









බතලවල විටමින් A අඩංගු බීටා කැරොටීන් නම් ප්රතිඔක්සිකාරකය අඩංගු වන අතරම එමගින් සමට මනා පැහැයක් ලැබෙනවා සේම එය සම අධෝරක්ත කිරණ (Ultra Violet rays) වලින් ආරක්ෂා කරගැනීමට උදව් වේ.

නිවිතිවල අත්යවශ්ය පෝෂක හා ප්රතිඔක්සිකාරක වන Flavanoids,Carotenoids,විටමින් C, විටමින් E අඩංගු වන අතරම ඒවා ප්රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට දායක වේ. Flavourids මගින් සෙම්ප්රතිශ්යාව වළක්වයි.

ආහාර, තේ පැන් රස කිරීමට භාවිත ඉඟුරුවල ප්රතිප්රදාහක (anti inflammatory) ගුණයක් හා ප්රතිඔක්සිකාරක ගුණයක් පවතින නිසා සාර්ථක ලෙස රෝග වැළැක්වීමට උදව් කරයි. තවද ඉඟුරුවල පවතින Shagaols, gingerols යන සක්රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණයට ද උදව් වේ.

සුදු ලූණු හා ලූණු ආහාර රස කිරීම සඳහා යොදාගනී. සෙම්ප්රතිශ්යාව හා වෙනත් රෝග වැළදීමේ අවදානම අඩු කරයි. සුදු ලූණුවල අන්තර්ගත anicillin හා ලූණුවල අන්තර්ගත Quercetin නම් සක්රීය සංයෝග මගින් ආහාර නිසා කාලානුරූපීව ඇති වන රෝගවලින් වළක්වයි. ආහාර ජීර්ණය පහසු කරන අතර හෘදයේ නිරෝගීතාවය රකී.

මෙහි flavanoid වර්ගයේ anthocyanin නම් ප්රතිඔක්සිකාරකය අඩංගුය. මෙය අපේ ප්රතිශක්තීකරණ පද්ධතිය දියුණ කිරීමට ඉවහල් වේ. විශේෂයෙන් ස්වසන පද්ධතියේ රෝගවලින් මුදවා ගැනීමට උපකාරී වේ.

මේවායේ විටමින් C අඩංගු වේ. Sulforaphane නම් ප්රතිඔක්සිකාරකය අඩංගු වේ. මේ නිසා දිනපතා ආහාරයට ගත හැකි ප්රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරවන එළවළුවකි.

මෙහි Caffeine සුළු ප්රමාණයක් අඩංගු වන වේ. ප්රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මෙහි ඇති ප්රතිඔක්සිකාරක වන Flavanorids මගින් සෙම්ප්රතිශ්යාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

වට්ටක්කා කුලයට අයත් එළවළුවල ප්රතිඔක්සිකාරක, විටමින් A, විටමින් C, මැන්ගනීස්, මැග්නීසියම්, ෆෝලේට් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. ප්රතිශක්තිරණ පද්ධතිය ශක්තිමත් වේ.

ප්රතිප්රදාහක ගුණයක් පවතී. සුලබ රෝගවලට ප්රතිරෝධීය විටමින් A,C,K හා තන්තු අඩංගු වේ.

මෙහි විටමින් A, B1, B2, විටමින් C හා ප්රතිඔක්සිකාරක වන Flavanoids, Carotenoids හා Phenolic acid, poly phenol අඩංගු වේ. ප්රතිශක්තිරණය වැඩි දියුණු කරයි. ප්රෝටීන බහුල අහාරයක් වන අතරම ප්රෝටීන මගින් ප්රතිඔක්සිකරණය ඇති කරයි.

කජු, රටකජු, වට්ටක්කා ඇට වැනි ඇට වර්ගවල ප්රෝටීන බහුලය. මේදය, තන්තු, විටමින්, ඛනිජ ලවණ අඩංගුය. විටමින් E අධිකව පවතින අතර ප්රතිඔක්සිකාරක ගුණයක් පවතී.

ආහාර ජීර්ණය හිතකර Probiotics (good bacterial – හිතකර බැක්ටීරියා) අඩංගු වේ. ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීතාවය ආරක්ෂා කරයි. මේවායේ ප්රතිශක්තිරණය උත්තේජනය කළ හැකි ගුණයක් අඩංගු වේ.

මෙහි ප්රතිඔක්සිකාරක හා ප්රතිබැක්ටීරියා ගුණයක් පවතී. ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්ය වැඩිදියුණු කරයි. දරුණු රෝගවලට හේතු වන බැක්ටීරියා වර්ධනය කරයි.

ආසාධනවලට විරුද්ධව ක්රියාකාරී වීමේ හැකියාව ඇත. මෙහි මනා පෝෂක සහ ක්ෂුද්ර පෝෂක කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම් හා බීටා කැරොටීන් වැනි ප්රතිඔක්සිකාරක අඩංගු වේ. ඉන් ප්රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කරයි.

චීන වෛද්ය විද්යාවට අනුව මුල සහිත එළවළු මගින් ප්රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. බතල, කැරට්, බීට්, අල, අර්තාපල් විශේෂයෙන් ස්වසන පද්ධතියේ ප්රතිශක්තීකරණය සඳහා දායක වේ.


විටමින් C සහ E මගින් රෝග ඇති කිරීමට ඉවහල් වන Free radicals ජීවීන් විනාශ කරයි. ශරීරයේ ස්වභාවික ප්රතිශක්තීකරණයට උපකාරී වේ. ප්රතිඔක්සිකාරක ගුණයක් පවතී.

විටමින් E – කටුව සහිත ගෙඩි, ඇට වර්ග, නිවිති, බ්රොකොලි
අපේ ශරීරයට විටමින් බොහෝමයක් ලැබෙන්නේ ආහාර මෙගිනි. ඖෂධ ෙගින් බොහෝ පුද්ගලයන් විටමින් ලබාගැනීමට පුරුදු වී සිටියද ඉන් තමාගේ ශරීරයට අවශ්ය ප්රමාණය තීරණය කළ නොහැක. සමහර විටමින් වර්ග මගින් අතුරු ආබාධ ඇති කරයි. වෛද්ය උපදෙස් මත විටමින් භාවිතය වඩා සුදුසු වේ. විශේෂයෙන් විටමින් E අනවශ්ය ලෙස නොගත යුතු අතර එය සමහර අවස්ථාවලදී හානි කර වේ.

ප්රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණ කරයි. සෞඛ්ය සම්පන්න ජීවිතයකට මග පාදයි. රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවතී.

ඛනිජ ලවණ සියල්ලම පාහේ ප්රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණුවට දායක වේ. ඒ අතරින් පහත ඒවා වැඩි දායකත්වයක් දක්වයි.

සින්ක්
සුදු රුධිරාණුවල තිව්රභාවයට උපකාරී වේ. වට්ටක්කා, කටුව සහිත ගෙඩි, ඇට වර්ග හා බෝංචි වල අඩංගු වේ.

මූලාශ්‍රය: Suwa arana