මේක බලු කතාවක්. අපේ ගෙවල් ලඟ හිටියා ගෙයක් දොරක් නැති බැල්ලක්. ඇඟ පුරාම කුෂ්ඨයක් හැදිලයි තිබුණෙ.එයා කෑමට යන්න පුරුදු වෙලා හිටපු ගෙවල් කිහිපයක් තියනවා .එහෙම ගිහිල්ලා දෙන්නෙ මොනවද සම්බෝලයි බතුයිද කාලා පාඩුවේ ආයෙ පාරටම යනව. එයා උනත් තේරුම් ගන්න ඇති ගෙදරක නවත්ත ගන්න කවුරුත් කැමති වෙන එකක් නෑ කියන එක.වෙන අය නම් ගෙදර පදිංචි වෙනවනෙ.ඒත් එයා එහෙම නෑ.එයා ජීවත් උනේ පාරේ .වැස්ස වෙලාවට නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ ඒත් කාගෙවත් ගෙදරකට නම් යන්නෙ නෑ…ඒක ශුවර්…අපේ ගෙදරටත් මෙයා කෑම විසිට් එකට යනව එනව…
හැබැයි කන්න දුන්න කෙනෙක්ට පාරෙදි මෙයාගෙ කෘතගුණ සැලකීමෙන් ගැලවෙන්න නම් බෑ..නැට්ට පැයට කිලෝමීටර් සීයක විතර වේගෙකින් කරකව කරකව පොලවෙ පස් කාගෙන උඩ පැනල විකාරයක් කරනව..මෙයාගෙ මේ ගතිය නිසා මම මෙයාට දැම්ම නමක් ප්‍රේමවතී කියල..එරොප්පෙ ජිමී, ටයිසන්,ටාසන් ලගෙ නම් දාන එකේ ආයෙ මොකෝ මම ඒ නම දැම්මට …
එක දවසක් ඒ නම කියන එක මම සදහටම නැවැත්තුවා..නෑ නෑ ඌ මැරුණෙ නෑ ඒත් මම මැරුණ නම් හොඳයි කියල හිතුන එදා…
එදා අපේ පවුලෙ හිතවත් පවුලක් ආවා අපේ ගෙදර .ඒ පවුලෙ නැන්දයි, මාමයි, දරුවයි.. අපි ඔක්කෝම සාලෙ කතා කර කර හිටියා…ඒ නැන්දයි මායි එක ලඟ වාඩිවෙලා හිටියෙ.. මේ අතරෙදි මේං එනව ප්‍රේමලතා කෑමට .දවස් කීපයකින් ආවෙත් නැති නිසා මම
ආ… ප්‍රේමලතා මොකෝ මෙ පැත්තෙ ?අද කොහෙන්වත් කන්න ලැබුනෙ නැද්ද කියල ඇහුවා .එකපාරම කතා කර කර හිටපු හැමෝම කතා නැතුව ගියා…මට ඒත් ගාණක්.නෑ.. මම ඔහේ ප්‍රේමලතා කිය කියා එයාව හුරතල් කර කර බිස්කට් එක්කුත් ජනේලෙන් එලියට විසිකලා හරියට ඔටාරගෙ මැඩම්ගෙ මල්ලි කෙනෙක් වගේ බලු ප්‍රේමයෙන්…
ලඟ හිටපු නැන්දා කාටත් හොරෙන් මගෙන් ඇහුවා ඇයි පුතේ එයාට ප්‍රේමලතා කියන්නෙ? කියල … මම ඉතින් විස්තරේ රස කරල මුල ඉඳන් කියන්න ලෑස්ති වෙන්කොටම මට ඇහෙන නෑහෙන ගානට ඇහුනා මමත් ‘ප්‍රේමවතී’ කියල..!!!!
ඇත්තමයි හිතවතුනි එතන යන්තං හරි කැපෙන මොකක් හරි ගැජට් එකක් තිබුණ නම් චරාස් ගාලා මම බෙල්ල කපා ගන්නවා දෙකට වෙන් වෙන්නම…
මේවා හතුරොන්ටම වෙන්න ඕන වැඩ අප්පා……
ආයෙ නං මිනිස්සුන්ගෙ නම් වලින් සත්තු අමතන්නෙ නෑ කියල හිතා ගත්තා…
උපුටා ගැනීම: Madubashana Gedarakumbura