ප්‍රශ්න අභියෝග (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජීවිතයේ ප්රශ්න අභියෝග වලට මුහුණ දෙනවිට වයස යනු එක ඉලක්කමක් විතරක් කියලා ඔබට දැනේවි .
සමහරු පුංචි ප්රශ්නයක් ආවත් ජීවිතයේ අත ඇරලා දාන්නවා. හැබැයි වැටෙමින් නැගිටමීන් ,නැගිටමින් වැටෙමින් ජිවිත ගමන සතුටින් යන්න පුළුවන් අතලොස්සක් මොන බාධක ආවත් ජිවිතෙ උපරිම සුවය ව්ඳිනවා.
අද මම ලියන්න යන්නෙත් ඒ වගෙ සිදුවීමක්.
මගෙ ලිපි කියවන අය බොහෝදෙනා දන්නෙ. මම වකුගඩු දෙකම අහිමිවත් ජිවීත අභියෝග ප්රශ්න වලට මුහුණ දෙමින් කිසිදු පසුතැවීමකින් තොරොව ඉදිරියට යන බවයි.
නමුත් මගෙ උපතෙ ඉඳලා අද,දක්වාම ජිවිතෙ
මුහුණ දුන්නෙ අභියෝගම විතරයි කියලා මට හිතෙනවා.
උපදිනකොටම තාත්තා නැතුව ඉපදිච්ච නිසා .මාව දාලා අම්මට රැකියාවට යන්න ඕන වුණ නිසාත්. පොඩි කාලේ ඉදලම තාත්තාගේ ආදරය අහිමි වෙනවා. කරුණු එසේ උනත් අම්මා හැකි පමණ පුළුවන් විදියට ආදරය අපට ලබා දුන්නා .
තාත්තාගේ ආදරය කළු ද සුදු ද කියන්න මම දන්නෙ නෑ .හැබැයි අදටත් තාත්තා කියන සංකල්පයට ගොඩක් ආදරේ කරනවා.
කුඩා මම පාසල් යන වයස එළඹි විට අම්මා මාව පාසලට ගිහිල්ලා බාරදෙනවා.හැබැයි අම්මට පාසලට එන්න පුළුවන් වෙන්නෙ මාව බාර දෙන දවස විතරයි.
මේ නිසා නොයෙකුත් ගැටලුවලට තාඩන පීඩන වලට පාසලේ දී මුහුණ දෙනවා.
ඉගෙනගන්න බැරි ළමයෙකු ලෙස පැත්තකට වෙලා හිටියෙ මට දෙවි කෙනෙක් වන් කුෂලා ගුරුතුමිය නිසා ශිෂ්යත්වය පාස් වෙන්න හැකි වෙනවා .
ඉන්පසු වෙනත් පාසලකට එනවා .මම පාසලේ හය වසර ඉන්දැද්දී පිළිකා රෝගයෙන් මගේ ගුරුතුමිය මියයනවා. පුංචි මගේ හිතට මේක තදින්ම දැනෙනවා .
කුසලා මිස්ගෙ මියයෑමත් ගෙදර යම් යම් ප්රශ්නත් නිසා හය වසරෙන් මගේ පාසල් ගමන නිමා වෙනවා.
හිතන්න ගෙදරින් කවුරුත් බලන්නෙත් නැත්නම් කාගෙවත් රැකවරණ නිකුත් නැත්නම් .සමාජයේ කොච්චර නම් දූෂිත වැඩවලට දරුවන් යෙදේවිද .
නමුත් මට එහෙම වුණේ නෑ. මම එහෙම කළේ නෑ .කුඩා කාලයේදීම මට සිදුවුණා ළමා ශ්රමිකයෙකු ලෙස මගේ ශ්රමය විකුණන්න. මේ කාලයේ නුගේගොඩ යම්යම් කඩවල පුංචි පුංචි වැඩ කළා .
ඉන්පසු electric wedding ( විදුලී පෑස්සුම් ) වඩුවැඩ වගේම වාහන පින්තාරු වැඩත් ඉගෙන ගන්න පුළුවන් උනා .අදටත් දෙයියනේ කියලා ගේට්ටුවක්, ග්රිල් එකක් පාසන්න මට පුළුවන් .
මේ සියල්ල කරන ගමන් ආයේ මට හිතෙනවා ඉගෙන ගන්න ඕනි කියලා .ඒ සඳහා ලද දැනුවත් වීම මත නොවිධිමත් අධ්යාපන අමාත්යාංශය හරහා .මම ඉල්ලීමක් කරනවා මට ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා .
එයට යහාපත් ප්රතිචාර ලැබෙනවා .
හැබැයි මම පාසල් ගමන ආරම්භ කරන්න හදන්නේ 8 වසර සමත් වෙන්න විතරයි
.
