශාකයේ පත්ර වලට සුවිශේෂී හැකියාවක් පවතියි. වෙනත් ස්වාභාවික පලතුරු සහ එලවලු වල අඩංගු ප්රතිඔක්සිකාරක ගුණයන් බොහෝමයක් මේ ශාක පත්රවල අඩංගු වේ. ඒ නිසා ඔබේ ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමට පිටවක්කා වලට විශාල හැකියාවක් පවතියි. ශරීරයේ රුධිර ගමනාගමනය ක්රමවත් වීම හේතුවෙන් තවත් රෝග ගනනාවකින් ඔබේ ශරීරය ආරක්ෂා කිරීමට පිටවක්කා වලට හැකියාව පවතියි. එසේම රුධිරය පිරිසිදු වීම හේතුවෙන් සමේ පැහැය වැඩි වී පැහැපත් බවක් ද ලබා දේ.
ආහාර ජීරණ පද්ධතිය නීරෝගි කරයි…
පිටවක්කා වල ඇති ප්රති-බැක්ටීරියා ගුණයන් හේතුවෙන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවිය හැකි බැක්ටීරියා අසාදන වලින් ඔබව ආරක්ෂා කරයි. බැක්ටීරියා අසාදන හේතුවෙන් පාචනය, වමනය වැනි අහිතකර තත්ව ඇතිවීමේ හැකියාව පවතියි. එසේම ආමාශයේ ඇතිවිය හැකි අම්ල පිත්ත ප්රදාහ තත්ව හෙවත් ගැස්ට්රයිටිස් තත්ත්වය වළක්වා ගැනීමට ද පිටවක්කා ශාකයේ විවිධ කොටස් ඉවහල් වේ. මීට අමතරව ආමාශයේ ඇතිවිය හැකි වෙනත් ප්රදාහ තත්වයන් ද සමනය කිරීමට පිටවක්කා උපකාරී වේ.
හෙපටයිටිස් බී නිවාරණය සඳහා ඉවහල් වේ
පිටවක්කා ශාකයේ ඇති තවත් සුවිශේෂී ගුණයක් වන්නේ එහි ඇති ප්රති-වෛරස් හැකියාවයි. මෙම හැකියාව හේතුවෙන් ශරීරය විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව පවතියි. හෙපටයිටිස් බී රෝගය වැනි වෛරස් රෝග නිවාරණය සදහා මෙම පිටවක්කා ශාකය ආයුර්වේද වෛද්ය විද්යාවේදී යොදාගැනේ.
මීට අමතරව පීනස රෝගය, චර්ම රෝග, ඇදුම, තුවාල, සර්ප විෂ, විසප්පු, ඉදිමුම්, පනු කැවිලි, හොරි, දද, සෙංගමාලය, මළබද්ධය, ගර්භාෂ රෝග, ආර්තව රෝග, ගොනෝරියා, අස්ථි බිදුම් ආදී රෝග බොහෝමයකට පිළියම් කිරීමට පිටවක්කා ශාකයේ කද, මුල්, පත්ර, ඇට ආදී කොටස් සියල්ලම පාහේ භාවිතයට ගනියි.ඔබට ඉතා පහසුවෙන් පිටවක්කා ශාකය නිවෙස අවට වගා කරගත හැකි අතර ඒ මගින් සෑදු මැල්ලුම් හෝ ව්යංජන ආදිය පහසුවෙන් පිළියෙල කරගත හැකිය.
මීට අමතරව පිටවක්කා ශාකයේ ඖෂධීය ගුණය එක් කළ පානයන් ලෙස පිටවක්කා පත්ර වලින් සැදූ තේ, බෙහෙත් වර්ග, ආලේපන ආදිය වෙළදපොළෙන් ඉතා පහසුවෙන් මිළදීගැනීමට ද හැකියාව පවතියි.
පිටවක්කා කරල්….
මෙම කරල් විවිධ රෝගාබාධ වලින් අක්මාවට හානි වූ අයට හා දිනපතා මධ්යසාර භාවිතා කරන අය සඳහා භාවිතයට ගත හැක. එමඟින් අක්මාවට සිදුවන හානිය අවම කර ගැනීමට හා අක්මාවේ ක්රියාකාරිත්වය හොඳින් පවත්වා ගැනීමට හැකිවේ. මෙම පිටවක්කා කරල් වෙළඳපොලේ මිලදී ගැනීමට ඇති අතර එවා ලබාගත යුතු ආකාරය සහ මාත්රාවන් පිළිබඳව එම කරල් මිලදී ගැනීමේදී සඳහන් කර ඇත. එම උපදෙස් පිළිපදිමින් ඒවා භාවිතා කිරීම ඉතාම වැදගත් වේ.
…….අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගන්නාලදී ….
~~~ලිපිය කියවල වටිනව කියල හිතෙනවනම් ඔබගේ අදහස් යෝජනා හා චෝදනා ගැනත් කමෙන්ට් එකකින් සටහන් කරන්න අමතක කරන්න එපා~~~

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!