මේ දවස් වල කලාවක් ගෑවිච්චවත් නැති කෙල්ලො දෙන්නෙක් මුනගැහුනම…
+ ඒ හලෝ අර පොදූ මාරයි නේ..
– ඔව් අනේ ආදි..
+ ඒකනේ. ඒකට මන් එක්ක යාලු උන එකා.
– මන් යාලු වෙලා ඉන්න අයියටනම් එයා වගේම තරහ යනවා.
+ මාත් තව ටිකදවසක් බලල ආදි වගේ නොව්නොත් අරූව ඩිවෝස් කරල දානවා
– “මන් තමුසෙට ආදරෙයි යෝදියේ” ඒකනම් මරු හලෝ.
සාහිත්යය රසාස්වාදනයක් තියෙන කෙල්ලො හෝ කොල්ලො දෙන්නෙක් හම්බ වුනාම.
+ මචං පොදූ කියල කතාවක් තියෙනව නේ බන් අලුතෙන් .
– ඔව් බන් ඒක හොදයිලු
+ ඔව් ඉතින් දෙවනි ඉනිමත් බහුතරේට හොදයිනෙ අපි නොබැලුවට
– ඔව්.. තමන්ගෙ මානසික මට්ටම අනුවනේ බන් තමන් කලාවෙ කොතනටද සෙට් වෙන්නෙ කියල තීරණේ වෙන්නෙ
+ අන්න පොයින්ට් එක. ඒක නිකන් මාටින් වික්රමසිංහ මහත්තයගෙයි, සූජීව ප්රසන්නආරච්චිගෙයි පොත් වලට මිනිස්සු බෙදුන වගේ
– අන්න හරි.. ඒත් පොඩි අවුලක් තියෙනව බන්
+ ඒ මොකද්ද?
– කූඹියෝ, ගිනි අවි සහ ගිනිකෙලි, අඩෝ ත්රෛලෝකා වගේ වෙනමම තාර්කික ආර්ට් එකක වැඩ කරපු කලණ මේකට සෙට් උන එක අව්ල් බන්.
+ උන්ගෙ වෘතියට අපිට සීමා බදින්න බෑනේ බන්. අපි බලමු. බහුතරේටයි සුලුතරේටයි දෙගොල්ලන්ටම බලන්න පුලුවන් නිර්මාන වෙන වෙනම එයි ඉදිරියට.
ඔව්.. තනි තනියෙන් මිනිස්සු එක්කෙනා එක්කෙනා හරි බොලදත්වයෙන් තාර්කිකත්වයට ආපු දවසට මේ රට වෙනස් වෙයි.
(කලාවක් නොමැති මිනිසුන් සමග ජීවත් වීමට ඇති බිය හා මුත්යාවෙන් පිරි මිනිසුන් සමග ප්රජාතන්ත්රවාදී රටක ජීවත් වීමට ඇති බිය නිසා ලියන ලද්දක් මිස නිර්මානයට අපහාස කිරීමක් නොවේ)