පොරොන්දුව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සොල්දාදුවෙක් යුද්දයක් අවසන් වී සිය රටට නිවාඩුවකට පැමිණියා.
ඒ ඔහු විසින් දුන් පොරොන්දුවක් ඉටුකිරීමේ අරමුණින්.
ඒ නිසාම ඔහු මව සහ පියා වෙත යෑම වෙනුවට කලේ තවත් ඇමෙරිකාවේම ප්රාන්තයක් වෙත ගමන් කිරීමයි.
ඒ වනවිටත් ඔහු සැරසී සිටියේ සිය නිළ ඇඳුමින්මයි.
සොල්දාදුවා අදාල ප්රාන්තයේ එක් ප්රධාන රෝහලකට ඇතුලු උනා.
ප්රධාන දොරටුවෙන් ඔහු විමසීමේ කවුන්ටරය වෙතට පියනගද්දීම හෙදියක් පැමිණ ඔහුගේ දකුණු අතින් අල්ලා ගත්තා.
කිසිවක් කතාකිරීමටත් පෙර ඇය ඔහුව රැගෙන ගියේ ගිලන් ඇඳක වැතිරී සිටි වයසක මිනිසෙකු ලඟටයි.
වයසක මිනිසා සිටි ගිලන් ඇඳ අදාල වාට්ටුව වෙත රැගෙනයමින් තිබුණා.
“මගේ පුතා, මගේ පුතා”
ඔහු සොල්දාදුවා දෙසට ඇඟිල්ල දිගුකරමින් මුමුණමින් සිටියා.
ඒ වගේම සොල්දාදුවා ඔහු අසලට පැමිණි පසු මහලු මිනිසා සන්සුන්ව ඇඳමත වැතිරී සිටියා.
මොහොතත් නිසොල්මන්ව වැතිරී සිටි ඔහු අපහසුවෙන් ඇස් හැර සිය පුතු දෙසට අත දිගු කලා.
සොල්දාදුවා දැඩි සෙනෙහසකින් සහ දයාබරත්වයකින් යුතුව මහලු පියාගේ වෙව්ලන අත තම දෑතින්ම අල්ලා අල්ලාගත්තා.
මුලු රාත්රියම නිදි වර්ජිතව සිය පියාගේ ඇඳ අසලම හිඳ ඔහුගේ අත අල්ලාගෙන පියාට අවශ්ය උණුසුම ඔහු ලබාදුන්නා.
හෙදිය පැමිණ ඔහුට විවේක ගන්නා ලෙසත් ඇය පියා අසලින් රැඳී සිටින්නම් යැයි කීපවරක්ම කීවත් සොල්දාදුවා එය ප්රතික්ෂේප කලා.
ඔහු දැනසිටියා මේ ගෙවීයන්නේ පියාගේ අවසාන හෝරාවන් කිහිපය බව.
හිමිදිරි උදෑසන හෝරාවේදී පියාගේ අත එකවරම තදින් සෙලවී කඩාවැටුනේ ඔහුගේ දෑත් අතරමයි.
වයසක මිනිසා මියගියා.
පියාගේ නිසල අත ඇඳ මත තැබූ සොල්දාදුවා හෙදිය වෙත එය දැනුම්දීමට පිටත් උනා.
හෙදිය විසින් අදාල ලියකියවිලි සියල්ලම සකස්කොට ඔහුගේ අතට දුන්නා.
එවිට සොල්දාදුවා ඇයගෙන් මෙසේ ඇසුවා.
“කව්ද ඒ වයසක මිනිසා”
හෙදිය පුදුමයෙන් ඔහු දෙස බැලුවා.
“මම හිතුවෙ ඒ ඔබේ පියා කියල,
අපි ඔහුව රැගෙන එනවිට ඔබව පෙන්වමින් මගේ පුතා ,මගේ පුතා යනුවෙන් ඔහු ඔබව පෙන්නුවා””
“නැහැ,ඔහු මගේ පියා නෙවෙයි,
මම කිසිම දිනක මීට පෙර ඔහුව දැක නැහැ”
සොල්දාදුවා පිළිතුරු දුන්නා.
“එසේනම් ඇයි ඔබ මුලු රාත්රියම නිදිවර්ජිතව ඔහු අසලම ගතකලේ”
හෙදිය නැවත ඇසුවා.
