ලෝකයේ ව්‍යාපාරික කටයුතු සමග ඒකාබද්ධව කටයුතු කරන අද ලෝකයෙ ඉහලටම පැමිණ තිබෙන ක්ෂේත්රයක් තමයි භාණ්ඩ ප්‍රවාහනය සහ සැපයුම කියන්නේ.මෙම ක්ෂේත්රය ව්‍යාපාර වලට, රජයට, කාර්මික කටයුතු වලට, ව්‍යාපාරික කටයුතු වලට, කෘෂිකර්මාන්තයට සහ පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ව බැඳී තිබේ.එහිදී මේ ක්ෂේත්රයේ දී කළමනාකාරිත්වය පිළිබඳව ගැටලු බොහෝ සෙයින් වර්තමානයේ දී පැන නගින නිසාවෙන් ඒ පිළිබඳව වැඩ ලෝකයට අත්‍යවශ්‍ය කරන කුසලතාවලින් සහ දැනුමෙන් පරිපූර්ණ වෘත්තිකයන් බිහි කිරීම සඳහා වර්තමානයේ දී පෞද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාල වල “සැපයුම් දාම කළමනාකරණය, ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණය” උපාධි පාඨමාලා හඳුන්වා දී තිබෙනවා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්රයෙන් උපාධියක් ලබා ගැනීමට බොහෝ විට පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුලත් වන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉහළ ගුණාත්මක බවක් සහිත මෙම උපාධි පාඨමාලාව මේ වන විට සිසුන්ට හැදෑරීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා.
ප්‍රවාහන සහ සැපයුම් උපාධි හිමි වෘතිකයින් හට ප්‍රධාන වශයෙන් සහ බහුලව තෝරාගත හැකි රැකියා අවස්ථා.

- සැපයුම් උපදේශක
- සැපයුම් සැලසුම්කරණය
- නැව් සම්බන්ධීකාරකවරුන්
- භාණ්ඩ ප්‍රවාහන කළමනාකරුවන්
- වරලත් නියෝජිතවරුන්
- නැව් තැරැව්කරුවන්
- සැපයුම් දාම කළමනාකරුවන්
මොරටුව විශ්ව විද්‍යාලයෙ ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ උපාධි පාඨමාලාව ගැන හැඳින්වීම.
මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ උපාධිය (Bachelors Degree Program in Transport & Logistics Management (BSc. (Hons) T&LM)) අධ්‍යයන කාල වසර 4කින් යුක්ත වන අතර සම්පූර්ණ පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙයි.
ඒ වගේම මෙම උපාධි පාඨමාලාව විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ප්‍රවාහන ක්ෂේත්රය වර්තමානයට ගැළපෙන පරිදි තාක්ෂණිකරණය සහිතව කළමනාකරණය කිරීමයි.එහිදී දැනුම, කුසලතාවය, ආකල්ප, නව්‍යකරණයට ලක්වන රැකියා ක්ෂේත්රය පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරනවා. අවසන් වසරේදී සති 24 ක පමණ කාලයක් ගුවන් ක්ෂේත්රය,නාවික ක්ෂේත්රය, ප්‍රවාහන හෝ සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්රය තුළ පුහුණු වීමක් ලබා ගැනීමේ අවස්ථාවක් හිමි වෙනවා.

උපාධි පාඨමාලාව ප්‍රධාන වශයෙන් පහත සඳහන් කොටස් ඔස්සෙ විෂයයන් වලට සකස් කර ඇත.
- ප්‍රවාහනය
- ගුවන් ක්ෂේත්රය
- නැව් ක්ෂේත්රය
- පොදු ප්‍රවාහනය
- සැපයුම් ක්ෂේත්රය
- ආර්ථික විද්‍යාව
- කළමනාකරණය
- ගණිතය
- තොරතුරු තාක්ෂණය
- සන්නිවේදනය
