නින්ද යනු නීරෝගි සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයකි. කාර්යබහුල බවින් පීඩාවට පත් වූ විඩාබර දවසක් අවසානයේ සියලු ආතතින් සහා පීඩාවන් දුරුකරගැනීමට හැකි හොඳම ක්‍රමය සුවබර නින්දක් ලබාගැනීමයි. නින්දේදි සිරුර අලුත්වැඩියා වීම. නව සෛල වර්ධනය විම හරහා සිරුර නිරෝගී වී හෘදය ශක්තිමත් වීම, මනෝභාවයන් ප්‍රබෝධමත් වීම, ඵලදායිතාව වැඩි වීම ආදි ප්‍රතිලාභ රැසක් සිරුරට හිමිවේ.
ප්‍රමාණාත්මක නින්දක් නොලැබීමෙන් සිරුරේ අධික වෙහෙසකර බව, අප්‍රාණිකත්වය, ඇස් වටා කලු වීම ,ආතතිය වැනි පීඩාවන් මෙනම් වෙනත් සෞඛ්‍යය අවදානමක් ඇති රෝග තත්වයන් පවා වර්ධනය විය හැකියි. එය අපේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට කොතරම් හානිකර දැයි ඔබට වැටහෙනවා ඇති. දිගින් දිගටම ප්‍රමාණවත් තරමේ ගුණාත්මක නින්දක් නොලැබීමෙන් මෙවැනි අතුරු ප්‍රතිඵල ගැටලු වලට මුහුණ දීමට සිදුවිය හැක.
- වැඩකරන අතරේදි නිදිකිරා වැටීම

අවදියෙන් සිටිය යුතු වෙලාවක නිදිකිරා වැටීම හොඳ නින්දක් නොලැබීමෙන් ඇතිවිය හැකි ඉතා භයානක තත්වයකි. අනිච්ඡානුගව එසේත් නැතිනම් නිරායාසයෙන්ම වැදගත් වැඩක් මැදදි පුද්ගලයාටත් නොදැනී නින්දට පත්වීම බරපතල තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.
- සම වියපත් වීමට බලපායි

නින්ද නොමැතික නිසා සිරුරේ කෝර්ටිසෝල් නිෂ්පාදනය වීමට පටන්ගනියි. මෙම ආතති හෝර්මෝන වලට සමේ තරුණ ස්වභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය කොලැජන් ඛණ්ඩනය කරදැමීමේ හැකියාව ඇත. ඉන් සමට හානි වී වියපත් ස්වභාවයකට පත්වීමට පටන්ගත හැක. හොඳ නින්දක් ලබන පුද්ගලයින්ගේ සම විපත් වී යන ස්වභාවයා අඩු බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී ඇත.
- පුද්ගලයින්ගේ තීරණ ගැනිමේ හැකියාවට බලපෑම් කරයි

එක්තරා අධ්‍යයනයකදි පුද්ගලයින් 26 දෙනෙකු දින 2 ක් පුරා නිදා නොගැනීමට සලස්වා පර්යේෂණයකට බඳුන් කරන ලදි. එහිදි ඔවුන්ට සදාචාරාත්මක වශයෙන් සිතීමට්ය සිදුවන උභතෝකෝටික ගැටලු කිහිපයක් ගැන තීරණ ලබාගැනීමට සිදුවන කාර්යන් පවරා තිබිණි. අධ්‍යන ප්‍රතිඵල දක්වා තිබුණේ නින්ද නොලැබීම නිසා ඔවුන් හට සංකීර්ණ සදාචාරාත්මක ගැටලු වලට හොඳින් සිතා පිළිතුරු දීම ඉතා අපහසුකාරී වි තිබූ බවයි.
- අපේ චිත්තවේග වලට සෘණාත්මක ආකාරයෙන් බලපායි