“මම තේරුම්ගත්ත ඒක හදිසි අවස්තාවක් බව,
ඒ වගේම වයසක මිනිසාට උවමනා උනේ ඔහුගේ පුතාවයි ඒ අවස්තාවෙදි,
ඒත් ඔහු එතන සිටියේ නෑ,
ඒ නිසයි මම ඒ දේ කලේ”
ඒ ඔහුගේ පිළිතුරයි .
හෙදිය සොල්දාදුවාගෙන් රෝහල වෙත පැමිණීමට හේතුව කාරුනිකව විමසුවා.
“ඇත්තටම මම ආවෙ මගෙ හොඳම මිතුරාගේ අවසාන ඉල්ලීම ඉටුකරන්නයි.
ඔහු යුද පෙරමුනේදී දින කිහිපයකට කලින් මියගියා”
මොහොතක් නිහඬව සිටි සොල්දාදුවා කතාකලා.
“තාත්තෙ….. මට සමාවෙන්න,
මගේ කාලය ඉවරයි,
මම එහෙ ඉඳන් ඔයා දිහා බලන් ඉන්නම්,
අමතක කරන්න එපා මම ඔයාට ගොඩක් ආදරෙයි කියල”
“ඒ මගේ මිතුරාගේ අවසන් වචන කීපයයි,
මට අවශ්ය උනේ ඒ ගැන ඔහුගේ පියාට දැනුම්දෙන්නයි,
ඔහුගේ නිවස වෙත ගියත් නිවස වසා දමා තිබුනා,
අසල්වාසියෙකුගෙන් විමසූ විට පැවසුවේ ඔහුගේ පියා මේ රෝහලේ ප්රතිකාර ගන්නා බවයි,
ඒ නිසයි මම මෙතෙනට පැමිනියේ”
ඔහු නැවතත් කතාකලා.
“කරුණාකරල මට කියන්න පුලුවනිද විලියම් ග්රේ කියන රෝගියාගෙ කාමර අංකය කුමක්ද කියල,
ඒ ඔහුගේ පියා”
හෙදියගේ දෑසින් කඳුලු වැල් ගලාහැලෙන්නට උනා.
කඳුලු අතරින් ඇය මෙසේ කීවා.
“මුලු රාත්රියම ඔබ ගතකලේ ඔහු ලඟයි,
අවසාන ම්නිත්තුව තෙක්ම ඔබ අල්ලාගෙන සිටියේ ඔහුගේ අතයි.”
“ඔව්, ඔහු තමයි විලියම් ග්රේ”
………………………………………………………..
මොහොතක් සිතන්න…..
අපිට කෙනෙක් වෙනුවෙන් දෙයක් කලහැකිව තිබියදීත් මගහැර ගිය අවස්තා කොපමණද ?
මගෙ කවුරුවත්යැ….
කොහෙ තියෙන සල්ලිද…
උන් අපිට මෙහෙම කලා…
නිදහසට කරුණු නම් කොපමණද ?
තමන්ගේම අය වෙනුවෙන් මෙසේ පවසන අපිට පිටඅය ගැනනම් කවර කතාද?
කෙනෙකුට උදව් කිරීම යනු මුදල්ම නොවන බව,
තමන්ගේම කෙනෙකු හෝ පිටකෙනෙකුට උදව් කිරීමේ කිසිම වෙනසක් නොමැති බව,
අපට කලහැකි දෙයක් නම් ඔහුගේ හෝ ඇයගේ අතීතයෙන් ඵලක් නොමැතිබව,
අප තේරුම්ගන්නා විට ප්රමාද වී තිබිය හැක.
අපගේ එක වචනයක්,
අපගේ කාලයෙන් එක මිනිත්තුවක් තවත් කිසිවකුගේ ජීවිතයේ වැදගත්ම මොහොත විය හැකිය.
මන්ද,
කිසිවකුගේ අවසාන බලාපොරොත්තුව ඔබ විය හැකියි.
ඔබගේ අවසාන බලාපොරොත්තුව ඉටුකරන්නා ඔබට කිසිදා මුන නොගැසුනා විය හැකියි.
ධනය,බලය,නිලය,තලය සහ කුලය ගැන සිතන ඔබ සියළුදෙනා වෙතටයි.
අද දින මනුෂ්යත්වයේ ඔබ තබන එක පියවරක් හෙට දින මුළු ලෝකයම වෙනස් කිරීමට තරම් ප්රමාණවත් විය හැක.
උපුටා ගැනීම:  Sumith Edirisinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!