දීග යන්නේ දීග කන්න වුනාට දීගේ කාලා මොකටද..
ප්රේමය ලබන්න බැරි ප්රේමය ලැබෙන්නේ නැති තැනක
කුමටද මුද්දකට සීමා වුන දීගයක්
කලානම් පෙමක් අසම්මතයේ සිට
කැගැහුව්වේ මිනිසුන් නම් සමස්තයක්
නමුත් කොහෙද ලියවිලා තියෙන්නෙ ගෑණියෙක්ට
නැවත ප්රේමයක් ඇතිවෙන්නේ නෑ කියන එක..
කොහෙද ලියවිලා තියෙන්නෙ කොල්ලෙක් ගැහැණියකට
ආදරය කරන එක වරදක් කියන එක…
නීතියට ප්රේමය පටලවාගෙන කතා හදන සමහරක් උන්
එච්චරටම සීනි කිරන්න ඇයි උන් තරාදිද
නීතියට තහනම් වුනාට ප්රේමයට කොහෙන්ද තහනමක්
අසම්මත වුනත් ඇස් ඇරගෙන ප්රේමය විඳිනවානම්
උසාවියේ තියන ඇස් බැදපු පිළිමයකට පුළුවන්ද
ප්රේමය දකින්න කවදාකවත්
වැරදි තැනක වුනත් හරි දෙයක් වෙන්නම බැරිද
ප්රේමය ලැබෙන්නේ නැති තැනට ප්රේමය එකතු වෙන එක
වරදක් කියලා හිතන මිනිස්සු ළග කොහෙද කොටින්ම ප්රේමයක්
උන් ළග කෙහෙන්ද හරි හමන් ඒකට පිළිතුරක්
වැරදි වුනත් හිත හරි කියනවානම් කුමටද නීතියක්
එතන තියන්නේම ප්රේමයක්
එහෙව් සෙනෙහසකට කොහෙන්ද සීමාවක්
අසම්මතයක් කියන තැන තියෙන්නට බැරිද
අසීමාන්තික ආදරයක්
නමුත් ප්රේමයට කොයින්ද අසම්මතයක්
ප්රේමය කියන්නේම සම්මතයක්…
එතන තියෙන්නෙ ප්රේමයක්නම් නම්
ප්රේමයට නෑ අසම්මතයක්..
Romesh A Silva
මූලාශ්‍රය: Ranjani Indi