“ප්රවීන් දොර ඇරහන්.උඹ කිවුවෙනම් කොහොමද.උඹේ වැඩේ ඉවරඋනගමන් මට දෙනවා කියලා.උඹේ සුරංගනාවි මගේ කරගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මං”ඔහු උමතුවෙන් මෙන් කියාගෙන ගියේය.ඇය තමාටම දොස්නගා ගත්තේ කල මෝඩකම තේරුණ නිසයි.උදවුවක් ගතහැකි යමක් තිබේදැයි ඇය වටපිටාව බැලුවාය.එක් කාමරයක අඩි තුන හතරක පොල්ලක් වැටී තිබිණි.එය අතට ගත් ඇය වහාම දොර අසලට ගොස් අගුල විවර කර කාමරයක සැඟවූවාය.නොඉවසිලිමත් බවින් යුතුව රවිඳු ඇතුලට පැමිණියේය.”දැන් උඹේ වෙලාව ඉවරයි.දැන් චතූ මගේ වෙන වෙලාව.එලියට වරෙන් එයාව මට දීලා” රවිඳු පවසන්නෙ උමතුවෙනි.ඉදිරියේ තිබූ කාමරයේ දොර විවරව ඇති නිසා ඒ වෙතට රවිඳු ඇවිද ගියේය.චතූ ඔහුට පිටුපසින් ගොස් ඔහුගේ හිස පිටුපසට වේගවත් පොලුපහරක් එල්ල කළාය.”ආව්.රිදෙනවා.මගෙ ඔලුව..”යැයි පවසමින් රවිඳු වේදනාවෙන් හිස බදාගෙන බිම වැටිණි.තවත් කාමාතුරයින් දෙදෙනෙකුගේ ඉරණම එසේ විසඳිණි.එක පන්තියේ අය උවත් ඔවුන් තවදුරටත් ජීවත් විය යුතු නැතැයි ඇය තීරණය කර තිබිණි.
වහාම මාර්ගයට දිව ගිය ඇය පාරේ ගමන්ගත් ත්රීවිලරයක් නවතා ගත්තාය.”අයියේ ඉක්මනට යමු පොලීසියට.අනේ ඉක්මනට යමු.”ඇගේ කලබලකාරී ගතිය නිසා ඇයට කරදරයක් වී ඇති බව තේරුම් ගත් රියදුරා ගමන ඉක්මන් කර පොලීසියට රැගෙනගියේය.”අනේ සර් පිරිමි ළමයි දෙන්නෙක් මට කරදර කරන්න හැදුවා.මම ඒඅයගෙන් බේරෙන්න හදනකොට මං අතින් ඒ අය මැරුණා.අනේ සර් මං හිතලා කලේ නෑ.මාව බේරගන්න”.යැයි පොලිස් නිලධාරියෙකු ඉදිරියේ බැගෑපත් වූවාය.වහාම ඇයව ස්ථානාධිපතිතුමා ඉදිරියට ඉදිරිපත් කළේය.”තමුන් දන්නවද මියගිය අයගෙ නම්?”.සියලු විස්තර අසා අවසානයේ ස්ථානාධිපතිතුමා ඇගෙන් ඇසුවාය.”ඔව් සර් එක්කෙනෙක් මගේ බෝයිෆ්රෙන්ඩ් ප්රවීන් රත්නායක.අනිත් කෙනා…”ඇයට පැවසීමට හැකිවූයේ එපමණකි.තමුත් කිවුවෙ ප්රවීන් රත්නායක කියලද.” “ඔව් සර්”.කලබල වූ ස්ථානාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත් අතර ප්රතිචාරයක් නොමැති තැන ඔහු තවත් කලබලවනු චතූ දුටුවාය.එදිනම පරීක්ෂණ ඇරඹිණි.මළසිරුරු රෝහලට ගෙන ගියහ.මියගොස් ඇත්තේ තමාගේ එකම පුතාබව ස්ථානාධිපතිතුමා හඳුනාගත්තේය.”සාජන් මෙහෙට එනවා”ඔහු නිලධාරියෙකුට ඇමතුවේ කෝපයෙනි.”මගේ පුතාට විරුද්ධව කිසිම සාක්ෂියක් තියෙන්න බෑ.සේරම කෙල්ලට විරුද්ධව තියෙන්න ඕනි.”යැයි විධානය ලබා දුන්නේය.චතූව මිනීමැරුම් චෝදනා යටතේ බන්ධනාගාරගත වූවාය.මව්පියන් දිනපතා හැඬුකඳුලින් ඇයව බැලීමට පැමිණියහ.නමුත් කිසිදු නීතිඥයෙක් ඇයට නොවීය.