මේකියන අනුදෙක වර්ෂය කියන්නේ .දැඩි ලෙසම යුද්ධය තිබුණු වර්ෂයක්.ඉතින් මටත් හමුදාවට යෑමේ දැඩි වුවමනාවක් තිබුණා ..
මං ඒ වෙනකොට පහ සමත් වුණත් ,අට සමත් අය විතරයි ඒකාලේ හමුදාවට ගත්තේ ඒ නිසා මට වුවමනා වුණා කොහොමහරි 8 වසර සමත් වෙන්න .
නොවිධිමත් අධ්යාපන අමාත්යාංශයේ නිර්දේශය පරිදි .මට විභාගයක් තියල පාසලට භාරගැනීමට ඒ කාලේ .බොරැල්ල එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරනායක විදුහලේ විජේසිරි විදුහල්පති පියාණන් කැමැත්ත පලකලා.
ඊට පෙර මාගේ පැරණි පාසලේ අස්වීම ලබාගත යුතු වුණා .අස්වීම ලබාගන්න පාසලට ගියාම .වෙනත් පාසලකට යනවා කියලා අස්වීම දෙනවා වෙනුවට ,දීර්ඝ නොපැමිණීම මත පාසලෙන් අස් කරනවා කියලා තමයි ලිව්වෙ .කමක් නැහැ ඒක අරගෙන මම බණ්ඩාරනායක විදුහලට ආවා.
මට විභාගයක් තිබූ විදුහල්පති පියාණන් මාව හත වසරට බඳවාගන්න කැමැත්ත පළ කළා .මම කැමැති උනෙ නැහැ හත වසරට යන්න ර්හ්මගේ දැඩි ඉල්ලීම නිසාම එතුමා මාව 8 වසර පන්තියට බඳවා ගන්නවා ඒ 1992/02/22
එදා එහේම පාසලේ අට වසරට ගියත්, හරියට පාසල් ගියා නම් ඒ මගේ ඕලෙවල් කරන අවුරුද්ද.
ඕ ලෙලෙවල් වයසේ ළමයෙක් 8 වසර පොඩි උන් එක්ක එකට ඉගෙන ගන්න නම් කොච්චර ලොකු ආත්ම ශක්තියක් හිතේ තියෙන්න ඔනේද ?
මට ඒ ප්රශ්න කිසිවක් අදාළ වුණේ නෑ මගේ එකම පරමාර්ථය වුණේ කොහොමහරි අට වසර සමත් කරගෙන පාසලෙන් අයින් වෙන එක.
මේක කියවන ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ
පාසලට ඇතුලත් වී මුලින්ම තිබ්බ අවසාන්ස් වාර පරීක්ෂකගේ මම තමයි පන්තියේ පලවෙනියා වුනේ .හැබැයි මුළු ලකුණුවල එකතුව ලකුණු 356.
ගණිතය 10 ඉංග්රීසි වලට 8
අවසන් වාර පරික්ෂණයෙන් පසුව විදුහල්පති තුමා මාව කැඳවලා ඔයාට හොඳට ඉගෙනගන්න පුළුවන් පුතා. ඔයාට මග හැරුන කොටස් අල්ලගන්න පූංච් පංතිවල ගණිත, ඉංග්රීසි පොත් පර්ශීලනය කරන්න මම ඔයාව ,9A පංතියට දානවා ඒකෙ තරඟෙ වැඩියි. හොඳට ඉගෙනගන්න කියලා කිවුවා
මම ඒක හොඳටම හිතට ගත්තා හමුදා සිහිනය පැත්තක තියලා සමන්ය පෙළ සමත් වෙනවා කියලා හිතට ගත්තා .බොරැල්ල තිලකරත්නාරාමයේ ජයවීර මිස්ගෙ අතිරේක පංති වලට යන්න ගත්තා .
පංතියට ගියාට මොකද ක්ලාස් ෆීස් ගෙවන්න ඔනේ. පාසල් වෙලාවෙන් පස්සෙ වගේම ක්ලාස් නැති දවස්වලට කුලිවැඩ වලට යන්න ගත්තා විශේෂයෙන් ඉරිදා සෙනසුරාදා .නුගෙගොඩ ට ඇවිත් කොන්ක්රිට් සැලබ් දාන්න යන කණ්ඩායම් සමඟ එකතුව ඒවට ගියා.
මේක කියවන ඔබ දැකලා ඇති කොන්ක්රිට් සැලැබ් දාන්න එන බහුතරය හෙරොයින් වලට ඇබ්බැහි වුණ අය එයලා උදේම හෙරොයින් පානය කරලා තමයි වැඩ පටන් ගන්නෙ.ආයි ඉතිං ඊට,පස්සෙ කිසිම විවේකයක් නැතිව යක්කු වගෙ වැඩ,ඒ වේගයට අපිත් වැඩකරන්න ඕනේ.
