රෝහණ රාජධානියේ අතීත ශ්‍රී විභූතිය කියාපාන ස්ථානයන් අතරින් තිස්සමහාරාමයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරින් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් ගත් කළ යටාල තිස්ස විහාරය වඩාත් වැදගත් වේ. තිස්සමහාරාමයේ ඇති ස්තූප අතරින් දෙවන ස්ථානය හිමිව ඇත්තේ ද මෙම යටාලතිස්ස වෙහෙරටයි. මෙය දෙවැනි වී ඇත්තේ තිස්ස මහා ස්තූපයට හා සඳගිරි ස්තූපයට පමණි.

මෙය නිර්මාණය කරන ලද නිර්මාපකයා සම්බන්ධයෙන් මතයන් ද්විත්වයක් ඉදිරිපත් වී ඇත. ඉන් එක් මතයක් වන්නේ මහානාග යුවරජුගේ පුත් යටාලතිස්ස රජු විසින් මෙම ස්තූපය ඉදිකරන ලද බවයි. අනෙක් මතය වී ඇත්තේ මහානාග යුව රජු අනුරාධපුර සිට මාගම කරා පැමිණීමේදී යටාල නම් ස්ථානයට ළඟා වී ඇත. එම අවස්ථාවේදී මහානාග රජුගේ බිසවට පුත් කුමරකු ලැබුණු අතර එම පුත් කුමරා උපන් ස්ථානය මෙම යටාලයයි. එම හේතුවෙන් යටාල ස්තූපය මෙම ස්ථානයේ නිර්මාණය කළ අතර කුමරාගේ නම ද යටාලතිස්ස යනුවෙන් තබන ලද බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ.
මෙම ස්තූපය තුළින් එකළ පැවති සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදි අංශයන් පිළිබද යම් චිත්‍රයක් මවාගත හැක. එමෙන්ම මෙය ඓතිහාසික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන්ද වඩා වැදගත් වේ. මෙය ලංකාවේ ඇති පැරණි ස්තූප අතරින් ඉතාමත් සුවිශේෂි කලාත්මක ලක්ෂණ විදහා දක්වන ස්තූපයන්ගෙන් එකකි. අතීතයේ මෙය සියලු අංගයන්ගෙන් සමන්විත ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට සාධක වර්තමානයේ පවා දැකිය හැකි වේ.
මේ පිළිබදව ගවේශන හා කැණීම් ද සිදු කර ඇත. 1986 වර්ෂයේ සිදු කරන ලද කැණීම් තුළින් වටිනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් අනාවරණය කරගෙන තිබේ. මෙහි අතීතයේ දළදා වහන්සේ වැඩ සිටින්නට ද ඇතැයි සිතිය හැකි ය. මා එසේ පැවසීමට හේතුවූයේ කැණීම්වලදී හමුවූ පුවරු ලිපියක මෙම ස්තූපය දළදා දාගැබ යනුවෙන් හඳුන්වා තිබීමයි. දළදා දාගැබට කරන ලද ගම්වර පූජාවක් පිළිබඳව පවා එම ලිපියේ සඳහන් වන බැවින් දළදා වහන්සේ කුමන හෝ කාලයකදී වැඩ සිටින්නට ඇතැයි සිතිය හැක.
එමෙන්ම ලංකාවේ මෙතෙක් හමුව ඇති ධාතු කරඩු අතරින් බොහොමයක් ධාතු කරඩු හමුව ඇති ස්ථානයන්ගෙන් එකක් වන්නේ ද මෙම යටාල වෙහෙරයි. මෙහිදී විවිධ ප්‍රමාණයේ ධාතු කරඩු හමුව ඇති අතර ඒ තුළ විවිධ වර්ගයේ පුරාවස්තු රැසක් ද හමුව තිබේ. විශේෂම කාරණය වන්නේ මේ තුළ විවිධ කැටයම් සහිත පලිගු ධාතු කරඩු ද හමුවීමයි. මින් පැහැදිලි වන කාරණය වන්නේ මෙම ස්තූපය තුළ ධාතුන් විශාල ප්‍රමාණයක් ඒ ඒ කාලයන් තුළදී තැන්පත් කොට ඇති බවයි.
