ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ටී වි එකේ ඔන්න ඔය ටික කියනකොට හිතෙනවා අම්මලා තාත්තලාව අසරණ කරන්න හිතාගෙන ඒ ඇඩ් එක හදපු පීඩියාප්රෝ කාරයො කොච්චර නම් දුශ්ටද කියලා..
ඔයාලටත් පොඩි කාලෙ තිබ්බද බහුබූත ප්රශ්න සෙට් එකක්? මූණට අහුවෙන අහුවෙන එකාගෙන් රටේ නැති ප්රශ්න අහලා ඒ මිනිස්සුන්ව අන්දුන් කුන්දුන් කරලා තියෙනවද?
මං නම් ඇපත් නැති වෙන්නම කොර කරලා තියෙනවා ඒ වගේ ප්රශ්න අහලා. ගොඩක් වෙලාවට ඒකටත් ඉතින් අපේ අම්මව තමා අහු වෙන්නෙ මට..
දැන් ඉතින් මං මේ ලියන්න යන එක කියවලා අම්මෝ මේකිව එල්ලන්න එපැයි.. මේ මොනවද ලියලා තියෙන්නෙ… මේවා සංස්කෘතියට පටහැනියි.. කියලා කැති මන්න හොයන්න දුවන්න එපා. මොකද ඕව හෙව්වට මට ගහන්න බෑනෙ. හූ හූ…
හිච්චි කාලෙ මට හෙන ප්රශ්නයක් වෙලා තිබ්බා බන්ඩියෙ බබෙක් හැදෙන්නෙ කොහොමද කියලා.. හිච්චි කාලෙ කියන්නෙ ඉතින් ඉස්කෝලෙ 3 වසරෙ වගේ ඉඳන් 7 වසරෙදි ප්රජනනය පාඩමට එනකන්ම ඔය ප්රශ්නෙ හිතේ කොනක නෙමේ මුලු හිතේම පැල පදියන් වෙලා අතු බෙදිලා තිබ්බා.
ඕක ඉතින් මං අහු වෙන අහු වෙන එකාගෙන් ඒ දවස් වල අහනවා..
‘බංඩියෙ බබෙක් හැදෙන්නෙ කොහොමද?’
පංති භාර ටීචර්ගෙන් ඇහුවම ටීචර් සාරිය කනවා..
හොඳම යාලුවගෙ අම්මගෙන් ඇහුවම ඒ ඇන්ටි සිහි නැතුව වැටෙන්න යනවා..
අපේ අම්මගෙන් ඇහුවම රටේ නැති වැඩ මතක් වෙලා එතනින් දුවනවා..
හරිහමන් උත්තරයක් නැති වෙනකොට මට ඉතින් තවත් මේනියාව වැඩි වෙනව ඕක දැනගන්න.
කවුරුත්ම කියන්නෙ නැති තැන ඔන්න මං මගේම තියරියක් ගදාගත්තා පැටියා කාලෙ ඉඳන් බීපු ඇන්කර් වහු කුක්කු වල බලයෙන් පෑදුනු මොලේ කල්පනා කරලා.
බබෙක් හැදෙන්නෙ මෙහෙමයි…
බත් ඇටේකින් ඇඟ හැදෙනවා
මැල්ලුම් කෑලි වලින් කොණ්ඩෙ හැදෙනවා
මිරිස් කුඩු එක්ක වතුර කලවම් වෙලා ලේ හැදෙනවා…
හරිනෙ වැඩේ… ඔය තියෙන්නෙ. ඕක තමයි කට්ටිය මගෙන් හැංගුවෙ. දැන් ඉතින් ඊලඟ පියවරේදි මට ඕන උනා ඕක හරියනවද බලන්න.
හැමදාම ඉතින් අපේ අම්මා බත් කැව්වම බඩ දිහා බලන් ඉන්නෙ බබෙක් ඉන්නවද කියලා දැනගන්න.
ම්හ්… හරි යන්නෑ.
මේක නෙමේ හරි විදිහ. හොයලම බලන්න ඕන. කොහොමද මගේ උනන්දුව
දවසක් අම්මත් එක්ක බස් එකේ යනකොට ඔන්න ලොකු බණ්ඩියකුත් එක්ක ඇන්ටි කෙනෙක් නැග්ගා බස් එකට. එයාට සූටි බබෙක් හම්බෙන්න. මං අම්මගෙ උකුලෙ ඉඳගෙන හිටියෙ. ඕක දැක්කා විතරයි හිත පතුලේ බුර බුරා ඇවිලෙන අර ප්රශ්නය දුම් දම දම එලියට එන්න ගත්තා. අම්මගෙන් අහල වැඩක් නෑනෙ. මොලේ කල්පනා කරලා හැරුනා සීට් එකේ එහාපැත්තෙ වැඩ සිටි අංකල්ගෙ පැත්තට..