බොහෝ දුරට මම කලේ වැලි සවල ගහාන එක .එනම් කොන්ක්රිට් මිශ්රණයට අවශ්ය වැලි තාච්චි පුරවන එක. සමාහාර දවසට සවලට දියපට්ට ඇවිත් ඒවා පුපුරලා ලේ ගලනවා හීනයක් පසුපස යන්න ගත්තට පස්සෙ කොහොමහරි ඒක දිගෙ යන්න ඕනේ.
සමහර දවසට බෝඩීමට ආවාම මුළු ඇඟම රිදෙනවා .හැමදේම තනියම විඳගන්න ඕනේ.
මේ කාලයේ මම හිටියේ ගෙදර නොවෙයි .කාගෙවත් ආදරයක් නැතිව.කාගෙවත් බලපෑමකින් තොරොව ගෙවන ජිවිතෙ තුල කොමණ නම් වැරදි වැඩට පෙළඹෙන්න පුළුවන් ද.??
සමහර දවසට නොකා නොබි පාසල් ගිහින් තියෙනවා .කන්න නැහැ ,අඳින්න නැහැ කියන එක තමන්ගේ හීනයට බාදාවක් කරගන්න නරකයි මං කුලි වැඩ කරනවා කියලා පංතියේ ජයවීර මිස් දුටු නිසාම ඉන්පසු මම සල්ලි දෙන්න ගියාම ඒවා ගත්තෙ නැහැ .
ඔය අතර තුර පුංච් සිකුරිට් රක්ෂාවක් කරන්න ගත්තා. එහි මට ලැබුනෙ නිවසක ආරක්ෂක නිළධාරියෙකු ලෙස රාත්රී සේවා මුරයයි.හරිම
සතුටින් ඒක කරන්න ගත්තා.මොකද ට්කක් හරි පාඩම් කරන්න අවස්ථාව ලැබෙන නිසා.
ඔහොම වැටි වැට් වැට් නැගිට නැගිට කොහොමහරි සාමාන්ය පෙළ ලිව්වා සාමාන්ය පෙළ ලියද්දී මගේ වයස 19යි එතකොට මම උසස් පෙළ ලියන්න ඕනේ වයස .මට ඒවා කිසිම ගැටලුවක් වුණේ නැහැ .
සාමන්ය පෙළ ප්රතිපල නිකත් වුණා ලොකුවට නොවෙයි විෂයන් අටම සම්මාන 6 එක්ක සමත් වෙලා තිබුනා හිතට මාරම සතුටුයි තනියම කැපවෙලා.කිසිවකුගෙ මඟ පෙන්වීමකින් තොරව ලබාගත් ප්රතිපලය.
ඒක ඉහටත් උඩින්.
උසස්පෙළ පංතියට ආවා .මෙතනින් ප්රශ්න ඉවරයි ද නැහැ .තවත් ප්රශ්න රැසක ඇරඹුම
ජිවිතෙන් පලා යන කිසිම කෙනෙකුට කවදාවත් සතුටක් ලබන්න බැහැ .සතුට තියෙන්නේ අප තුලමයි අප එය සොයාගත යුතුයි. එහේම අප තුල තියෙන සතුට අපි දිකිනවානම් කිසිවෙකුට අපිව වට්ටන්න බැහැ .අපි වැටෙන්නෙත් නැහැ .
උසස්පෙළ සාමත්ව උපාධියක්.එයින් පසු ගුරුවරයෙක් .එයට පුහුණු සුදුකම වන පෂ්චාත් උපාධියක්. අධ්යපන ඩිප්ලෝමාවක්
විදුහල්පති ව්භාගය සමත් විදුහල්පති ශ්රේණි ධාරියෙක් .අද වන විට කොළඹ විශ්වවිද්යාලයේ අධ්යපන පති.(M ed. – Master of education ) උපාධිය හදාරන්න විද්යර්ථියෙක්.
එදා පහා වසරෙන් හැමදේම අත්හැරලා පැත්තට උනානම් අද කොහේද .
ඔබට යමක් කිරීමට,අවශ්ය නම් වයස ලෙඩ බාහිර බලපෑම් පැත්කට දාන්න .මම මේක ඉවරයක් වෙනකන් යනවා කියලා හිතන්න්න අතරමගදි අත් නොහරින්න ඔබ දිනවාමයි.
පාසල් ප්රේමය සහා ක්රීඩාව ගැන ආයි දවසක ලියන්නම්.
උපුටා ගැනීම:  ඉන්දුක ප්රනාන්දු …

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!