පොත් ගංගාව ( River of Books) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද කියන්න යන්නේ අරුම පුදුම ගංගාවක් ගැන විස්තර. ඒ අපි හැමදාම දකිනවා වගේ වතුර පිරුණු ගංගාවල් නම් නෙමෙයි. මේක අරුම පුදුම පොත් ගංගාවක්. 😍
මේ විශ්මිත පොත් ගංගාව තිබුණේ කැනඩාවේ ටොරොන්ටෝ හි වීථියක. මිනිසුන් විසින් පරිත්යාග කරන ලද පොත් ගංගාවක් බවට පරිවර්තනය කරන උත්සවයක් කැනඩාවේ පවතින අතර ඕනෑම කෙනෙකුට අවශ්ය ඕනෑම පොතක් එහිදී නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 🤗
මෙහිදී හිතාගන්නවත් බැරි විශාල පොත් ප්රමාණයක් මිනිසුන් විසින් පරිත්යාග කරන අතර ඒවා ගන්න මිනිසුන් දහස් ගණනක් පැමිණෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පැමිනෙන්නන් බාල මහළු බේදයකින් තොර වීම විශේෂත්වයක්. 🧝
අද ලෝකයේ මිනිසුන් බොහෝමයක් පොත්පත් වලින් ඈත්ව අන්තර්ජාලයට බොහෝ සෙයින් ළං වීම නිසා පොත්පත් කියවීම ඔවුන්ගෙන් ගිලිහී ගොස් තියෙනවා. ඉතින් කැනඩා රජයේ අරමුණ වන්නේ මෙමගින් බාල මහළු බේදයකින් තොරව මිනිසුන්ගෙ කියවීමෙ රුචිය ඔප් නැංවීමයි. ✍️
කොහොමද ඒ රටවල් වල වැඩ? අපේ රටෙත් මේ වගේ පොත් ගංගාවක් තිබුණොත් ඇත්තටම ඒක අපේ පොත් ගුල්ලන්ට ගොඩක් සුභ ආරංචියක් වෙයි. මාත් කියවන්න කැමති කෙනෙක් නිසා පෞද්ගලිකව ඒ වැඩේට නම් හරිම ආසයි.😊💐✍️
This Street Was Flooded With 10,000 Books
Pin on Book Geek Heaven
PHOTOS) River Of Books Covers The Busiest Street In Toronto | Book  installation, Installation art, Book cover illustration
Other Perspectives - In Toronto every year is celebrated a festival that  transforms a street into a river of donated books. Everyone can select a  book and take it 📚 | Facebook
උපුටා ගැනීම:නොදත් තතු – Nodath Thathu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!