හොඳ හුස්මක් ඇදලා අරන්, කටත් උල් කරගෙන, මහ හයියෙන්….
“මාමේ….. බංඩියෙ බබෙක් හැදෙන්න මොකක්ද කරන්න ඕන”
කට ඇරුන පාර අංකල්ගෙ කටේ තිබ්බ චුයින්ගම් එක බිමට වැටුනා..
අම්මා මගෙ කට තද කරගත්තා..
බස් එකේ ඔක්කොම ඔලු හතර අතේ කරකලා මායි අම්මයි දිහා බැලුවා..
එතන තවත් වාසය කරන්න බැරි කමට අම්මා මාවත් කිහිල්ලෙ ගහගෙන බෙල් එකේ එල්ලුනා සුපින්වතුනි. බස් එකෙන් බැහැලා ඉතුරු මුලු දුරම මාවත් ඇදන් පයින්ම දිව්වා
මොන යකාද දන්නෑ කිව්වෙ පොඩි උන් ප්රශ්න අසමින් ඉගෙන ගන්න ඕනි කියලා!
ඒත් ඉතින් ඔය ප්රශ්නෙට උත්තරයක්නම් හම්බුනේ නෑ මට. ගෙදර ගිහින් හම්බුන ගුටි පූජාවටයි සෙත් කවි ශාන්තියටයි පස්සෙ ආයෙ ඒ ප්රශ්නෙ ඇහුවෙ නෑ කාගෙන්වත්
ඉතින් දැන් මං හැදිලද? නෑ නෑ…. මොන පිස්සුද? ඊට වඩා එකක් අල්ලගෙන ඒ පාර.
අපේ ගෙදර හිටියා පූසියෙක්. ඕකිවත් මං තමා පාරෙ ඉඳලා දවසක් කුදලගෙන ඇවිත් තියෙන්නෙ.
පේන්න නැතුවට අම්මා ටිකක් විපරම් කරලා බලද්දි මං එනවලු තඩි පූසෙක් එල්ලගෙන කකුල් පැටලි පැටලි. ඒ සතා දිගයිලු මට වඩා.
ආයෙ කොච්චර එලෙව්වත් ඌ නෙමෙයි ගෙදරින් ගියේ. කලින් ආත්මෙක ණය කාරයෙක් වෙන්න ඇති කියලා හිත හදාගෙන ඉන්න දුන්නලු ඉතින් ගෙදර අය.
ගෙදර අයගෙ ඇස් උඩ ගියේ සතියක් විතර යනකොට ඒ සතාගෙ බඩ ලොකු වෙනව දැක්කම. විනාසයි.. ඌට පැටව් හම්බෙන්න.
දැන් ඉතින් පූස් හාමිනේගෙ බඩ ලොකු වෙන්න වෙන්න මගෙ මොලේ ඇතුලෙ ප්රශ්නයක් ලොකු වෙනවලු.
“අම්මේ… පූසි කිටී පැටව් එලියට ගන්නෙ කොහෙන්ද?”
මලා! දැන් දීපන්කො උත්තර. ඒ වෙද්දි අම්මා මට්ටු වෙලා හිටියෙ උත්තර නොදීම ඉඳලා කාපු කට්ට නිසා. ඒ නිසා මේ පාර ටිකක් මොලේ කල්පනා කරලා දුන්නා උත්තරයක්..
“කටින් පුතේ…”
දැන් කෙල්ලට හරි සතුටුයි. හම්බුනානෙ උත්තරේ.
කාලෙ ගෙවුනා. උදේක මං නැගිටිනකොට පූස් අම්මා පැට්ව් ටික එලියට අරන්.. හැබැයි ලේ වලින් නෑවිලා. ටිකක් වෙලා බලන් ඉද්දි තව ප්රශ්නයක් මට…
“අම්මේ… ඇයි පැටවුන්ගෙ ඇඟේ ලේ??”
අම්මත් සෙකන්ඩ් උනේ නෑ මිත්රවරුනි..
“ඒ පැටව් එලියට එද්දි දත් වැදිලා…”
7 වසරට එනකන්ම මං මගේ ඇගේ තුවාල පැල්ලම් හෙව්වා දත් වලට සීරුනු ලකුණු තියෙන. ඇයි ඉතින් හරිනම් මාවත් තුවාල වෙන්න එපැයි අම්මා කියන විදිහට..
  උපුටා ගැනීම :  ✍🏼Madushika Sugandini

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!