ඹන්න ඉතින් හද්දා පිටිසර ගමක කොල්ලෙක් විභාග කඩලු ටික පැන ගෙන ගිහිල්ලා අන්තිම කඩුල්ලත් පැනලා කොලබ සරසවියට තේරුණාලු. ගම ඇහුවම කියන්නේ මාතර කියලා. ඒත් ඉතින් මාතර ඉදන් බස් දෙකක ගිහින් ත්‍රීවීල් එකකත් ගිහින් හුළු අත්තක් පත්තු කරන් යන්නත් ඕනා ගමට යන්න.
පොඩි කාලේ ඉදලම අලිත් එක්ක කරලා තියන සෙල්ලම් ගැන තමයි ඉතින් කැම්පස් ආපු දවසේ ඉදන් කතාව.පියුමි හංසමාලිගේ භාෂාවෙන් කියනවා නම් හද්ද ලොටේ.
ඉතින් මේ පිටිසර සිරියාවට වහවැටුන කොලබ හාදයෙක් නිවාඩුවට ගමේ යනකොට යන්න ආවලු.
කොලබ ආවට පස්සේ ඉතින් ගමේ කොල්ලෝ පොශ් වෙනවනේ දැන් කොලබ භාෂාවෙන් තමයි කතාබහ එහෙම. තැනේ හැටියට ඇනේ ගහන්න එපාය. වවුලගේ මගුලට ගියා නම් එල්ලිලාම හිටු කිව්වනේ.
” අම්මේ මේ අපේ කැම්පස් එකේ පොරක්”
ඉතින් අම්මටත් අදුන්වලා දුන්නලු මිත්‍රයව.
අම්මටත් දැන් හරි ඉහලයි. පුතත් දැන් ඉගෙන ගෙන කොලබ රටට ගිහින්. කකුල් දෙකටම කලිසම් අදින මහත්වරු තමයි ආශ්‍රය. අම්මත් ඉතින් පුලුවන් උපරිමයට කෑම බීම ටික හදලා පුතාට කලා කලාලු කන්න කියලා යාලුවත් එක්ක.
” පුතේ ඔය පොර පුතත් එක්ක ඇවිත් බත් කටක් කෑව නම්”
අනේ ඒ අහිංසක අම්මා හිතලා තියෙන්නේ පොර කියන්නේ යාලුවගේ නම කියලා. ඒකත් ඇත්තනේ කෙනෙක් හදුන්වලා දෙන්නේ නමින් නේද?
කාටද වැරදුනේ එතකොට???!…
උපුටා ගැනීම: කුමරිනි මලලසේකර