ප්‍රංශයේ පළමු කාන්තාව ( චරිත )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කුඩා දරුවන් 7 දෙනෙකුගේ මිත්තනිය වන ඇය ප්රංශයේ පළමු කාන්තාවයි. එහෙත් ඇය සිය සැමියාට වඩා වසර 25 ක් වයසින් වැඩිය. ඒ පමණක් නොව ඇය සිය සැමියා තරුණ වයසේ සිටියදී ඔහුගේ නාට්ය ගුරුවරිය වශයෙන්ද කටයුතු කර ඇත.
දැන් 67 වැනි වියේ පසුවන බි්රජිට් මැක්රෝන් ප්රංශ ජනාධිපති 43 හැවිරිදි එමානුවෙල් මැක්රොන්ගේ බිරියයි. මැක්රොන් නූතන ප්රංශයේ ලාබාලතම පාලකයා ලෙසින් ඉතිහාස ගතව ඇත.
මැක්රොන් ට පළමු වරට බි්රජටී හමුවන විට ඔහු වයස අවුරුදු 15 ක තරුණයෙකි. ඔහු සිය නාට්ය ගුරුවරියට අරුම පුදුම පොරොන්දුවක් ලබාදුන්නේ වයස අවුරුදු 17 දීය.
“අවුරුදු 17 දී එමානුවෙල් මට කිව්වා ඔයා මොනවා කිව්වත් කවදහරි දවසක මම ඔයාව බඳිනවා කියලා” බි්රජිට් වරක් ප්රංශයේ පළවන “පැරිස් මැච්” සඟරාවට පැවැසුවාය.
එමානුවෙල් උතුරු ප්රංශයේ ඇමීනෙස් හි ජෙසුයිට් නාට්ය පාසල සිසුවකු ව සිටි අතර එවකට බි්රජිට් අසුයිරේ (කලින් සැමියාගේ වාසගම) එම පාසලේ ගුරුවරියක වශයෙන් සේවය කර ඇත. පසුව එමානුවෙල් සමග පෙමින් වෙළී ඇති බි්රජිට් කලින් සැමියාගෙන් දික්කසාදය ලබාගෙන එමානුවෙල් සමග විවාහ වූයේ 2007 වසරේදීය.
වෙන රටවල නම් ආදරය කරන්න වයස් බේදයක් නැති වුණත්, අපේ රටේ මෙහෙම දෙයක් වුණා නම් ඉතින් මළකෙලියක් තමයි…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!