ප්‍රධාන රූපවාහිනි නාලිකාවකට යුටියුබ් වෙතින් තහනමක්! (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම සහ දැවැන්තම රූපවාහිනි නාලිකාව වන “Sky News (ස්කයි නිව්ස්)” ආයතනය වෙත යුටියුබ් (Youtube) වෙතින් තහනමක් පනවා තිබෙනවා.

මෙයට හේතුව වී තිබෙන්නේ එම නාලිකව මඟින් පළ කරන ලද කොවිඩ්-19 වසංගතය පිළිබඳව තොරතුරු අසත්‍ය බවට අනාවරණය වීමයි. මේ හේතුවෙන් එම නාලිකාවේ විඩීයෝ දර්ශන කිහිපයක් ද එම සමාජ මාධ්‍ය තුළින් ඉවත් කර තිබෙනවා.

මෙම තහනම සතියක කාලයක් බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

අදාළ නාලිකාවේ සාමාජිකයන් මිලියන 1.68ක් සිටින අතර තහනම පවතින කාලය තුළදී සජීවි විකාශයන්, වීඩියෝ දර්ශන උඩුගත කිරීම් ඇතුළු පහසුකම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නාලිකාවට තහනම පැනවීමට හේතු වුණු වීඩියෝ දර්ශන කාලයකට ඉහත දී දමන ලද ඒවා බවත්, කොවිඩ්-19 වැනි වෛරසයක් ලෝකයේ නැති බවට වන අදහස් සමාජගත වන ආකාරයේ වීඩියෝ හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!