මෙම ස්තූපය අනුරාධපුර රුවන්වැලි මහා සෑය තරම් විශාල නොවුවත් ඒ හා සමාන කලාත්මක ලක්ෂණ රැසක් මේ තුළ දැකිය හැකි වේ. මහා සෑයේ දැකිය හැකි පුරාණ ඇත් පවුර ඒ අකාරයෙන්ම මෙම යටාල වෙහෙර තුළ ද දැකිය හැක. මෙම යටාල වෙහෙර මහානාග යුවරජු හෝ යටාලතිස්ස රජු විසින් ඉදිකළේ නම් එය රුවන්වැලිසෑයට වඩා බෙහෙවින් පැරණි වේ. එනම් රුවන්වැලිසෑයේ ඇති ඇත් පවුරට වඩා යටාල ස්තූපයේ ඇති ඇත් පවුර පැරණි වන අතර අනුරපුර සිට පැමිණි කළාකරුවා මාගම ස්තූපයක් තුළ ඇත් පවුර ඉදිකර එම කලාව නැවත අනුරාධපුරයට රැගෙන ගොස් ඇති බව ඉන් පැහැදිලි වේ. මෙම ස්තූපයේ පාදම ආශ්‍රිත කොටස ජලයෙන් හා පසට යට වී ඇති බැවින් එහි නියම ස්වරූපය දැකගත නොහැක.
මෙය කලාත්මක අංග රැසකින් අනූන ස්තූපයකි. විවිධ සංවර්ධනීය තත්වයන් යටතේ මෙහි මුල් ස්වරූපය වෙනස් වී ඇති අතර එම වෙනස් වීම් සිදුව ඇති ආකරය අවබෝධ කර ගැනීම සඳහා කොටසක් සංවර්ධිත අවධීන් පෙනෙන පරිදි ඉතිරි කර සංරක්ෂණයන් සිදුකර තිබේ.
මේ තුළ ඉතා අනර්ඝ නිමාවෙන් යුත් වාහල්කඩ සතරක් තිබී ඇති බවට සාධක මෙම භූමිය තුළ අදටත් දැකිය හැකි වේ. මේවා ඉතා අලංකාර කැටයමින් වර්ණවත් කර තිබෙනු දැකිය හැකි වේ. මෙම සාධක තුළින් අතීතයේ මෙම ස්තූපය කෙතරම් විරාජමානව තිබෙන්නට ඇත් ද යන්න මනාව අවබෝධ කරගත හැකි වේ.

එමෙන්ම මෙහිදී දැකිය හැකි තවත් සුවිශේෂී නිර්මාණයක් වන්නෙ සෑ මලුවේ ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමයයි. මෙය ස්තූපය ඊසාන දෙසට වන්නට පිහිටා ඇති අතර අතීතයේ මේ සඳහා ප්‍රතිමා ගෘහයක් තිබී ඇති ආකාරය නටබුන්ගත සාධක තුළින් මනාව පසක් වේ. අද වන විට මෙම ප්‍රතිමාවේ දෙඅත් නොමැති අතර ගෘහයේ ගල් කණු කිහිපයක් ද දක්නට ලැබේ.
ස්තූපය වටා තරමක් විශාල ප්‍රමාණයේ ප්‍රතිමා ගෘහයන් කිහිපයක් ද ඇති අතර ඒ තුළ ශිලාමය බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබේ. එම ගෘහවල ගල් කණු හා බුද්ධ ප්‍රතිමා අදටත් එම ආකාරයෙන්ම දැකිය හැකි වේ. මෙහිදී හමුව ඇති බුද්ධ ප්‍රතිමා අතරින් ඉතාමත් සුවිශේෂී ලක්ෂණයක් සහිත එක් බුද්ධ ප්‍රතිමාවක් හමුව තිබේ. එය පොලොන්නරුවේ ගල් විහාරයේ ඇති ලය මත දෑත තබාගෙන සිටින ප්‍රතිමාවට බොහෝ සෙයින් සමාන වේ. අතීතයේ මෙම යටාල ස්තූපය වටා බුද්ධ ප්‍රතිමා තැන්පත්කර ඇති ප්‍රතිමා ගෘහයන් කිහිපයක් හා එක් බෝසත් ප්‍රතිමාවක් සහිත ප්‍රතිම ගෘහයක් පැවති බව මනාව තහවුරු වේ.
