පීසා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අනේ තාත්තේ මේවා හරිම රසයි. ඒ උනාට ටීවි එකේ පෙන්නන ඒවා වගේ ඇදෙන්නේ නැහැනේ”
තාත්තට මගේ ඒ වචන සෙට් එක හොදට පුරුදුයි. ඉතින් තාත්තත් මං දිහා බලලා හිනාවෙලා මෙහෙම කියනවා. ” ඒ පුතේ උනු උනුවෙන්මනේ. මේවා දැන් නිවිලනේ තියෙන්නේ “
“අද තාත්තගෙ පඩි දවස. වෙනදටනම් මේ වෙනකොට ඇවිත්. කෝ තාම නෑනේ”
හැම පඩි දවසකම කොළඹ පීසා හට් එකකින් පීසා එකක් අරගෙන ඉක්මනට කෝච්චියක් අල්ලගෙන ගෙදර එන එක තාත්තට පුරුද්දට ගිහිල්ලයි තිබුණේ. ඒත් අද හොදටම පරක්කුයි. ඔහොම ටිකක් වෙලා බලන් ඉද්දි මෙන්න බොලේ තාත්තා එනවා බරටම බඩු අරන්, අළුත්ම අළුත් අවන් එකකුයි , තව බඩු ටිකකුයි එක්ක.
“ඔන්න පුතේ අද අපි රෑට පීසා හදනවා”
” තාත්තා දන්නවද පීසා හදන්න”
” ඔව් පුතේ අපි හදමුකෝ”
තේ එකක් බීලා වොශ් එකක් දාලා තාත්තා වැඩ පටන් ගත්තා. පීසා රොටිය හදලා අවන් එකට දාන්න අපිට ට්රේ එකක් නෑනේ. ඒ නිසා තාත්තා , අම්මගෙන් අළුත් සාස්පාන් පියන් දෙකක් ඉල්ල ගත්තා. ඔන්න දැන් ඔක්කොම හරි. උඩින් චීස් දාන්න විතරයි තියෙන්නේ.
” තාත්තේ තාත්තේ මගෙ එකටනම් චීස් ගොඩක් දාන්න හොදේ. මගෙ පීසා එක ගොඩාක් ඇදෙන්න ඕනි ටීවි එකේ වගේ.”
ඔන්න ඉතින් පීසා දෙකකුත් හදලා ඉවර කලා. දැන් කන්නයි ලෑස්තිය.
” අනේ තාත්තේ මේවා ගොඩක් රසයි, ඒත් මේවත් ඇදෙන්නේ නෑනේ. උනුවෙන් තිබ්බත් ඇදෙන්නේ නෑනේ “
” කමක් නෑ පුතේ දැන් ඕක කන්නකෝ. අපි වෙන දවසක හදමුකෝ ඇදෙන පීසා එකක්.”
අවුරුදු දාහතකට පසු,
” තාත්තේ දැන් මට ඇදෙන පීසා හදන්න පුළුවන්. එදා අපි දැම්මේ මොසරැල්ලා චීස් නෙමෙයිනේ. මේ බලන්නකෝ තාත්තේ මේවා ඇදෙන ලස්සන”
මේ වචන ටික තාත්තට කියන්න මට වාසනාව තිබ්බනම්, අපි හදන්න හිතපු පීසා එක මගේ අතින්ම හදලා දෙන්න තිබ්බනම්. ඒත් තාත්තේ අද ඔයා නෑ.
මාසෙකට සැරයක් මාත් පීසා හදනවා. ඒ හැම වෙලේම තාත්තා මං එක්ක ඉන්නවා වගේ. ඒත් තාත්තේ ඒ කිසිම පීසා එකක් ඔයා හදපු එක තරම් රහ නෑ.
උපුටා ගැනීම: Buddhi Jayaweera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!