නින්ද නොමැතිකම නිසා අපහසුතා මෙන්ම නොසන්සුන්කාරි බවක් දැනෙන්නට පටන්ගනියි.එමෙන්ම මුහුණු වලින් ප්‍රබෝධමත් බවක් හෝ ධනාත්මක චිත්තවේග (සතුට) පෙන්නුම් කිරීම ඉතා අපහසු වේ.අන් අය සතුටින් සිටින්නේ ඇයි දැයි පවා වටහා ගැනීමට අපහසු විය හැක. තමන් සතුටින් නොවන නිසා අන් අයගේ ධනාත්මක ප්‍රකාශනයක් පවා ඉතා සාමාන්‍ය වෙනසක් නොමැති දෙයක් සේ දැනිය හැක.
- මනෝවිකාර (සයිකෝසිස්) සහ අත්භූත දසුන් (සැබෑ නොවන) පෙනීමට පටන්ගනියි

දිගු කාලසීමාවක් තිස්සේ නිදාගැනීමට නොහැකි වූ පුද්ගලයෙකුට මෙවැනි පීඩාකාරී තත්වයන් අත්දැකීමට ලැබිය හැක. නින්ද නොමැතිකම නිසා සංජානන විකෘතිතා හා මනෝවිකාර ඇතිවීමට ඉඩ ඇත. මෙම මනෝව්‍යාධික ලක්ෂණ බොහෝ විට වර්ධනය වන්නේ පුද්ගලයා අවදිව සිටින තරමටය. ඒවා සරල මායා දෘෂ්ටීන් වල සිට, මනෝවිකාර පෙනීම, මෝහයට ලක්වීම හා බරපතල මනෝව්‍යාධි තත්වයක් වන සයිකෝසිස් (acute psychosis) තත්වය දක්වා ප්‍රබල වීමට ඉඩ ඇත.ප්‍රමාණවත් හා ගුණාත්මක හොඳ නින්දක් ලබාගැනීමෙන් මෙම තත්වයන් ඇතිවීම වළක්වාගත හැක.
- මොළයට හානිකරයි

නින්ද නොයාමේ දිගුකාලීන බලපෑම් අධ්‍යයන කිරීම සදාචාරාත්මක හේතුන් නිසා අපහසු කාර්යක් වී ඇත. කෙසේවෙතත්, නින්ද නොමැතිකමේ බලපෑම භින්නෝන්මාදය (Schizophrenia) සහ ඩිමෙන්ෂියා (Dimentia) රෝග තත්වයන් සමඟ සම්බන්ධතාවයක් ඇති බව අධ්‍යනයක සඳහන් වේ. නින්ද නොමැතිකම මොළය හැකිලීයාමට හේතුවන්නක් බව එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් පෙන්වාදේ. මොළයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි හා ක්‍රමවත්ව සිදුවීමට නම් හොඳ නින්දක් ලබාගැනීම අත්‍යාවශ්‍යයය.
- සිරුරේ බර වැඩිවිය හැකියි

චිකාගෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකල අධ්‍යයනයකින් පෙන්වාදෙන්නේ ආහාර රුචිය වැඩිවීම සහ නින්ද නොයාම අතර යම් සම්බන්ධතාවක් පවතින බවයි. නින්දන නොයාම නිසා ඇතැම් පුද්ගලයින් ක්ෂණික ආහාර සහ නීරෝගි නොවන කෙටි ආහාර වර්ග අනුභව කිරීමට වැඩිපුර පෙලඹෙන බව ඔවුන් එම අධ්‍යයනය හරහා සොයාගෙන ඇත. හොඳ නින්දක් ලැබීමෙන් කුසගිනි ඇතිවීම හොඳින් පාලනයක පවතියි. එහිදි ඔවුන් පෙන්වාදෙන්නේ නින්ද නොයන විට අප තුල යම් යම් ආහාර කෙරෙහි ඇති රුචිකත්වයන් වඩාත් ප්‍රබල වීමට පටන්ගන්නා බව සහ ඒවා ආහාරයට ගැනීමට ඇති වන ආශාවන් මැඩපවත්වාගැනීමේ ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව අඩුවී යාම සිදුවන බවයි. නීරෝගි නොවන ආහාර පාන පරිභෝජනය නිසා සිරුරේ බර වැඩිවීම සිදුවේ.
උපුටා ගැනීම: Hela Rahas