මෙහිදී විශාල ප්‍රමාණයේ මල් අසුනක් හමුව ඇති අතර එය රිදියගම ජලාශය ආශ්‍රිතව හමුව ඇති මල් අසුනට සමානකම් දක්වයි. 1980 දී සිදුකරන ලද කැණීම් මගින් සොයාගත් සාධක රැසක් ද ඒ අතර වේ. කැසිකිලි ගල්, ගල් කැටයම් කොටස්, පුවරු ලිපි, කල්පරුක්ෂ කැටයම්, ටෙරාකොටා ප්‍රතිමා හා කොටස්, මැටි බදුන්, විවිධ වර්ගයේ ගඩොල්, ලෝහ භාණ්ඩ, ශෛලමය ඡත්‍ර කොටස් ඒ අතර වේ.
මෙතෙක් එකම ස්ථානයකින් හමු වූ වැඩිම ශිලාමය ඇඹරුම් ගල් සමූහය තිබී ඇත්තේ ද මෙම යටාල වෙහෙර භූමියේ වීම විශේෂත්වයකි. මෙහිදී විවිධ ප්‍රමාණයේ හා විවිධ ආකෘතින්ට අනුව නිර්මාණය වූ ඇඹරුම් ගල් රාශියක් දැකිය හැකි අතර ඒවා එම ස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අදටත් මෙම භුමිය තුළ විශාල ප්‍රමාණයේ ඡත්‍ර කොටස් දැකිය හැකි වේ. මේ තුළින් අපට නියත වශයෙන් යම් නිගමනයකට එළඹිය හැක. එනම් මා මුලින් සදහන් කළ ආකාරයට එම ස්තූපය විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක්ව ඇති බැවින් එහි මුල් ස්වරූපය විනාශ වී ඇත. එහෙත් මෙම ඡත්‍ර තුළින් පෙර පැවති මුල් ස්වරූපය කෙබදු ද යන්න චිත්‍රණය කරගත හැක. එනම් මුල් කාලීනව සාංචි ස්තූපයේ ආකෘතියට සමාන ලෙසින් ඡත්‍රයක් සහිතව මෙය පවතින්නට ඇත. ඒ බව ස්තූපය අසල ඇති ඡත්‍ර කොටස්වලින් හා ඡත්‍ර කණු කොටස් තුළින් මනාව තහවුරු වේ. පසුකාලීනව ඡත්‍ර කොටස් කඩා වැටීම් ආදිය හේතුවෙන් විනාශ වී ඇති අතර පසුව මෙරටට ආවේණික ස්තූප කලාවක් ප්‍රචලිතවීමත් සමඟ දේශීය මුහුණුවරකින් මෙම ස්තූපය ප්‍රතිසංස්කරණයට ලක්ව ඇති බව පෙනේ. ඉන් පසු මෙම ස්තූපය තුළින් ඡත්‍රය සම්පූර්ණයෙන් ම ඉවත් වූ අතර ඒ වෙනුවට කොත් කැරැල්ල එකතු වී තිබේ. එනම් මේ තුළින් සංස්කෘතිකමය වශයෙන් එකල සිදු වූ ගලායෑම මනාව නිදර්ශනය වන බව තහවුරු වේ. මේ අකාරයෙන් විමසා බැලීමේදී යටාල වෙහෙර යනු එක් ස්තූපයක් නොවන අතර එය මාගම රාජධානිය තුළ පැවති සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා කලාත්මක අංශයන්හි විකාශනය මැනවින් විදහා දක්වන ලද එතිහාසික තොරතුරු මධ්‍යස්ථානයක් බැව් සනාථ වේ.

උපුටා ගැනීම: The Lanka Post