ඇය චතුම්යා දේවින්දි සේනාරත්න.හැමෝම ආදරේට ඇයව ඇමතුවේ චතූ යන ආදරණීය නමින්ය.ඇයට සිටියේ මව හා පියා පමණි.ගමේ පාසලේ දී හොඳින් ඉගෙන ගත් ඇය සාමාන්ය පෙල විභාගයෙන් A8,B1 ඉහල ප්රතිපලයක් ලබාගෙන සමත් වූයේ මව්පියන්ගේ දුප්පත් බලාපොරොත්තු වලට නැවුම් බවක් එකතු කරමින්ය.
“අම්මේ මං ගිහින් එන්නම්.තාත්තෙ මං ගිහින් එන්නම්.” හොඳයි දුවේ.තෙරුවන් සරණයි.පරිස්සමින් මගේ දුවේ” නගරයේ ජනප්රිය බාලිකා පාසලක චතූට අධ්යාපනය ලැබීමේ භාග්යයද හිමිවිය.පිරිමි ළමුන් සමඟ ආශ්රයක් නොතිබූ ඇයට අනෙක් පාසල්වල සිසුන්ගෙන් ආදර යෝජනා ගලාආවේ ඇගේ තිබූ රූමත් සුන්දරත්වය නිසයි.නමුත් ඒ කිසිවකට අවධානය යොමු නොකළ ඇය ඉගෙනීම පමණක් මුල්තැන තබා කටයුතු කළාය.උසස් පෙල විද්යා අංශයෙන් ඉගෙන ගත් ඇයට ප්රවීන් හමුවන්නේ අහම්බෙනි.ප්රවීන් ලක්ෂිත රත්නායක බොහෝවිට යහළුවන් පිරිවරාගෙන සිටි ශිෂ්යයෙක් විය.චතූ ප්රවීන් ඉගෙනගත් පුනරීක්ෂණ පන්තියට පැමිණි දින සිට ප්රවීන්ගේ දෑස් යොමු වූයේ චතූ දෙසටයි.ඇය තරම් ලස්සන කෙල්ලෙක් පන්තියේ තවත් නැතිබව ප්රවීන් හොඳින් දැනගෙන සිටියේය.
“චතුම්යා.හරි ලස්සන නමක්නෙ.නම වගේම අයිතිකාරිත් ලස්සනයි..” පන්තියේ විවේක කාලයේදී ඇය එන මග රැක සිටි ප්රවීන් ඇගේ ගමනට බාධා කරමින් පැවසුවේ ඇය නොසිතූ අයුරිණි.ඇයට තමන් ගැන ආඩම්බරයක් දැනිණි.නමුත් ඒබව පෙන්වීමට ඇය උත්සහ නොකර ඉවත්ව ගියාය.දින දහයක වෙහෙසකර උත්සහයකින් පසු චතූගේ සිත ගැනීමට ප්රවීන් සමත් විය.ප්රවීන් ප්රදේශයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමාගේ එකම දරුවාය.එනිසා ප්රවීන් කල නොහැක්කක් නොමැති විය.ඔහු කල දේවල් දන්නේ ඔහු සමඟ සිටින මිතුරන් කිහිපදෙනෙක් පමණි.
” චතූ ඔයාට මගෙන් තෑග්ගක්.” “මොකක්ද ප්රවීන්?”.අරගෙන ඇරලා බලන්නකො චතූ ඉතින්.”
ඇය වහා ප්රවීන් තමා අත තැබූ පෙට්ටිය විවෘත කළාය.
” ආනේ ෆෝන් එකක්.මේක මටමද”? “වෙන කාටද මගේ චතූට තමයි” ඔහුගේ වචන ඇගේ හදවතට තදින් දැනිණි.ඒ නිසාම ඔහු කියන දෙයකට දෙවරක් නොසිතා කැමති වීමට චතූගේ හිත ඔහු හැදුවේ ආදරයේ නාමයෙන් ඇයටවත් නෙැදැනීමයි.
“දන්නවද ප්රවීන්,මම ගෙදර ඉන්න වෙලාවට කෝල් ගන්න එපා.මෙච්චර කාලෙකට නැති ෆෝන් එකක් කොහෙන්ද කියලා අම්මලා හිතයි.අහුවුණොත් සේරම ඉවරයි.ඔයාවත් මට නැතිවෙයි”.”
පියෙකුගේ තීන්දුව (08 අවසාන කොටස)