පෘථිවිය වේගයෙන් භ්රමණය වීම පිළිබඳව විද්යාඥයින් පවසන දේ මෙසේය විද්යාඥයින් පවසන ආකාරයට පෘථිවිය වසර 50 කට පෙර තිබූ වේගයට වඩා වේගයෙන් භ්රමණය වන නිසාත්, පසුගිය වසරේ සිට සාමාන්යය භ්රමණයට වඩා සම්පූර්ණ දිනයක් ගත වීමට අඩු කාලයක් ගතවන නිසාත්, එක් දිනක් පැය 24 කට වඩා කෙටි වන බවත්ය.
ඩේලි මේල් පුවත්පතට අනුව, විද්යාඥයින් 1960 වර්ෂයේ වාර්තා තබා ගැනීමට පටන් ගත් දිනයේ සිට 2020 ජුලි 19 වන දින කෙටිම දිනය වූ බවයි. සම්පූර්ණ පැය 24 ට වඩා මිලි තත්පර 1.4602 ක් පමණ දිනය කෙටිවී ඇත. දශක ගණනාවක් තිස්සේ පෘථිවිය භ්රමණය සම්පූර්ණ කිරීම සඳහා පැය 24 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව විද්යාඥයින් වාර්තාවලින් පෙන්වා දී ඇත. 2020 දෙසැම්බරයේ දී ලෝක නිල කාලසටහනට “ලීප් සෙකන්ඩ්” එකතු නොකරන බව පැරීසියේ ජාත්යන්තර පෘථිවි භ්රමණ හා විමර්ශන පද්ධති සේවය (IERS) පසුගිය ජූලි මාසයේදී නිවේදනය කළේය.
විද්යාඥයින්ට අනුව, එක් දිනක් සාමාන්යයෙන් පැය 24 ට වඩා තත්පර 0.5 ක් පමණ කෙටි වේ. කාල වෙනස පරමාණුක මට්ටමින් පමණක් දැකිය හැකි වුවද විශේෂඥයන් පවසන්නේ එහි බලපෑම සැලකිය යුතු මට්ටමක තිබිය හැකි බවයි. එක්සත් රාජධානියේ ජාතික භෞතික විද්යාගාරයේ පීටර් විබර්ලි ටෙලිග්රාෆ් සමඟ අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වසර 50 ක කාලය තුළ පෘථිවිය කෙමෙන් කෙමෙන් වේගය වැඩි වෙමින් කැරකෙන බවයි. 2015 දී කරන ලද අධ්යයනයකින් කියැවෙන්නේ පෘථිවියේ වේගවත්ව භ්රමණයට හේතුව වන්නේ ගෝලීය උණුසුම බවයි
උපුටාගැනීම dailymail english paper
මූලාශ්‍රය: රාම් වණා