ප්‍රශ්න දෙකයි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙන්න මේකයි කතාව. ඔන්න කතාව.මෙන්න කතාව. මොකක් හිතුවත් ප්රශ්න දෙකයි.
එක ලමයෙක් හිටියලු. මෙයා යුද්දේ කාලේ හමුදාවට ඇප්ලිකේශන් එකක් දාන්න හදනවා. ඇප්ලිකේශන් එක දැම්මෙ නැත්තන් ප්රශ්නයක් නෑ. දැම්මොත් ප්රශ්න දෙකයි. ඉන්ටව් එන්න කියයිද? නැද්ද? . ඉන්ටව් එන්න ලියුම ආවේ නැත්තන් ප්රශ්නයක් නෑ. එන්න කීවොත් ප්රශ්න දෙකයි. යනවද ? නැද්ද?. ගියේ නැත්තන් ප්රශ්නයක් නෑ. ගියොත් ප්රශ්න දෙකයි. මාව තෝරගයිද? නැද්ද?. තෝරගත්තේ නැත්තන් ප්රශ්නයක් නෑ. තෝරගත්තොත් ප්රශ්න දෙකයි මායිම් ගම්වලට දායිද? යුධ පෙරමුණට දායිද? . මායිම් ගම්වලට දැම්මොත් ප්රශ්නයක් නෑ යුධ පෙරමුණට දැම්මොත් ප්රශ්න දෙකයි. වෙඩි වැදෙයිද? නැද්ද? වෙඩි වැදුනේ නැත්තන් ප්රශ්නයක් නෑ. වෙඩි වැදුනොත් ප්රශ්න දෙකයි. මැරෙයිද? නැද්ද?
මැරුණෙ නැත්තන් ප්රශ්නයක් නෑ. මැරුණොත් ප්රශ්න දෙකයි ගමට එවයිද? නැද්ද? ගමට එව්වොත් ප්රශ්නයක් නෑ ගමට එව්වේ නැත්තන් ප්රශ්න දෙකයි වලලයිද? පුච්චයිද?. වලලව්වොත් ප්රශ්නයක් නෑ. පුච්චව්වොත් ප්රශ්න දෙකයි අලු ගඟේ දායිද? හුලගේ යවයිද? ගගේ දැම්මොත් ප්රශ්නයක් නෑ හුලගෙ ගියොත් ප්රශ්න දෙකයි. ගිහින් පිදුරු ගොඩකට වැටෙයිද? මුඩු බිමකට වැටෙයිද?. මුඩු බිමකට වැටුනොත් ප්රශ්නයක් නෑ. පිදුරු ගොඩකට වැටුනොත් ප්රශ්න දෙකයි. ඒවගෙන් පොත් හදයිද? ටොයිලට් පේපර්ස් හදයිද? පොත් හැදුවොත් ප්රශ්නයක් නෑ . ඒත්. ටොයිලට් පේපර්ස් හදන්න. මේ මගෙන්. 😒 එක එකාගෙ පස්සවල් පිහින්නෙ මොකටද මගෙන් කියලා ඇප්ලීකේශන් එක ඉරුවලු.
ඔච්චරයි ඉතිං. මේක කීවේ අපේ ස්කෝලේ ප්රේමරත්න සර්. සර් නම් මේකේ නැතුව ඇති. සර්ව දන්න කෙනෙක් හරි ඉන්නව නම් මතක් වෙයි🤭
ආ දැන් ඔයාලා මේක කියෙව්වෙ නැත්තන් ප්රශ්නයක් නෑ.කියෙව්වොත් ප්රශ්න දෙකයි. නෑ. තුනයි. ලයික් කරයිද? කමෙන්ට් කරයිද.? ශේයාර් කරයිද. මොකක් කරත් මට මොකෝ.
ජායාරූපය අන්තර්ජාලයෙන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!